IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


වඳුරකු සමඟ ඉරාන රොකට්ටුවක් අභ්‍යවකාශයට

වඳුරකු සහිත රොකට්ටුවක් සාර්ථකව අභ්‍යවකාශයට යවා එය යළි ගෙන්වා ගැනීමට ඉරානය පෙරේදා (28) සමත් විය.

‘පිෂ්ගම්’ ලෙස නම් කළ එම රොකට්ටුව, කිලෝ මීටර් 120 ක් ඈත අභ්‍යවකාශයට රැගෙන ගියේ කුඩා අළු වඳුරකු බවත් එම වඳුරාත් රොකට්ටුවත් නිරුපද්‍රිතව ආපසු ගෙන්වා ගැනීමට තම විද්‍යාඥයන්ට හැකිවූ බවත් ඉරාන ආරක්ෂක අමාත්‍ය අහ්මඞ් වහීඞී පවසයි. ‘පිෂ්ගම්’ ඉරානයේ නිෂ්පාදිත රොකට්ටුවකි.
අනාගතයේ දිනෙක ගගනගාමියකු අභ්‍යවකාශයට යැවීමේ මුල් පියවර මේ අයුරින් සාර්ථකව තැබීමට තම විද්‍යාඥයන් සමත් වූ බවත්, ‘පිෂ්ගම්’ රොකට්ටුව උඩු ගුවනට යැවීම පමණක් නොව එය ආපසු ගෙන්වා ගැනීම ද ඉරානය ලැබූ විශාල ජයග‍්‍රහණයක් බවත් ඉරාන ආරක්ෂක ඇමැතිවරයා වැඩි දුරටත් කියා සිටී.
‘පිෂ්ගම්’ රොකට්ටුව අභ්‍යවකාශයට යැවීම සම්බන්ධයෙන් බටහිර රටවල් පවසන්නේ, ඉරානය අත්හදා බැලූවේ රොකට්ටුවක් නොව න්‍යෂ්ටික යුද ශීර්ෂයක් රැගෙන යා හැකි බැලැස්ටික මිසයිලයක් කියාය.
බැලැස්ටික මිසයිල යනු දිගු දුර මිසයිල වර්ගයකි. එක් මහද්වීපයක සිට තවත් මහද්වීපයකට විදිය හැකි මියසිල බැලැස්ටික මිසයිල යනුවෙන් හැඳින්වෙයි.
ඉරානය ‘පිෂ්ගම්’ රොකට්ටුව ගුවන් ගත කළේ එරට න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් බටහිර රටවල් සමඟ යළිත් වරක් සාකච්ඡුා පැවැත්වෙන අතරතුරේදීය.
න්‍යෂ්ටික වැඩසටහනට මුවා වී පරමාණු බෝම්බ නිපදවනවා යැයි උතුරු කොරියාවට මෙන්ම ඉරානයටත් චෝදනා එල්ල වී ඇත.
ඉරාන රජය පවසන්නේ ඔවුන් එම න්‍යෂ්ටික වැඩසටහන ආරම්භ කළේ රටේ බලශක්ති අර්බුදයට පිළියම් සෙවීමට කියාය. ඉරානය ඔවුන්ගේ අභ්‍යවකාශ කටයුතු මෙන්ම න්‍යෂ්ටික බලාගාරයේ ද කටයුතු සිදුකරන්නේ රුසියාවේ සහාය ඇතිවය.
ඉරානය මේ වනවිට චන්ද්‍රිකා  කිහිපයක්ද සාර්ථකව උඩු ගුවනට යවා ඇත. ඉරානය මීට පෙර පළමු වරට සතුන් උඩු ගුවනට යැව්වේ 2010 වසරේ පෙබරවාරි 3 වැනිදාට යෙදුණු ඉරාන විප්ලවයේ 31 ක් වැනි සැමරුම නිමිත්තෙනි.එම සතුන් වූයේ මීයකු, ඉබ්බන් දෙදෙනකු සහ පණුවන්ය.
එම සතුන් අභ්‍යවකාශයට රැගෙන ගියේ ද ඉරානයේම නිෂ්පාදිත ‘කොවොෂ්ගාර් 3’ නමැති රොකට්ටුවයි. එම සතුන්ද නිරුපද්‍රිතව පෘථිවියට ගෙන්වා ගැනීමට ඉරාන විද්‍යාඥයෝ සමත් වූහ.
මිනිසා අභ්‍යනකාශයට යෑමට පෙර, සතුන් යොදා පරීක්ෂණ සිදු කිරීම ඇරැුඹුණේ 1947 වසරේ සිටය. සෝවියට් සමූහාණ්ඩුව (රුසියාව), ඇමෙරිකාව, ප‍්‍රංශය, චීනය සහ ජපානය ද අභ්‍යවකාශයට සතුන් යවා විවිධාකාරයේ පරීක්ෂණ සිදු කර ඇත.
මිනිසාට අභ්‍යවකාශය ජය ගැනීමට දොරටු විවර කළේ 1957 වසරේ සෝවියට් විද්‍යාඥයන් ‘ස්පුට්නික් 2’ රොකට්ටුවේ ආධාරයෙන් පෘථිවි කක්ෂයට යැවූ ‘ලයිකා’ නම් බැල්ල නිසාය.



