IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


රෙදි නැතිවයි මිනිසා උපදින්නේ - එහෙනම් කුමටද රෙදි ඇඳ ගන්නේ

ගෙවුණු වසර 5 ක කාලයේ ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ නිරුවතින් ගැවසෙමින් එම අවස්ථා ඡායාරූපගත කිරීමේද යෙදුණු ප‍්‍රංශ ජාතික කලාකාරිනියක එසේ ගත් ඡායාරූපයන් පොතක් ලෙස පළ කිරීමට කටයුතු කරමින් සිටින්නීය.

එරිකා සිමෝන් නම් වන මැය සාමාන්‍ය නිව්යෝර්ක් නගර වැසියෙකුගේ දෛනික කි‍්‍රයාකාරකම් වල යෙදෙන්නේ ඇඟේ නූල්පටකුදු නැතිවය. ඇය රැකියාවට යන්නේ, වෙළඳපලට යන්නේ, වීදිය දිගේ ඇවිදින්නේ ආදී මේ සියල්ල කරන්නේ නිරුවතිනි.

නිරුවතින් පෙනී සිටීම පසුපස ඇයට අරමුණක්ද තිබේ. විලාසිතා පාරාදීසයක් වන නිව්යෝර්ක් නගරයේ දිනෙන් දින අලූත්වන විලාසිතා ලෝකය හා යාවත්කාල වීමට උත්සාහ කරන නිව්යෝර්ක් වැසියන්ට කඩතුරාවෙන් වැසී ඇති සමාජයේ සැබෑ ස්වරූපය පෙන්වා දීම ඇයගේ උත්සාහයයි.

‘ගොඩක් අය විලාසිතා කරන්න මුදල් වැය කරනවා. නමුත් ඒ අය අමතක කරලා මේ නගරයේම කෑම ඩිංගක් හොයා ගන්න දුක්විදින සියගණනක් දෙනා සිටිනවා කියලා. ඇත්තටම ඇදුම් කියන්නේ විලිවසා ගන්න තියෙන දෙයක් මිස සමාජ තත්ත්වයක් පෙන්වන්න යොදාගතයුතු දෙයක් නොවේය කියලා මා සිතන්නෙ’ ඇය කියයි.

නිරුවත යනු අපට උරුම දෙයක් බව පෙන්වා දෙන ඇය නිරුවතින් ඉපිදෙන මිනිසා වර්තමානයේ හුරුව සිටින අයුරින් ඇදුමින් පැළදුමින් විලිවසාගෙන එය ඇසුරින් තමන්ගේ සමාජ තත්ත්වය පෙන්වීමට උත්සාහ කිරීම අත්හළ යුතු බව පවසයි.පුහු ආටෝපයන්ගෙන් තොරව සරලව ජීවත්වීමෙන් සැබෑ ස්වරූපය සමාජයට පෙන්වීමටත් වැරදි ඇතොත් ඒවා නිවැරදි කරගැනීමටත් අවස්ථාව ලැබෙන බව ඇය පෙන්වයි.

නිරුවතින් ගැවසුනද නගරයේ කිසිවෙකුගෙන් ඇයට මේ දක්වාම කිසිදු ගැහැටක් අත්වී නොමැති බව සඳහන්ය.ඇය පවසන ආකාරයට ඔවුන් තමන්ව උද්යෝගීමත් කරනවා විනා කිසිදු අයුරකින් තමන්ට බාධා වන පරිදි හෝ අපහාසාත්මක ලෙස නොහැසිරේ.

‘මේක සැබෑ නිදහස ගැන අනෙක් අයට කියාදීමට මා ගත් උත්සාහයක්.ඔබ ඔබට දැනට උරුම වෙලා තියෙන පෙනුමින් සෑහීමකට පත්වෙන්න.එය ඔබේ මනසට ලොකු සහනයක් අත්කරදේවි.සමාජය අපේක්ෂා කරන ලෙසට හෝ මාධ්‍ය වලින් පවත්වන සංදර්ශන වලට අනුව හෝ ඇදුම් පැළදුම් ඇඳීම ඔබ කළයුතු නැහැ. සරල වෙන්න. නිදහස් වෙන්න.’ ඇය පවසයි.

