IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මාලදිවයින් ශ්‍රේෂ්ඨාධිකරණයට නාවී පිල්ලේ දොස් කියයි

 මාලදිවයිනේ ශ්‍රේෂ්ඨාධිකරණය, එරට ජනපතිවරණය පැවැත්වීමට බාධා වන අයුරින් තීන්දු ලබා දීම කිසිසේත් අනුමත කළ නොහැකි බවත් එසේ කිරීමෙන් වැළැකී සිටිය යුතු බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය නාවී පිල්ලේ කියා සිටී.

 මාලදිවයින් ශ්‍රේෂ්ඨාධිකරණයේ එම කි‍්‍රයා කලාපය රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට බාධාවක් බව ද මහ කොමසාරිස්වරිය වැඩි දුරටත් පවසා ඇත.
මාලදිවයිනේ ජනපතිවරණය පැවැත් වූයේ ඉකුත් සැප්තැම්බර් 7 වැනිදාය. එහිදී, කිසිදු අපේක්ෂකයකුට සියයට 50 කට වැඩි ඡන්ද ප‍්‍රතිශතයක් හිමිකර ගැනීමට නොහැකි විය.

වත්මන් ජනාධිපති හසන්ට හිමිකර ගැනීමට හැකිවුණේ සියයට 5 ක ඡුන්ද ප‍්‍රතිශතයක් පමණි. සියයට 45 ක ඡුන්ද ප‍්‍රතිශතයක් හිමිකර ගත්තේ කුමන්ත‍්‍රණයකින් බලයෙන් නෙරපා දැමුණු ජනපති මොහොමඞ් නෂීඞ්ය.

ඒ අනුව සැප්තැම්බර් 28 වැනිදා ජනපතිවරණයේ දෙවැනි වටයක් පැවැත්වීමට නියමිතව තිබුණි. අක‍්‍රමිකතා සිදුවුණු බවට එල්ල වූ චෝදනා හේතුකොට ගනිමින් දෙවැනි වටය පැවැත් වීම අධිකරණ නියෝගයකින් කල් දැමුණි. පසුව එය අවලංගු කෙරුණි.

ඉන්පසු යළිත් වරක් ජනපතිවරණයක් පැවැත්වීමට සූදානම් වුවත් පොලිසියෙන් ඊට බාධා එල්ල විය. ඒ අනුව ජනපතිවරණය ද අවලංගු කෙරුණි.
යළිත් වරක් ජනපතිවරණයක් පැවැත්වීමට නියමිතව ඇත්තේ එලැඹෙන 9 වැනිදාය. එහිදී ද කිසිදු අපේක්ෂකයකුට සියයට 50 ත ඡුන්ද ප‍්‍රතිශතයක් දිනා ගැනීමට නොහැකි වුවහොත්, දෙවැනි වටයක් 16 වැනිදා පැවැත් වීමට කටයුතු සූදානම් කර ඇතැයි මාලදිවයින මැතිවරණ කොමිසම නිවේදනය කර ඇත.



අදහස් (0)

මාලදිවයින් ශ්‍රේෂ්ඨාධිකරණයට නාවී පිල්ලේ දොස් කියයි

ප්‍රියාන් Friday, 01 November 2013 09:28 PM

රයන්ට පැටළිලා වගෙයි. (නි)

:       0       0

ලාල් Friday, 01 November 2013 09:40 PM

මෙයාට පේන්නෙම දකුණු ආසියාවේ වැරදි විතරයි. (නි)

:       0       0

රනිල් Friday, 01 November 2013 02:47 PM

එයාගේ තියෙන්නේ නවීන පන්නයේ පිල්ලි වැඩනෙ,.... ඒකනේ නවී පිල්ලේ කියන්නේ ,....... (ස)

:       0       0

රනිල් Friday, 01 November 2013 02:51 PM

වඳුරන්ට දැලි පිහි දෙන්න එපා කියන්නේ ඕකට තමයි (නි)

:       0       0

දේවින්ද Friday, 01 November 2013 10:18 PM

මේ දවස්වල ටිකක් වැඩ අඩු ඇති. අර හූනු බිත්තර වගේ රටවල් අල්ලාගෙන දඟලන්නේ ඒකනේ. නියර මිටි තැනින් තමා වතුර ගලන්නේ පිල්ලේ !! (නි)

:       0       0

දුමින්ද Friday, 01 November 2013 03:05 PM

එතුමිය රාජකාරිය අකුරටම පිළිපදිනවා,එයා කොහොමත් ඉතා ජනප්‍රිය චරිතයක්. (ස)

:       0       0

අමිත Friday, 01 November 2013 03:11 PM

කරන්න වැඩ දහසක් තියෙද්දි, අහිංසකයින්ගෙ පොඩි පොඩි දේවල් අල්ල ගෙන කෑගහනවා. ලොකු ලොකු උදවිය අමු අමුවෙ මානව හිමිකම් උල්ලංඝනය කරද්දි, ඔබ තුමිය අහක බලන් ඉන්නවා නේද? (ස)

