IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මියන්මාරයේ විපක්ෂ නායිකා අවුන් සාන් සූ කී ඉන්දියාවට

විසිපස් වසරකට පසු මියන්මාර විපක්ෂ නායිකා අවුන් සාන් සූ කී ඊයේ (13) ඉන්දියාවට පැමිණියාය. මියන්මාරයේ හමුදා පාලනයක් පැවැති සමයේ වසර 15 ක් නිවාස අඩස්සියේ සිට 2010 වසරේ නිදහස ලැබූ සූ කී, අද වනවිට එරට විපක්ෂ නායිකාව, ප‍්‍රජාතන්ත‍්‍ර නායිකාව මෙන්ම මියන්මාරයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරියක ද වෙයි. 1990 දශකයේ මියන්මාරයේ හමුදා පාලනය පැවැති සමයේ, ඉන්දියාවත් මියන්මාරයත් අතර බිඳ වැටුණු සබඳතා, යළි ශක්තිමත් කර ගැනීමට සූ කීගේ මෙම ඉන්දීය සංචාරයේ ප‍්‍රධාන අරමුණ වෙයි. ඇය අද (14) නවදිල්ලි අගනුවරදී ඉන්දීය ඇගමැති මන්මෝහන් සිං හමුවී සාකච්ඡුා පැවැත්වීමට නියමිතය. තමා ඉන්දියාව පැමිණියේ තම පැරැුණි සබඳකම් අලූත් කර ගැනීමට යැයි නවදිල්ලි ගුවන් තොටුපොළේ දී ඉන්දීය මාධ්‍යවේදීන් හමුවේ සූ කී පැවැසුවාය. ගමනා ගමන, ආරක්ෂක දේශසීමා සහ වෙළෙඳ ගනුදෙනු සම්බන්ධයෙන් ද සූ කී සහ ඉන්දීය රජය සමඟ සාකච්ඡුා පැවැත්වීමට නියමිත බව ද ඉන්දීය පුවත් සේවා වාර්තා කළේය. එපමණක් නොව මියන්මාරයේ පවතින ආගමික ගැටුම් කෙරෙහි ද ඉන්දීය රජය සමඟ සාකච්ඡා කිරීමට සූ කී අපේක්ෂා කරයි. සූ කී අවසන් වරට ඉන්දියාවට පැමිණියේ 1987 වසරේදීය. ඒ, ඇගේ සැමියාව සිටි බි‍්‍රතාන්‍ය ජාතික මයිකල් ඒරීස් හමුවීමටය. ඒරීස් එම අවස්ථාවේ හිමාල අඩවියේ අධ්‍යාපන ආයතනයක අධ්‍යාපනය ලබමින් සිටියේය. මියන්මාරය ‘බුරුමය’ ලෙසින් හැඳින් වූ සමයේ සූ කීගේ මව බුරුම රජය නියෝජනය කරමින් බුරුම තානාපතිනිය ලෙස ඉන්දියාවට පැමිණ සිටියාය. ඒ කාලයේ සූ කී ද ඉන්දියාවේ ජීවත් වූ අතර ඇය අධ්‍යාපනය ලැබුවේ නවදිල්ලි නුවරය. 2010 මහ මැතිවරණයෙන් පසු මියන්මාරයේ දැන් පවතින්නේ සිවිල් රජයකි. එය මියන්මාර හමුදා පාලකයන් හමුදා ධුරවලට සමුදී සිවිල් වැසියන් ලෙස පිහිට වූ රජයකි. එම රජයේ ජනපති ත්වෙන් ස්වෙන්ය. ඔහු හිටපු හමුදා ප‍්‍රධානියෙකි. ත්වෙන් ස්වෙන් නව දේශපාලන ප‍්‍රතිසංස්කරණ හඳුන්වා දී ඇති අතර මියන්මාරය, නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන මාවතකට ද පිවිස සිටී. මියන්මාර පාර්ලිමේන්තුවට යෑමට සූ කීට හැකිවූයේ ද එම දේශපාලන ප‍්‍රතිසංස්කරණ යටතේ පැවැති අතුරු මැතිවරණයකින් පසුවය. දේශපාලන ප‍්‍රතිසංස්කරණ හේතුවෙන් මියන්මාරය ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල ද පැසැසුමට ලක් වී ඇත. ඇමෙරිකාව මේ වනවිට මියන්මාරයට පනවා ඇති වෙළෙඳ සහ ආර්ථික සම්බාධක ද ලිහිල් කර තිබේ. දෙවැනි ධුර කාලය සඳහා ජනපතිවරණයෙන් ජයග‍්‍රහණය කළ ඔබාමා සිය පළමු විදෙස් සංචාරය සඳහා තෝරා ගෙන ඇත්තේ ද ආසියා කලාපීය රාජ්‍යයක් වන මියන්මාරයයි. ලබන 18 වැනිදා ඔබාමා මියන්මාරයේ සංචාරය කිරීමට නියමිතය. එම සංචාරයේ දී ජනපති ඔබාමා මියන්මාර ජනපති ත්වෙන් ස්වෙන් සහ සූ කී ද හමුවනු ඇති අතර ද්වීපාර්ශ්වික සබඳතා තරකර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇත. ඇමෙරිකා ජනපතිවරයා ඉතා හරසරින් පිළි ගැනීමට තමන් සූදානමින් සිටින බව මියන්මාර රජය පවසයි. ඇමෙරිකා ජනපතිවරයකු මියන්මාරයේ සංචාරයක නියැළෙන ප‍්‍රථම අවස්ථාව එය වනු ඇත. සූ කී නවදිල්ලි අගනුවර ඉන්දිරා ගාන්ධි ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාව



