IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


දෙහැවිරිදි පුතා මවට කවයි

ආබාධිත මවට ආහාර විකා කවන දෙහැවිරිදි දරුවකු ගැන වාර්තා වන්නේ චීනයේ ජියැන්ග්සු ප‍්‍රදේශයෙනි.

මවගේ නම ෂෑන්ග් රොන්ග්සියෑන්ග්ය.ඇය මිීට වසර දෙකකට පෙර රිය අනතුරකට මුහුණ පෑ තැනැත්තියකි.රිය අනතුර සිදුවන අවස්ථාවේ ඇය ගැබිණියක්ව සිටියාය.

මුහුණ පෑ අනතුරේ බරපතල බව නිසාම ෂෑන්ග් ‘කෝමා’ තත්ත්වයකට පත්වූවාය.වෛද්‍යවරුන් ඇය යළි සිහිනොලබනු ඇතැයි පැවැසුවද ෂෑන්ගේ සැමියා වන ගවෝ ඩෙජින් ඇය රැක බලා ගත්තේය.

ඇයගේ සිරුර මනා සේ කි‍්‍රයාකාරී වූ නිසා ගර්භයේ වූ කළලයේ වැඞීමට බාධාවක් නොවීය.දවස් ගෙවුණු පසු ‘‘සිසේරියන්‘‘ සැත්කමක් ආධාරයෙන් සිහිනොමැතිව සිටි ෂෑන්ග්ගේ කුසෙන් පිරිමි දරුවෙක් මෙලොවට බිහි වුනේය.

ගවෝ ඔහු නම් කළේ ගවෝ ක්වින්බෝ ලෙසය.කුඩා ක්වින්බෝ උපන්දා සිටම හැදී වැඩුනේ සිහිසන් නොමැතිව සිටි මවගේ තුරුල්ලේය.

වසරක් ගෙවී උදාවුණු මැයි මසදී ප‍්‍රාතිහාර්යයක්ම සිදුවිය.වෛද්‍යවරුන් යළි නැගිටින්නේ නැතැයි කී ෂෑන්ග් යළි පියවි සිහිය ලැබුවාය.එහෙත් ඇයට පෙර මෙන් තම කටයුතු කර ගැනීමේ හැකියාවක් නොවීය.ඒ තවමත් ශරීරය දුබල බැවිනි.

කුඩා ගාවෝ මවගේ සහයට ආවේ මෙවිටය.තම මුඛයට බහා ගන්නා ආහාර විකා මවට කවන්නට ගාවෝ පටන් ගත්තේය.ආහාර සැපීමටවත් ශක්තියක් නොමැතිව සිටි ෂෑන්ග්ට මෙය මහත් ශක්තියක්ම විය.

ගාවෝ විකා තම මුවට හෙළන ආහාර ෂෑන්ග්ට ඇත්තේ ගිලින්නට පමණි.දෙහැවිරිදි තම දරුවා දැන් සිටම තමන්ට උවටැන් කරනු දකින මව අපමණ සතුටට පත්ව සිටින්නිය.

ගාවෝගේ මේ කි‍්‍රයාව නිසා ෂෑන්ග්ට දියරමය ආහාර ලබා දීමට වෛද්‍යවරුන්ට අවශ්‍ය නොවිය.ඔවුන්ගේ අදහස වන්නේ කුඩා ගාවෝ නිසාම ෂෑන්ග් නුදුරේදීම දෙපයින් නැගී සිටිනු ඇති බවයි.

 



අදහස් (0)

දෙහැවිරිදි පුතා මවට කවයි

දිසානායක Tuesday, 24 September 2013 07:41 PM

මහමෙර උසට දරු සෙනෙහස හද රන්දා. ලේ ඇට නහරේ ගී රාවය මම වින්දා. .ලොව දුටු කල ඔබ අසරණ උණු හින්දා. හපලා කවමී මගේ අදර සුදු අම්මා.(නදී)

:       0       0

චමී Tuesday, 24 September 2013 07:41 PM

පුතේ ඔයාට කවදාවත් වරදින්නේ නැහැ.මේ තාත්ත කරපු කැප කිරීමත් ගොඩක් ලොකු එකක්. මේ අම්මට ඉක්මනින් සුව වේවා. ඇසට කදුළු එන කතාවක්.(නදී)