26C82C9D00000578-3001523-image-a-31_1426717407697 26C82C7800000578-0-image-a-25_1426716834133 26C82C9000000578-0-image-a-23_1426716746608 26C82C9400000578-3001523-image-a-39_1426717869790 26C82CA900000578-3001523-image-a-32_1426717412103 26C5495D00000578-3001523-image-a-36_1426717832139



අදහස් (0)

රෙදි නැතිවයි මිනිසා උපදින්නේ - එහෙනම් කුමටද රෙදි ඇඳ ගන්නේ

සරත් Monday, 23 March 2015 05:56 AM

උපන් ඇදුමෙන් සිටීම කිසිම වරදක් නැ එත් ප්‍රශ්නය එය නොවේ. (ත)

:       0       0

රොෂාන් Sunday, 22 March 2015 05:42 AM

ෂා! මේ ක්‍රමයත් නරක නැහැ (නි)

:       0       0

මහේෂ් Friday, 20 March 2015 03:33 PM

ඒක ඇගේ නිදහස. ඒකට ගරු කරන්න.(හේ)

:       0       0

නාමල් Friday, 20 March 2015 03:36 PM

විකාර වැඩ.(හේ)

:       0       0

රමසි Friday, 20 March 2015 04:13 PM

මහේෂ්,ඔයාගේ අල්ලපු ගෙදර කෙනා නිරුවතින් ඔයාගේ ගෙදර ඉස්සරහට ආවොත් එතකොටත් ඔයා එයාගේ නිදහසට ගරුකරලා නිකන් ඉන්නවද? (නි)

:       0       0

නිමේෂ් ප්‍රසාද් Saturday, 21 March 2015 08:40 AM

ඔන්න මේ ගොල්ලන්ට තියෙන දැවෙන ප්‍රශ්න. හරියට අපිට වගේනේ. අනේ වාසනාවන්. (නදී)

:       0       0

චන්දික Sunday, 22 March 2015 07:16 AM

මේකේ කමෙන්ට් කරල තියෙන සමහරක් ශිෂ්ඨ උදවිය පින්තූර ටික විතරයි බලල තියෙන්නෙ.විස්තරේ කියවල නෑ.අභිමානවත් මිනිස්සුනෙ අපේ රටේ අය! (බ)

:       0       0

ඉසුරන්දි Saturday, 21 March 2015 09:08 AM

සමාජ අධ්‍යාත්මයෙන් උසස් රටවල් මෙහෙම තමයි උසස් මනසක් තියෙන බුද්ධිමත් මිනිස්සු. ඕවා අපේ රටවලට ගැලපෙන්නේ නැත්තේ ඔය කියන කිසිම දෙයකින්වත් අපේ රටවල් පොහොසත් නැති නිසයි.(නදී)

:       0       0

බිනර Friday, 20 March 2015 04:55 PM

අද මෙහෙම නම් හෙට කෙසේ වෙමුද ? (නදී)

:       0       0

අනුර Sunday, 22 March 2015 05:19 PM

ලංකාවේ කොච්චර ලින් ගෙම්බෝ ඉන්නවද ?? 1815 ලංකාවේ කාන්තාවන් උඩුකයත් අදින්නේ නැතිව සිටියේ මොකද එදා සිටි පිරිස මනසින් උසස් හැගීම් වලට වහල් නැහැ ඒ වගේම එංගලන්තයේ මුළු ගමක්ම තියෙනවා මේ විදියට ඉන්න මෙතන අදහස් වල තියෙන්නේ එක රාමුවක ඉන්න පිරිසක් හැටියට විතරයි (නදී)

