IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


වච්චකුටි අවන්හල් චීනයටත් එයි

වැසිකිළි තේමාව කර ගත් අවන්හලක් චීනයේ ෂෙන් ෂෙන් ප‍්‍රාන්තයේ විවෘත කර තිබේ. අවන්හලට ඇතුළුවූ විට වැසිකිළියකට ඇතුළුවූවා සේ හැඟීමක්, නව අවන්හල් අත්දැකීමක් සෑම දෙනෙක්ටම ඇති කර වීම ඔවුන්ගේ අරමුණයි.

අවන්හලේ බිත්තිවල වතුර කරාම සවි කර, ආසන සඳහා මුත‍්‍රා පොච්චි සවි කර ඇත. මෙහි ආහාර පිළිගන්වන බඳුන්, පිඟන්, ආසන මත තබා ඇති කොට්ට පමණක් නොව ආහාර වල හැඩය, පාට ආදි සියළුම දේ වැසිකිලියක තිබෙන දේවල් හා සමානව නිර්මාණය කර ඇත. දුඹුරු පාට, කැරළි සහිත අයිස් කී‍්‍රම් මෙහි ඇති විශේෂ ආහාරයකි.

පෙනුමෙන් අපි‍්‍රයජනක හැඟීමක් ඇති කළත් මෙහි රාති‍්‍ර ආහාර වේලක් ගන්නකු නැවත මෙම අවන්හල සොයා ඒමට තරම් එහි ආහාර පාන ඉතා ප‍්‍රනීත බව සඳහන්ය.මේ ජාතියේ මුල්ම වැසිකිළි අවන්හල තායිවානයේ විවෘත කළේය.ඉන් පසු  එවැනි අවන්හල්  තායිවානය හා  හොංකොං නුවරද  වීවෘත කැරිණි.

 



අදහස් (0)

වච්චකුටි අවන්හල් චීනයටත් එයි

මහගෙදර ඇඹිලිපිටිය Friday, 13 September 2013 03:35 AM

චීනය, තායිලන්තය , වියට්නාමය වගේ රටවල් වල මිනිස් අසුචි කෙලින්ම යවන්නේ එයාල ඇතිකරන ඉස්සෝ ෆාර්ම් වලට. ඒවා කාල හැදෙන ඉස්සෝ ගොඩක් මහත් වෙනවා. ඔස්ට්‍රේලියාව ජපානය වැනි රටවල මිල අධික අවන්හල් වල රස කර කර කන්නේ අසුචි කාල හැදුන ඉස්සෝ. ඉතින් මේ අවන්හල ගැන අප්පිරිය හිතන්න උවමනාවක් නැහැ. (අ)

:       0       0

ලුම්බිණි Friday, 13 September 2013 05:13 AM

මෙතන නොවෙයි, ඇත්ත වසිලිකිලියට කෑම අරගෙන ගිහින් කන මම දැකපු ලෝකේ ඉන්න එකම ජාතිය චීන්නු. කෑම කන අතරේ, වැසිකිලි යන අතරේ උන් පොතකුත් කියවනවා. (අ)

:       0       0

ලාරා Thursday, 12 September 2013 06:55 PM

අයිස් ක්‍රීම් අසූචි බණ්ඩාර වගේ ? (දී)

:       0       0

රන්ජන් Friday, 13 September 2013 07:27 AM

ලංකාවේ මේවා වෙනම හදන්න ඕන නෙහෙ පිටකොටුවේ කඩේකින් කෑවහම හොදටම ඇති වෙනස වාඩිවෙන්න මේස පුටු තියනෙක කඩේක පිටිපස්සට ගියාම බලාගන්න පුළුවන් අසුචි වැඩිපුර කන්නේ කව්ද කියල (අ)

:       0       0

රනා Friday, 13 September 2013 07:35 AM

විකෘති මනසක් ඇති උන්ට හොඳයි. අසූචි දුර්ගන්ධයකුත් දුන්න නම් එළකිරි එකට කන්න තිබුන.(අ)

:       0       0

nade Friday, 13 September 2013 07:56 AM

අනේ මන්ද මටනම් එපා උනා එකක් බලලා(අ)

:       0       0

දිසා Friday, 13 September 2013 08:04 AM

ස්භාවික රටාව වෙනස් වෙමින් මිනිස් මනසේ සිදුවන මේ වෙනස්වීම් ඉදිරියේ දී මිනිස් සමාජය ප්‍රමුක කරගත් මුළු ලොවටම ඉතාම අහිත කර ලෙස බලපාවි (අ)

:       0       0

විමල් Saturday, 14 September 2013 05:15 AM

ලංකාවටත් හොදයි. මොකද අධික තරබාරු කට්ටියගේ කෑම අඩුකරන්න (නි)

:       0       0

ඉෂාර Friday, 13 September 2013 08:19 AM

මෙහෙ හොටල් නං (වැඩි හරියක්) වැසිකිලි තමා. (අ)