:       0       0

දම් Tuesday, 24 September 2013 02:30 PM

ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි, ආදර්ශමත් උතුම් දරුවෙක්. (ස)

:       0       0

මානෙල් Wednesday, 25 September 2013 02:09 PM

ලොවටම වටිනා දරුවක් . මවට ඉක්මන් සුව ලැබේවා. (ස)

:       0       0

ප්‍රගීත් Tuesday, 24 September 2013 02:38 PM

පුතේ ඔබට බුදු සරණියි.. (ස)

:       0       0

ප්‍රභාත් Tuesday, 24 September 2013 02:40 PM

මේ ලෝකේ තව ජීවත් වෙන්ඩ හිතෙන ආරංචි..... (ස)

:       0       0

පද්මේ Tuesday, 24 September 2013 02:53 PM

මේ කුඩා දරුවාගේ සත් ක්‍රියාවේ බලයෙන් මේ මව සනීප වෙන්න...අවුරුදු දෙකක දරුවෙක්ට මවකගේ අවශ්‍යතාව ඉතා විශාලයි..... (ස)

:       0       0

ෆීනා Tuesday, 24 September 2013 02:57 PM

පුතේ, ඇත්තටම නුඹ සුපිරි පුතෙක්... (ස)

:       0       0

මීෂා Tuesday, 24 September 2013 03:09 PM

ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි !!! (ස)

:       0       0

ශාන් Tuesday, 24 September 2013 03:10 PM

ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු... (ස)

:       0       0

චන්දන Wednesday, 25 September 2013 09:31 AM

නියමයි පුතා. ඔයාටයි අම්මටයි ජේසු පිහිට ලැබේවා! (නි)

:       0       0

මංජුල Wednesday, 25 September 2013 03:20 PM

අම්මා බුදු වේවා. රත්තරන් චූටි පුතෙක්. (ස)

:       0       0

හේමන්ත Tuesday, 24 September 2013 03:16 PM

පුතුනි ඔබට බුදු බවම ලැබේවා ! තෙරුවන් සරණින් නිදුක් නීරෝගී වේවා! (ස)

:       0       0

නදිර්ශි රණසිංහ Wednesday, 25 September 2013 09:40 AM

හරිම දුකයි. ඒත් ලොකු සතුටක් දැනෙනවා. අම්මට ඉක්මනටම සනීප වේවි. (ස)

:       0       0

කෙනත් Tuesday, 24 September 2013 09:33 PM

ගව් ගණනක් තම මව කරතබාගෙන සයුරු රළ පරයා වෙරළට පිහිනා ගිය අප මහා බෝසතුන් තම මවගෙන් බුද්ධත්වයට නියත විවරන ගත් ඒ මාතුපෝසක ජාතකය මට නැවත සිහි වුනා, පුන්චි හුරතල් පැටියෝ, ඔයා බෝසත් දරුවෙක්! (නි)

:       0       0

කුමාරි Tuesday, 24 September 2013 03:22 PM

සංසාරේ සිටම පතාගෙන එන දෙන්නෙක්. බුදු සරණයි (නි)

:       0       0

සුසන්ත Tuesday, 24 September 2013 03:24 PM

අම්මව ඉක්මනින්ම සනීපකර ගන්නට රත්තරන් පුතාට හෑකිවේවා! (නි)

:       0       0

මලිති - ඇමරිකාව Tuesday, 24 September 2013 09:46 PM

රත්තරන් පුතේ ඔබටත් මවටත් සම්මා සම්බුදු සරණින් සිතන පතන සැම දේ ඉටු වේවා !(නදී)

:       0       0

හුසෙයින් Wednesday, 25 September 2013 09:57 AM

සුභ පැතුම්. (ස)

:       0       0

කසුන් Tuesday, 24 September 2013 03:35 PM

මල්ලියේ, ඔයාට තුනුරුවන්ගේ සරණයි (නි)

:       0       0

දීප Tuesday, 24 September 2013 03:38 PM

පුතේ, නුඹ රත්තරන් රටක් වටිනා පුතෙක් (නි)

:       0       0

සෑම් Tuesday, 24 September 2013 03:49 PM

මගේ ඇස් වලට කදුලු ආවා. (නි)