:       0       0

අතුල Saturday, 21 March 2015 09:26 AM

රම්සි නිකන් ඉන්නේ නම් නැහැ තමයි (නදී)

:       0       0

ශේන් Saturday, 21 March 2015 10:37 AM

නිදහස රටින් රටට වෙනස් වෙනවා. ලංකාවේ මිනිස්සු ඉන්නේ මානසික හිර කූඩුවල. (නදී)

:       0       0

ජගත් Saturday, 21 March 2015 10:39 AM

මිනිසා තිරිසනාගෙන් වෙනස් වීමට එක හේතුවක් තමයි ඇඳුම්. මෙයා තිරිසනෙකුට වඩාත් සමීපයි. කවුරු කොහොම කියූවත් මේක ශිෂ්ටාචාර සම්පන්න දෙයක් නෙමේයි (නදී)

:       0       0

මංගලි ෆොන්සේකා Sunday, 22 March 2015 10:03 AM

මේක සදාචාර විරෝධි නේද කොහේ වුණත් (දිල්)

:       0       0

සේනාධීර Friday, 20 March 2015 07:19 PM

නියමයි! (නි)

:       0       0

අශාන් Friday, 20 March 2015 08:22 PM

මම නම් හිතන්නේ මේ අදහස් බෞද්ධ දර්ශනය හා ගැළපෙනබවයි. කෙනෙක් ලැජ්ජා වියයුත්තේ වැරදි කරනවා නම් පමණයි. (නි)

:       0       0

යාපා Sunday, 22 March 2015 11:09 AM

අද කාලේ සමහරු ඇඳුම් ඇන්දත් නැති ගාණටනේ වැඩකරන්නේ (නි)

:       0       0

රොබින් Sunday, 22 March 2015 08:47 PM

මෙයා සීතල කාලයටත් මෙහෙමද දන්නේ නැහැ නේද ඉන්නේ? (නි)

:       0       0

සහන් Friday, 20 March 2015 06:41 AM

මානසික ලෙඩක් වෙන්නැති (දිල්)

:       0       0

කුමාර Friday, 20 March 2015 09:53 PM

ස්ත්‍රී දුෂකයෝ ඒගොල්ලන්ගේ රටවල නැතුව ඇති (නි)

:       0       0

රෙක්ස් Saturday, 21 March 2015 02:31 PM

මෙයා යන යන තැන පස්සෙන්ම ගිහින් පොටෝ ගත්තේ කවුද හැබෑටම? (නදී)

:       0       0

රමසි Saturday, 21 March 2015 02:34 PM

පුලුවන් නම් මෙයාට මාසේ දවස් තිහේම ඔය විදියටම වෙන කිසිම දෙයක් අදින්නේ නැතුව ප්‍රසිද්ධියේ ඉන්න කියන්නකෝ බලන්න.(නදී)

:       0       0

සුමුදු හේවා Friday, 20 March 2015 10:18 PM

අදහස හොඳ වුණත් ප්‍රකාශ කරන්න යොදාගත් මාධ්‍ය තමයි නරක. කොහොම වුණත් අපේ කට්ටිය උණුසුම් රටක සිට සැපට මේක විවේචනය කළාට ශීත රටක ශීත කාලයේ ඇය කරන්නේ දුෂ්කර ක්‍රියාවකි. (නි)

:       0       0

පැතුම් Saturday, 21 March 2015 02:58 PM

මෙය සමාජයට හිරිහැරයක්. අපි ජීවත් විය යුතු වන්නේ අනුන්ට අපහසුවක් නොවන ලෙසයි. කුඩා ළමුන් ,තරුණ පිරිමින් මේ දිහා බැලීමෙන් ඔවුන්ව වරදට පෙලඔීමට ඉඩකඩ වැඩියි. මෙයා ප්ලේන් එකෙත්, ටැක්සීවලත්, පුටුවලත් මෙහෙම් ඉදගත්තම ඊළගට ඉදගන්න මිනිස්සුන්ගේ ශරීර සෞඛයට ප්‍රශ්න ඇතිවෙන්න බැරිද? (නදී)

