තලේබාන් සටන්කාමීන් ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර නේටෝ හමුදා බස් රියක් ඉලක්ක කර ගනිමින් ඊයේ (30) එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයෙන් බසයේ ගමන් කරමින් සිටි ඇමෙරිකන් සෙබළුන් 13 දෙනකු ඇතුළු 17 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මෙය ඇෆ්ගන් අගනුවරදී නේටෝ සහ ඇමෙරිකන් හමුදා ඉලක්ක කර ගනිමින් තලේබාන් සටන්කාමීන් එල්ල කළ දරුණුතම ප‍්‍රහාරයක් යැයි ඇමෙරිකාව පවසයි. ප‍්‍රහාරයෙන් මියගිය සෙසු පිරිස ඇෆ්ගන් හමුදා සෙබළුන්ය. තලේබාන් මරාගෙන මැරෙන බෝම්බකරු පුපුරණ ද්‍රව්‍ය පුරවාගත් වෑන් රථයකින් වේගයෙන් පැමිණ බසයේ හැපී ඇතැයි ඇෆ්ගන් ආරක්ෂක අංශ පවසයි. බෝම්බකරු පැමිණි වෑන් රියේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග‍්‍රෑම් 700 ක් තිබෙන්න ඇතැයි පිපිරුම සිදුවූ ස්ථානය පරීක්ෂාවට ලක් කළ ආරක්ෂක අංශ නිලධාරීහු පවසති. බස්රිය බෝම්බ ප‍්‍රහාරයට හසුවූයේ එය කාබුල් නුවර ඇමෙරිකන් සරසවිය අසලින් ගමන් කරමින් තිබියදීය. එම බස්රිය වෙඩි නොවදින බස්රියක් වූ නමුත් බෝම්බ ප‍්‍රහාරයට හසුවීමෙන් එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවද ආරක්ෂක අංශ වැඩි දුරටත් කියා සිටියි. ප‍්‍රහාරය සිදුවෙද්දී මාර්ගය අසල ගමන් කරමින් සිටි ඇෆ්ගන් සිවිල් වැසියන් අට දෙනෙකු, කුඩා දරුවන් සිවුදෙනකු තුවාල ලැබූ බවත් ඔවුන් කඩිනමින් රෝහල් ගත කළ බවත් වාර්තා වේ. එම බෝම්බ ප‍්‍රහාරය සිදුවීමට පැය කිහිපයකට පෙර ඇෆ්ගනිස්තානයේ හමුදා මෙහෙයුම්වල යෙදී සිටින ඕස්ටේ‍්‍රලියානු ජාතික හමුදා සෙබළු තිදෙනෙක් ද තලේබාන් මරාගෙන මැරන බෝම්බකරුවකුගේ ප‍්‍රහාරයකට බිලි වූහ. එම සෙබළුන් තිදෙනා සමඟ සිටි භාෂා පරිවර්තකයා ද ජීවිතක්ෂයට පත්වූ බව ආරක්ෂක අංශ නිවේදනය කරයි.
පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.
තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්
නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
නේටෝ බසයට බෝම්බ ප‍්‍රහාරයක්: ඇමෙරිකා සෙබළු 13 ක් මියයති