:       0       0

සිංහ Tuesday, 24 September 2013 10:47 PM

පිස්සු හැදෙනවා මේවා අහද්දී (නි)

:       0       0

අවිශ්ක Tuesday, 24 September 2013 03:58 PM

වරුණ මේවා ඉගෙන ගන්න. උරුලෑවෝ ගැන කිය කියා ඉඳලා හරියන්නේ නැහැ (නි)

:       0       0

සුදුමල් බණ්ඩාර Tuesday, 24 September 2013 04:03 PM

මෙවැනි දේවල් අහන්න ලැබීම මගින් මනසට දැනෙන්නේ මහා පුදුම සතුටක් ශක්තියක්! මෙවැනි පුතුන් දුවරුන් වැඩි වැඩියෙන් ලෝකයට දායාද වේවා!!! (නි)

:       0       0

හර්ෂණ පෙරේරා Tuesday, 24 September 2013 11:36 PM

පුතේ, ඔයා කරගන්නේ ලොකු පිනක් (නි)

:       0       0

කුමාර Tuesday, 24 September 2013 11:36 PM

හැමෝම මේ දරුවාගේ පියා අමතක කරලා වගේ (නි)

:       0       0

දම් Tuesday, 24 September 2013 11:37 PM

එක පුන් සඳෙන් දුරු වේ ලොව ඝන අඳුරු. (නි)

:       0       0

කීර්ති Wednesday, 25 September 2013 10:49 AM

හදවතට දැනෙන පුවතක්. මවට ඉක්මන් සුවය ලැබේවා! (නි)

:       0       0

පැතුම් Wednesday, 25 September 2013 10:53 AM

ආදරණීය පුතෙක්, බුදු සරණයි. (නි)

:       0       0

චන්දි Wednesday, 25 September 2013 10:53 AM

අනේ! මෙලෝ හතරක් නොදන්නා මේ කිරි සප්පය කරන මේ සත්ක්‍රියාව දැකලා මගේ මුළු හදවතින්ම දෙනෙතට කදුළු නැගුනා. මේ මවටත් පුතාටත් ලොව පාලනය කරන්නාවූ සියලුම දෙවි,දේවතාවුනි, වැඩම කෙරේවා මේ කැදැල්ලට, මොවුන් සුවපත් කරනු හනිකට.., පුදුම කරමින් වසර දෙකකට.., කෑම කවනවා වැදූ මව් හට !!! පුතේ නුබ බුදුබව ලබන්නට පෙරුම් පුරනවා නේද ..?නුඹට බුදුබව ලැබියන් !! සාදු.., සාදු.., සාදු (නි)

:       0       0

රජීව් Wednesday, 25 September 2013 05:12 PM

රත්තරන් පුතා (නි)

:       0       0

කේ.එච්.ආර්.කේ.දිසානායක Tuesday, 24 September 2013 04:35 PM

එක පුන් සදින් දුරුවෙයි ලොව ගන අදුරු . (නි)

:       0       0

රූපවතී Wednesday, 25 September 2013 12:05 AM

මේක කියව ගෙන යන විට ඇහේ කදුළු ගෙඩි වලට අකුරු බොද උනේ. හරිම සංවේදී නිව්ස්එකක්. අනේ සියලු දෙවියන්ගේ ආරක්ෂාවෙන් ඒ මාතාවට හැකි ඉක්මනින් සියලුඋම රෝග අපහසු කම් සුවවී ..මවට හා දරුවට ඔව්නොවුන්ගේ සෙනෙහස විදගන්න ..දෙවියන්ගේ ..මහා ප්‍රාතිහාර්යකින් ..ඔවුන්ට ශක්තිය ලැබේවා (නදී)

:       0       0

රෝහණ Wednesday, 25 September 2013 11:12 AM

මේවගේ දරුවන් බුදුන් දැක නිවන් දකින්න වුමනයි. අද මෙම ධර්මද්වීපයෙත් ඇතැම් දරුවන් අම්මලට සලකන අන්දම දැක්කම මෙම දරුවා ලබන්නට මෙම මෑණියන් පෙර ආත්මවල ලොකු පිනක් කරන්න උවමනායි. (ස)