:       0       0

සුමිත් Saturday, 21 March 2015 03:19 PM

ස්වාමිපුරුෂයා නයා කාල දරුවන් දෙන්නාගෙන් එක්කෙනෙක් උකුස්සා අරන් ගිහිල්ලා අනෙකා ගගේ ගිහින් ඔය තරමින් ඉන්නව හොඳටම ඇතී (නදී)

:       0       0

සොපී Friday, 20 March 2015 08:05 AM

ලාබෙට ප්‍රසිද්ධ වෙන්න හදනවා (බ)

:       0       0

නිමල් Saturday, 21 March 2015 12:53 AM

ඉන්දියාවේ නිගන්ඨනාගපුත්‍රලාගෙන් පැවත එන කෙනෙක් වගේ. (නි)

:       0       0

අසෝකා Saturday, 21 March 2015 04:32 PM

මටත් හිතුනේ මෙයා ඉපදිලා ඇත්තේ සපත්තු අව් කන්නාඩි එහෙම දාගෙනමයි. ඔය තරම් ස්වභාව දර්මය අනුව ජිවත් වෙන්න කැමති කෙනා ඇයි සේරම පහසුකම් තියෙන ගෙයක ජිවත් වෙන්නේ? මේ වගේ රටවල් වල ප්‍රසිද්ධියට සමහරු නොකරන දෙයක් නැහැ (නදී)

:       0       0

ජයන්ත Saturday, 21 March 2015 01:08 AM

මාලි, ඔයාගේ ප්‍රතිචාරයට මගේ ආචාරය ! (නි)

:       0       0

ටෙරන්ස් Saturday, 21 March 2015 01:30 AM

එක අතකට මේකේ වරදක් කියන්නත් බැහැ (නි)

:       0       0

නෙළුම් Sunday, 22 March 2015 12:34 PM

අර ටැක්සි ආසනයේ වෙන කෙනෙක් දැනුවත්ව නම් වාඩිනොවනු ඇති (නි)

:       0       0

සරත් Monday, 23 March 2015 02:30 AM

ලංකාවේ කට්ටියත් එහෙම හිටියනම් මරේ මරු වැල වැටකුලු පතෝල (ම)

:       0       0

යසුරි Saturday, 21 March 2015 08:04 PM

එක අතකට ඒ කාන්තාව හරි (නි)

:       0       0

ආලෝක Saturday, 21 March 2015 09:17 PM

අපේ රටේ කොච්චර කුහකයෝ ඉන්නවද කියලා උඩ තිබෙන අදහස් වලින් පේනවා. හැමෝම බලන්නේ ඇඳුමෙන් තමාගේ තත්ත්වය පෙන්වන්න හැබැයි ඇතුළ බොල්. (නි)

:       0       0

රිචි බාලසුරිය Friday, 20 March 2015 10:01 AM

මෙම පළාත ජිවත් වීමට ඉතා හිතකර රටක් පළාතක් වගේ , මෙම රටවල උපදින්න වාසනා කරන්න ඕනේ (හේ)

:       0       0

කසුන් Friday, 20 March 2015 10:01 AM

උපන්නේ සපත්තු එක්කද? සපත්තුත් ගලවන්න.(හේ)

:       0       0

සරත් කුමාර Friday, 20 March 2015 10:26 AM

මොකක්ද මේ ලදරම? (බ)

:       0       0

සමන්ති Sunday, 22 March 2015 12:41 AM

හිස්වැසුම් ,කරට රෙදි පටි, සපත්තු දාගෙන නිරුවතින් ඉන්නේ කොහොමද? මේකට කියන්නේ අඩනිරුවත. (නි)