:       0       0

උපාලි ජී Friday, 01 November 2013 03:24 PM

නාවි පිල්ලෙයි කියන්නේ ඇත්ත වෙන්න පුළුවන්. නමුත්, ප්‍රජාතන්ත්‍රවාදයට බාධාවක් වුනත්, ඒක ඒ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය. ඒක විවේචනය කරන ඒක පිල්ලෙයිගේ බලතල ඉක්මවා යාමක්. (ස)

:       0       0

ලක්මාල් Friday, 01 November 2013 03:28 PM

ඔබ තමා ඔවුන්ගේ ගැලවුම්කාරී. (ස)

:       0       0

ශාන්ත - හෝමාගම Friday, 01 November 2013 10:23 AM

නෝනා, හැම ගහටම කොටන්න යන්න එපා. හොඳ කෑමක් කන්න පුළුවන් වැඩිකල් යන්න ඉස්සර. (ස)

:       0       0

ගනේගොඩ Friday, 01 November 2013 04:47 PM

පිල්ලේ මැඩම්, අන්න ඇමෙරිකාව බෝම්බ දාලා පකිස්තාන් සිවිල් වැසියන් ගණනාවක් මැරිලා කියනවා. (නි)

:       0       0

නුවන් Friday, 01 November 2013 10:54 AM

ඔබතුමිය නිවැරදි. (ස)

:       0       0

හර්ෂණ Friday, 01 November 2013 11:23 AM

වෙන වැඩ නැද්ද මන්දා මෙයාට? (නි)

:       0       0

පාලී Friday, 01 November 2013 05:20 PM

ඔහොම යමු ඔහොම යමු.මාලදිවයිනෙනුත් මෙතුමියට එරෙහිව හඩක් නැගෙයි ළගදීම. (නි)

:       0       0

තිස්ස Friday, 01 November 2013 05:22 PM

පිල්ලේ මැතිනිය, මාලදිවයිනට චෝදනා කරනකොට අපිව හොදයි. (නි)

:       0       0

රයන් Friday, 01 November 2013 05:28 PM

කොන්ඩලිසා රයිස් , හිලරි ක්ලින්ටන්ගෙන් පස්සේ, නාවී පිල්ලේ තමා දැන් ඒ තනතුරට හොද කියලා මම හිතන්නේ. (නි)

:       0       0

ලක්ෂ්මන් Friday, 01 November 2013 05:38 PM

මේ පිල්ලේ ඉක්මනටම ඉවත් වේවා! (නි)

:       0       0

ලක්ෂ්මන් Friday, 01 November 2013 05:50 PM

එදා මාලදිවයින අල්ලා ගන්න ශ්‍රී ලංකා උතුරු ද්‍රවිඩ සන්නද්ධ කණ්ඩායමකගේ උත්සාහය ඉන්දියාව නිසා නැතිවුණා. ඒකෙන් වුණේ ඒ වෙද්දී එහි සේවය කළ ලාංකික සැවොම මාලදිවයිනෙන් පිටුවහල් කිරීමත් අපේ අයට විසා නොදීමත්ය.පසුව වීසා ලැබුනේ ඔවුන් තේරුම් ගත් නිසා රට ඇල්ලුවේ දෙමල ත්‍රස්තවාදී කියන කරුණ උඩ.දැන් බලන්න මේ කරුණත් මේ පිල්ලේ සන්නද්ද දෙමල කණ්ඩායම් වෙනුවන් පෙනී සිටින ආකාරය.එයාලට වැරදුනාම පළිගන්න හැටි. (නි)

:       0       0

ඉන්දික Friday, 01 November 2013 11:57 AM

මෙයාගේ ඇස් වලට ඇමරිකාව අහු වෙන්නෙම නෑ! (ස)

:       0       0

මොහාමඩ් -මලදිවයින Friday, 01 November 2013 12:22 PM

මලදිවයිනේ නීතියට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරනවා නම් මැතිවරණය කල් දාන්න ඔයා මොකටද කෑගහන්නේ? ඔයාට අයිතියක් නැහැනේ තවත් රටක නීතියක් වෙනස් කරන්න. ඔයා ඔයාට තියෙන බලතල වල විතරක් කටයුතු කලොත් හැම අතින්ම හොදය නේද? (ස)

:       0       0

කේ.එච්.ආර්.කේ.දිසානායක Friday, 01 November 2013 06:58 PM

නව පිල්ලේට තිබෙන එකම අඩුවට ලංකාවට අා දවසේ මම හිටියා නම් කතා කරලා විසදුමක් දෙන්න තිබුණා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 1371 1

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු
2024 අප්‍රේල් මස 26 203 0

තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්


ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට
2024 අප්‍රේල් මස 26 79 0

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 258 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 153 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 131 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1567 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site