අදහස් (0)

වඳුරකු සමඟ ඉරාන රොකට්ටුවක් අභ්‍යවකාශයට

ඩයස් Wednesday, 30 January 2013 06:02 PM

ඔයගැන කලබල වියයුතු නැහැ. රාවණා යුගයේත් වානර හමුදාවක් හිටියා කියනවානේ. ඉතිං දැන් ලෝකය දියුණු නිසා සමහර රටවල් කාන්තාවන් ඉදිරි පෙරමුණට එවන්න කටයුතු කරන නිසා , පිරිමි හමුදාවක් ඉදිරි පෙරමුණට ආවොත් මොනවායින් මොනවා වෙලාහරි මානව හිමිකම් කැඩුනොත් කියලා, බොරුවට නඩුදාන නිසා, එයාලාත් වානර හමුදාවක් පුරුදු පුහුණු කරනවා ඇති. වදුරන්ව ජිනීවා ගෙනියන්න බෑනේ. (නි)

:       0       0

ලලිත් - කටාර් Wednesday, 30 January 2013 12:16 PM

ආසියාවේ රටක් මොනවා කළත් බටහිර රටවල් වලට පෙන්නන්න බැරි හැටි? (නි)

:       0       0

සෙනරත් Wednesday, 30 January 2013 12:24 PM

වෙන රටවල් මිනිස්සු යවන කාලේ මෙයාලා මොකද වදුරන්ව යවන්නේ? (නි)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 31 January 2013 09:17 AM

අපේ රටක් එක්ක මෙච්චර හිතවත් රටක් වෙලත් අපෙන් හැලි වදුරෙක්වත් යවාගන්න බැරිවුණානේ? (නි)

:       0       0

නීලා Wednesday, 30 January 2013 12:50 PM

එහෙම කියන්න එපා ලලිත් මහත්තයෝ ...බලන්නකෝ ජපානය , සිංගප්පූරුව, දකුණු කොරියාව වගේ ආසියාතික රටවල් (ස)

:       0       0

සෑම් Thursday, 31 January 2013 07:45 PM

ළඟදීම කනවා ඇමරිකාවෙන්.... :) (නි)

:       0       0

ලලිත් Wednesday, 30 January 2013 07:34 PM

වදුරටත් ගිය කල (දී)

:       0       0

ශලිනි Wednesday, 30 January 2013 01:17 PM

අපි යවනවා රොකට් නැතුව උඩටම,ආයි එන්න නෙවෙයි උඩටම යන්න බඩු මිල (ස)

:       0       0

වරුණ Thursday, 31 January 2013 11:11 AM

ඉරානෙට වඩා අපි ඉදිරියෙන්. ලංකාවේ කොඩිය ගහලා චන්ද්‍රිකාවක් ඇරියේ අපි (ස)

:       0       0

තිසල් Thursday, 31 January 2013 11:24 PM

සෙනරත්, නාලක, ගාමිණී, ඇතුළේ මොකා ගියත් යවලා තියෙන්නේ ‍රොකට් එකක්නේ. (නි)

:       0       0

ගාමිණී Wednesday, 30 January 2013 02:28 PM

වදුරන් අතර ඔය තරම් උඩ ගිය එකම වදුරා (දී)

:       0       0

විතානගේ Wednesday, 30 January 2013 10:48 PM

අපේ රටෙනුත් දේශපාලුවෙක්ව යවලා බලමුකෝ. (නි)

:       0       0

ගාමිණී Wednesday, 30 January 2013 10:52 PM

අගහරු ලෝකයටත් මිනිස්සු යවන කාලේ, මේ ඇත්තෝ දැනුයි වදුරන් යවන්නේ. (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 30 January 2013 03:12 PM

අපිටනම් ඕක හීනයක් විතරයි (ස)

:       0       0

ඉසුරන්ගි Wednesday, 30 January 2013 03:13 PM

වදුරා මොකටද (දී)

:       0       0

ඉසුරන්දි Wednesday, 30 January 2013 03:15 PM

අපේ රටේ රොකට් යැවීම කෙසේ වෙතත් ජීවන වියදමනම් රොකට් එකට වැඩිය වේගවත් (ස)

:       0       0

සිසිර Thursday, 31 January 2013 01:31 AM

රොකට්ටුව ඉරානයේ වුණාට වදුරා ලංකාවෙද දන්නෙ නැහැ. (නි)

:       0       0

ඉෂාර Wednesday, 30 January 2013 11:32 AM

අපෙත් හා හා පුරා කියලා වඳුරෙක් යාවි උඩ තව ටික කාලෙකින්. (නි)

:       0       0

නාලක Wednesday, 30 January 2013 11:44 AM

ඉෂාර කියපු කතාව හරියටම හරි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 1197 1

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු
2024 අප්‍රේල් මස 26 155 0

තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්


ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට
2024 අප්‍රේල් මස 26 74 0

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 256 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 151 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 131 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 341 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1566 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site