IMG-LOGO

2024 මැයි මස 11 වන සෙනසුරාදා


පාකිස්තානයේ ක්වෙටා නුවර බෝම්බයක් පිපිරී 81 ක් මරුට

පාකිස්තානයේ ෂියා මුස්ලිම්වරුන් බහුතරයක් වාසය කරන ක්වෙටා නුවර පෙරේදා (16) සවස අධි බලැති බෝම්බයක් පුපුරා යෑමෙන් පාසල් දරුවන් ද ඇතුළු 81 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 178කි.
ක්වෙටා නුවර පොලිසිය පවසන්නේ යතුරු පැදියක බෝම්බය අටවා තිබුණු බවය. බෝම්බය පුපුරා ගියේ ක්වෙටා නුවර පාසලක් සහ පරිගණක මධ්‍යස්ථානයක් ඉදිරියේය. 
ප‍්‍රහාරයේ වගකීම බාර ගනිමින්, ‘ලෂ්කාර් ඊ ජංග්වී’ නමැති සුන්නි මුස්ලිම් සටන්කාමී සංවිධානය පවසා ඇත්තේ ෂියා මුස්ලිම්වරුන් ඉලක්ක කර ගනිමින් දිගින් දිගටම ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදු කරන බවය.
බෝම්බ ප‍්‍රහාරයෙන් තුවාල ලැබූවන් කඩිනමින් රෝහල් කරා ගෙන යෑමට ක්වෙටා ආරක්ෂක අංශ පියවර ගත් බව වාර්තා වේ.
තුවාල ලැබූවන්ගෙන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතළ බවත් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.
පාකිස්තානයේ ෂියා සහ සුන්නි මුස්ලිම්වරුන් අතර නිරන්තරයෙන් ගැටුම් ඇවිලේ. පසුගිය මාසයේ දී ‘ලෂ්කාර් ඊ ජංග්වී’ එල්ල කළ බෝම්බ ප‍්‍රහාරයකින් සුන්නි මුස්ලිම්වරු සියයකට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ.
එම ප‍්‍රහාරය සිදුවුණේ පාකිස්තානයට අයත් බලූකිස්තානයේය. එම ප‍්‍රහාරයෙන් පසු සුන්නි මුස්ලිම්වරුන්ගෙන් දැඩි විරෝධයක් පාකිස්තාන රජයට එල්ල විය. බලූකිස්තාන ප‍්‍රාන්ත රජය විසුරුවා හැරීමට පාකිස්තාන රජයට සිදුවූයේ ද එම විරෝධතාව නිසාය.
පසුගිය වසරේ සිදුවූ සුන්නි මුස්ලිම්වරුන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප‍්‍රහාරවලින් 400 දෙනකු මියගිය බව පැවැසේ.



අදහස් (0)

පාකිස්තානයේ ක්වෙටා නුවර බෝම්බයක් පිපිරී 81 ක් මරුට

රුවන් Monday, 18 February 2013 05:19 PM

මේ දෙගොල්ලොම හලාල් නේද කන්නේ ? (නි)

:       0       0

ශිලා Tuesday, 19 February 2013 08:23 AM

අයියෝ සල්ලි (දී)

:       0       0

දම්මි Monday, 18 February 2013 08:34 PM

අල්ලාගේ කැමැත්ත මෙයයි. (නි)

:       0       0

ලාල් Monday, 18 February 2013 02:40 PM

හොද ප්‍රවෘත්තියක්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

මළමිනී පිටේ බැඳන් යන බෝඩා බෝඩා
2024 මැයි මස 11 0 0

අප්‍රිකා රටවල කුලී රථ ලෙස බහුලව ඇත්තේ යතුරුපැදිය. කොංගෝ රාජ්‍යයේ මෙම යතුරුපැදිකරුවන් හැදින්වෙන්නේ බෝඩා බෝඩා යන නමිනි.


දිල්ලි මහ ඇමැති කෙජ්රිවාල්ට ඇප
2024 මැයි මස 11 202 0

දූෂණ චෝදනා සම්බන්ධයෙන්, මාසයකට වැඩි කාලයක් අත්අඩංගුවේ සිටි දිල්ලි මහ ඇමැති අරවින්ද් කෙජ්රිවාල්ට ඇප නියම කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළේය.


ඉන්දියාවට එන්නද? මාලදිවයින ජනපති අසයි
2024 මැයි මස 11 655 0

ඉන්දීයාවට වඩා දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහමඩ් මුයිසු ඉන්දීය සංචාරයකට කැමැත්තෙන් පසුවන බව පැවැසෙයි.


ෂාරුක්ගේ දියණියයි අමිතාබ්ගේ මුනුපුරයි
2024 මැයි මස 11 1238 0

ෂාරුක් ඛාන්ගේ දියණිය සුහානා ඛාන් සහ අමිතාබ් බච්චන්ගේ මුනුපුරා වන අගස්ත්‍යා නන්දා පෙම්වතුන් යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.


ඇමෙරිකන් ජනාධිපතිවරණයට AI බාධාවක්
2024 මැයි මස 11 460 0

නොවැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයට අදාල මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලදී ඒ.අයි. තාක්ෂණය භාවිතයට ගැනෙන බැවින්, ජනතාව නොමඟ යැවීමක් සිදුවෙන බව ඇමෙරිකන් එෆ්.


ඇමෙරිකාවෙන් ඊශ්‍රායලයට චෝදනා
2024 මැයි මස 11 352 0

ඇමෙරිකන් අවි භාවිතයට ගනිමින් ඊශ්‍රායලය ගාසා තීරයේ මානුෂීය නීති කඩකර ඇතැයි සැකයක් පවතින බවට ඇමෙරිකාව චෝදනා නගයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 591 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2086 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1823 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site