අදහස් (0)

මියන්මාරයේ විපක්ෂ නායිකා අවුන් සාන් සූ කී ඉන්දියාවට

ගයාන් Wednesday, 14 November 2012 11:29 AM

නිදහසේ හුස්ම ගන්නවා

:       0       0

ෂෙරීෆ් Wednesday, 14 November 2012 09:35 PM

එතකොට මෙයා බුද්ධගයාව පැත්තට එහෙම යන්නනේ නැද්ද ?(ස)

:       0       0

මාරසිංහ Wednesday, 14 November 2012 03:43 PM

මධූ මොනවද ඉන්දියාව ගැන දන්නේ? (නි)

:       0       0

නවුෂාඩ් Thursday, 15 November 2012 05:08 PM

ඔය හරි සිල්වා. (නි)

:       0       0

සිල්වා Wednesday, 14 November 2012 11:18 PM

මියන්මාරය තුළ අපට මෙතෙක් නොඇසුණ ජනවාර්ගික, ආගමික ගැටුම් දැන්මතියාම පටන්ගෙනද? (නි)

:       0       0

සිල්වා Wednesday, 14 November 2012 11:21 PM

මියන්මාරය දියුණුවෙන පාටක් තියෙනවද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

සිල්වා Wednesday, 14 November 2012 11:25 PM

තවත් බෞද්ධ රටක් අන්‍යාගමික කිරීමට දරන ප්‍රයත්නයක් (ස)

:       0       0

මධූ Wednesday, 14 November 2012 01:20 PM

ඉන්දියාව කියන්නේ හොඳ රටක්, හොඳ දේශපාලනයක් තියෙන රටක් . ඔබතුමිය බුද්ධිමත්‍. මගෙන් සුබ පැතුම් (ස)

:       0       0

අජිත් Wednesday, 14 November 2012 10:39 AM

මොන එහෙකටද මන්දා මේ සීදේවි නෝනාව හිරේ දැම්මේ..බලන්නකෝ මූණේ තියෙන සිරියාව (ස)

:       0       0

අජිත් Wednesday, 14 November 2012 03:20 PM

ඇයි අපේ රටේ දේශපාලනය හොද නැද්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 1444 1

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු
2024 අප්‍රේල් මස 26 222 0

තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්


ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට
2024 අප්‍රේල් මස 26 82 0

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 260 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 155 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 133 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site