:       0       0

විරාජ් Friday, 20 March 2015 10:58 AM

ඇයගේ එක ප්‍රතිපත්තියක් අගයන්න ඕන, තමුන්ට ලැබී තිබෙන පෙනුමින් සැහීමකට පත් වෙන්න , ලද දෙයින් සතුටු වෙන්න කියල බුදුන් වහන්සේ වදාළේ ඕක තමයි,අද මිනිස්සු බොහොමයක් ජීවත් වෙන්නේ අනුන්ට වඩා ඉහලින් ඉන්නයි එහෙම නැත්නම් අනුන්ව කොපි කිරීමට යාමයි, සීමාවක් නැතිව මුදල් පසු පස හමා යනවා, සරල වෙන තරමට හිත නිදහස් වෙනවා (බ)

:       0       0

ඉසුරන්දි Monday, 23 March 2015 04:21 AM

අද කාලේ නව විලාසිතා දිහා බැලුවොත් මේ නිරුවත් විලාසිතාවට දෙවැනි නැහැ නේද? (ත)

:       0       0

දුමින්ද Monday, 23 March 2015 04:36 AM

හරිම කලාත්මක දෙයක් (ම)

:       0       0

සතිස් Saturday, 21 March 2015 05:53 AM

ලංකාවේ හිටියානම් බඩුම තමා, අපේ පලා බබා ලාගෙන්. (නදී)

:       0       0

දුම්මලසුරිය Saturday, 21 March 2015 06:10 AM

මට පෙනෙන්නේ මෙයා ඇදුම් විලාසිතා අනවශ්‍ය බව පවසමින් පාවහන් විලාසිතාවන් ප්‍රචාරය කරනවා වගේ. ඒ මොනවා උනත් මේ 21 වෙනි සියවස. (නදී)

:       0       0

සෙනෙවි Friday, 20 March 2015 12:23 PM

පිස්සු චරිත.ලැජ්ජාවක් කියලා එකක් නැද්ද?(හේ)

:       0       0

දුම්මලසුරිය Saturday, 21 March 2015 06:15 AM

ඇදුම් විලාසිතාවන්ට විරුද්ධත්වය පාමින් මෙයා මේ කරන්නේ පාවහන් විලාසිතා ප්‍රදර්ශනයක්ද? මේ 21 වෙනි ශතවර්ෂයේ මිනිසාට අදහස් ප්‍රකාශ කරන්න නිරුවතට වඩා ගොඩක් දියුණු ක්‍රම ඕන තරම් තියනවා.(නදී)

:       0       0

අනුර Friday, 20 March 2015 12:38 PM

අම්මපා මරුනේ! නමුත් ටැක්සියේත් යන්නේ මෙහෙමද? (නි)

:       0       0

නුවන් Saturday, 21 March 2015 06:50 AM

ඇදුම් එක්ක ඉපදුන අය මෙයාට විරුද්ධව අදහස් ප්‍රකාෂ කරලා (නදී)

:       0       0

කුමාර Friday, 20 March 2015 01:37 PM

මානසික ලෙඩක්ද කොහෙද.(හේ)

:       0       0

ශාෆික් Sunday, 22 March 2015 04:54 AM

කෙසේවෙතත් ඇය සමාජයට දෙන පණිවිඩය වැදගත්. සරල වන්න නිකරුණේ මුදල් නාස්ති නොකරන්න. අන් අය ගැන සිතන්න (බ)

:       0       0

සෙලිනා Saturday, 21 March 2015 07:16 AM

මෙතන තිබෙන අදහස් වලින් හොදම අදහස සුමුදු හේවගේ ගේ අදහසයි.. නිරුවතින් අයිස් කන්දක් අයින් කරනවා කියන්නේ ඉතින් (නදී)

:       0       0

මාලි Friday, 20 March 2015 01:45 PM

එතකොට මෙයා ඉපදිලා තියෙන්නෙ සපත්තුයි කණ්ණාඩියි දාගෙනද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 1323 1

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු
2024 අප්‍රේල් මස 26 184 0

තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්


ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට
2024 අප්‍රේල් මස 26 78 0

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 258 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 152 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 131 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1567 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site