IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


නගරයක් පාච්චල් කළ කෙල්ල හිරේට?

නගරයක් සම්බන්ධයෙන් අපහාසාත්මක ප්‍රකාශයක් තම සමාජ ජාල වෙබ් අඩවි ගිණුමේ පළකිරීමේ වරදට නීති ශිෂ්‍යාවක් අවුරුදු 6 කට සිරගත කිරීමට ඉන්දුනීසියා බළධාරීන් සැරසේ.

මෙම ශිෂ්‍යාව ඉන්දුනීසියාවේ ජොග්ජා නගරයේ ඉන්ධන පිරවුම්හලකින් තම මෝටර් රථයට ඉන්ධන ලබාගැනීමට පැමිණ සිටියදී ඇයට සේවය ලබාදීම එම පිරවුම්හලෙන් ප්‍රතික්ෂේප කර ඇත.

මෙයින් උරණ වූ ඇය සිදුකර ඇත්තේ තමන්ට සිදුවූ අබග්ගය පිළිඹද කෙටි වීඩියෝවක් පටිගත කර එය තම සමාජ ජාල වෙබ් අඩවි ගිණුම් වලට එක් කිරීමයි.

‘‘ජොග්ජා මහ කමකට නැති නගරයක්.කවුරුවත් මෙහෙට එන්න එපා‘‘ලෙසද ඇය එම වෙබ් අඩවි වල ප්‍රකාශයක්ද සටහන් කර තිබේ.

ඇය නොසිතූ පරිදි ඇයගේ ප්‍රකාශයට හා වීඩියෝවට දැඩි විරෝධයක් පළව ඇත.

එයිනුත් නොනැවතුනු ඇතැමුන් කර ඇත්තේ මේ පිළිඹද ජොග්ජා පොලිසිය දැනුම්වත් කිරීමයි.ලැබෙන පැමිණිලි ගණන ක්‍රමක්‍රමයෙන් වැඩි වූ හෙයින් පොලිසිය අවසානයේ මෙම ශිෂ්‍යාව අත්අඩංගුවට ගෙන ඇත.

ඇයට එරෙහිව සිතාමතා අපහාස කිරීම හා නින්දාවට පත්කිරීම යන චෝදනාව යටතේ නඩු පැවැරීමට යන බව සදහන්ය.වැරදිකාරිය බවට ඔප්පු වුවහොත් ඇයට අවුරුදු 6 ක සිරදඩුවමකට යටත්වීමට සිදුවනු ඇත.

නඩු විභාගයට පූර්වයෙන් ඇය නිදහස් කිරීමට පොලිසිය කටයුතු කර තිබෙන අතර ඇයගේ නීතිඥයා පවසන්නේ මෙය ඉතා අයුක්තිසහගත තීරණයක් බවයි.

article-2740313-20FB0CCA00000578-207_6 article-2740313-20FB0F6C00000578-256_634x401



අදහස් (0)

නගරයක් පාච්චල් කළ කෙල්ල හිරේට?

චමින්ද Friday, 05 September 2014 07:05 AM

රෝහිත,මම නම් මෝඩ කතා, කියන්නේ නැහැ,මේ තාක් කියලත් නැහැ.මම කියන එක, ඔයාට තේරුම් නොයාමයි ඔයාගේ තියෙන මෝඩ කම.අදහසක් ඉදිරිපත් කරන්න ප්‍රථම, අනිකුත් අය ලියලා තියෙන අදහස් තේරුම් ගන්න.වක්කඩ කැඩුවා වගේ විකාර ලියන්නේ නැතුව.මම සාමාන්‍යයෙන් නොදන්නා දේවල් වලට, අදහස් පළකිරීමෙන් වලකින අයෙකු බවත් ඔබට කිව යුතුයි. (ස)

:       0       0

චමින්ද Friday, 05 September 2014 07:17 PM

රෝහිත,මට ඉන්දුනීසියාවේ නීතිය හැසිරෙන ආකාරය පිළිබඳව හොඳ දැනීමක් තිබෙන බවත් ඔබට කිවයුතුයි. (නි)

:       0       0

එරංග Friday, 05 September 2014 08:04 AM

ඔයා එන්න නංගී ලංකාවට. (නි)

:       0       0

මැක්ස් Saturday, 06 September 2014 01:47 PM

අපේ රටේ නම් මෙහෙම වෙන්නේ නැහැ (නි)

:       0       0

රෝහිත Thursday, 04 September 2014 04:55 PM

මෝඩ කතා කියන්න එපා චමින්ද. මිනිසුන්ට හොඳ වගේම නරකත් ප්‍රකාශ කරන්න අයිතිය තියෙන්න ඕනෑ. (නි)

:       0       0

සුනිල් Friday, 05 September 2014 08:45 AM

ඉන්දුනීසියාව වගේ රටවල ගැහැණුන්ට නිදහස් අදහස් ප්‍රකාශ කරන්න තිබෙන අයිතිය අඩුයි (නි)

:       0       0

සුගුනවති Thursday, 04 September 2014 08:40 PM

ආසියාවේ තියෙන සමහර රටවලට තුන්වන ලෝකයේ රටවල් කියන්නේ කට කහනවට නෙමෙයිනේ (නි)

:       0       0

චමින්ද Thursday, 04 September 2014 12:50 PM

ඉන්දුනීසියාවේත් තියෙන සමහර නීති රීති හොඳයි 19 වැනි ශතවර්ෂයට. හරියට නිකන් අපේ වාරියපොළ කොල්ලා අත්අඩංගුවට ගත්තා වගේ. (නි)

:       0       0

තිලාන් Tuesday, 07 October 2014 08:02 AM

තවත් එළකිරි වැඩක් (නදී)

:       0       0

තේජාන්විත Friday, 05 September 2014 04:14 AM

සුගුනවති, ඔය කට අරිනවා නම් මම කටට මී පැණි වත්කරනවා (නි)

:       0       0

ජානක Thursday, 04 September 2014 02:12 PM

මෙය යුක්ති සහගත ද (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 1505 1

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු
2024 අප්‍රේල් මස 26 235 0

තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්


ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට
2024 අප්‍රේල් මස 26 87 0

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 262 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 155 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 134 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site