:       0       0

උපාලි Friday, 13 September 2013 08:33 AM

හෙට අනිද්දම මැරිණු මිනිසුන් විදියට කෑම හදල මිනිමස් අවන්හල කියලා නමක් තියාවී. අපේ මැටි හරක් ගිහින් සල්ලි ගෙවලා ඒවා කාවී. අසූචී කන එවුන්ට මිනිමස් කන එක වැඩක්ද. (ස)

:       0       0

හේමන්ත Thursday, 12 September 2013 07:40 PM

කෑම එක වැසිකිලියකට අරන් ගිහින් කෑවනම් ඉවරනේ. ගානත් ඉතුරුයි, තව ඕන නම් වැඩියෙන් ජාති කාල බලන්නත් පුළුවන්, ඒවා හොටෙල් වල නැහැනේ. (දී)

:       0       0

කුමාරි Thursday, 12 September 2013 07:44 PM

ඇත්තටම මානසික ලෙඩ්ඩු (දී)

:       0       0

තරූ Friday, 13 September 2013 08:35 AM

ඇත්තටම මානසික ලෙඩ්ඩු (අ)

:       0       0

සි එස් සි Thursday, 12 September 2013 08:09 PM

මෙව්වා තමා කොන්ඩේ බැදපු චීනුන්ගේ වැඩ (දී)

:       0       0

මදූ Thursday, 12 September 2013 08:37 PM

මේ වගේ තැන්වලට යන මිනිස්සුත් මානසික ලෙඩ්ඩු.(නදී)

:       0       0

දුබි ප්‍රදීප් Thursday, 12 September 2013 08:56 PM

මානසික ලෙඩ (දී)

:       0       0

ප්‍රර්ථනා Friday, 13 September 2013 09:45 AM

එවැනි රටකනම් පොඩි වෙනසක් සදහා වැසිකිලි අවන්හල් සංකල්පය මා වැරදියි හිතන්නෙ නෑ. නමුත් කුඩා දරුවන්, ආබාධිත අයවලුන් එහෙම මෙම අවන්හල වැසිකිලියක් සේ වරදවා වටහාගත්තොත් මොකද වෙන්නේ? (අ)

:       0       0

ශානිකා Friday, 13 September 2013 10:21 AM

අය්යෝ දෙවියනේ, උදේට කන ගමන් බලපු දේ. (ස)

:       0       0

දර්ශන Thursday, 12 September 2013 09:51 PM

ව්‍යාපාරික පින්වතුනි චීනයේ,හොන්කොන්ග් වල තියෙන නිසා ලංකාවෙත් පටන්ගන්න නම් හිතන්නවත් එපා,(දී)

:       0       0

පිටිගල Thursday, 12 September 2013 10:05 PM

අපිරිසිදු වැසිකිලි වලින් හමන දුර්ගන්ධයට සමාන එයාර් එයා ෆ්‍රේශ්න එකක් ස්ප්‍රේ කළා නම් තවත් රසවෙයි. මේ ලෙඩ්ඩුන්ට. ඒක අමතක වෙලා වෙන්න ඇති.(දී)

:       0       0

උදය Friday, 13 September 2013 11:10 PM

මම නම් හිතන්නේ මෙය හොදින් ජනප්‍රිය වෙන දෙයක්. විශේෂයෙන් තරුණ පරපුර මෙයට ඇබ්බැහිවීම වළක්වන්න බැරිවෙයි. ඉරුණු ඩෙනිම් අදිද්දී ඉස්සර මිනිස්සු මේවා කිව්වා. තරුණ කැඩුණු සද්ද තිබෙන සංගීතයත් ජනප්‍රිය වුණා. ඒ වගේ දෙයක් අනාගතයේ අපිට මේ තුලින් දකින්න පුළුවන්. (නි)

:       0       0

ටෘත් Friday, 13 September 2013 11:33 PM

හප්පා! මිනිසුන්ට වෙන නස්පැත්ති! (නි)

:       0       0

ලාල් වීරකැටිය Friday, 13 September 2013 01:47 AM

මේ මිනිස්සු පුදුමාකාර විදියට කාර්යබහුල ජීවිතයක් ගත කරන්නේ.ඒ වෙහෙසකාරී ජීවිතයට වෙනසක් ඔවුන්ට හැම වෙලේම ඕනෑ කරනවා,ඒ වෙනස ඇති කරන්න කරපු හොද දෙයක් මේක.මේක ලංකාවේ කකා බිබී ගෙදර ඉන්න අයටවත් කාර්යාලවලට ගිහිල්ලා පුටු රත් කරන අයටවත් තේරෙන්නේ නැහැ.මේවට යන නොයන එක තමන්ගේ තීරණයක්.අනිත් එක මේ වගේ දේවල් ලංකාවට වැඩක් වෙන්නේ නැහැ.මීට වැඩිය ආපන ශාලා ලංකාවේ ඕනෑ තරම් තියෙනවා (නි)

:       0       0

කුමාර Thursday, 12 September 2013 06:20 PM

මානසික විකෘති තාවයක් මේකට බලපාලා තියෙන්නේ.(දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 918 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු
2024 අප්‍රේල් මස 26 101 0

තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්


ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට
2024 අප්‍රේල් මස 26 57 0

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 242 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 146 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 130 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1723 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1562 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site