:       0       0

තාරක Wednesday, 25 September 2013 05:20 PM

මේ වගේ දරුවෙකුගේ පිහිට ලබන අම්මා වගේම මේ වගේ දෙයක් අහන්න අපිත් පින් කරලා තියනවා. ඒ තාත්තට මොනතරම් ශක්තියක්ද මේ පුතා? තුන්දෙනාටම තෙරුවන් සරණයි !!!! (නි)

:       0       0

අමරා Tuesday, 24 September 2013 04:51 PM

පින්වන්ත පුතෙක් වාසනාවන්(අ)

:       0       0

අමරා Tuesday, 24 September 2013 04:51 PM

පින්වන්ත පුතෙක් වාසනාවන් (අ)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Friday, 27 September 2013 07:39 AM

හරිම හැඟුම් බර කතාවක්.පුතාට, අම්මට ත්‍රිවිධ රත්නයේ පිහිටෙන් සැනසුම ලඟා වේවා!! ලංකාවේ මිනිසුන් කොතරම් සංවේදී ද කියලා මට හිතෙනවා. ගජබා කියන එකට මමත් නවසීලන්තේ සිට එකඟ වෙනවා. (ස)

:       0       0

ටිරෝන් Tuesday, 24 September 2013 05:04 PM

අනේ චූටි පුතේ, ඔයාට ගොඩක් පින්! (නි)

:       0       0

අසෝක Wednesday, 25 September 2013 12:49 AM

නයි වගේ විසකුරු මිනිසුන් ගෙන් පිරුණු ලෝකයේ බෝසත් ගති ඇති දරුවනුත් බිහිවෙන බව සිතන්න . නුබේ ලෝකය වාසනාවෙන් ආලෝකමත් වේවා!(නදී)

:       0       0

මදූ ෂෙරීනා Wednesday, 25 September 2013 06:12 PM

පුතේ ඔයාටත් අම්මටත් තෙරුවන් සරණයි.(නදී)

:       0       0

නිමල් Tuesday, 24 September 2013 05:28 PM

මගේම රත්තරන් පුතේ, ඔයා ලෝකෙටම රජ වේනන ඕනෑ (නි)

:       0       0

තුසි Tuesday, 24 September 2013 05:35 PM

අහන්න ලැබීමත් සතුටක්. බොහොම පින් මෙම දැනුවත් කිරීම ගැන (නි)

:       0       0

ඉදුනිල් Tuesday, 24 September 2013 05:39 PM

ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි (නි)

:       0       0

අයෝමා Wednesday, 25 September 2013 04:04 AM

ලස්සන හිනාවක් තියෙන වාසනාවන්ත පින්බර චුටි පුතෙක්..ජේසු පිහිටයි.(නදී)

:       0       0

දිලූ Wednesday, 25 September 2013 12:25 PM

ඇත්තටම කිසි දෙයෙක් ලියාගන්න බැහැ. කඳුළු උනනවා ඇස වලට. (ස)

:       0       0

ශාන්ත Tuesday, 24 September 2013 01:22 PM

ලෝකේ කොහේ හෝ කමක් නැහැ.අම්මටත් පුතාටත් සියලු දෙවි රැකවරණ ලැබේවා! මාතු පාදං නමාමි. (නි)

:       0       0

හේරත් Tuesday, 24 September 2013 06:12 PM

ආඩම්බරයි කොල්ලෝ. උඹ නියම පැටියෙක්.වාසනාවන්. (නි)

:       0       0

තේජා Tuesday, 24 September 2013 01:24 PM

වාසනාවන් චුටී පුතේ (නි)

:       0       0

සරත් Wednesday, 25 September 2013 05:04 AM

වාසනාවන්ත පුතෙක් සහ අසරණ නොවූ මවක්.හදවතට දැනෙන සුන්දර පුවතක්.බුදු සරණයි (නි)

:       0       0

ධනුෂ්ක Tuesday, 24 September 2013 01:26 PM

නියමයි පුතේ. නුඹ මොන රටක ජාතියක ඉපදුනත් පුතේ නුඹ මුළු ලෝක ජාතියටම ආඩම්බරයක්. (නි)

:       0       0

අජන්තා Friday, 08 November 2013 03:58 PM

පුතේ ඔයාට බුදු සරණයි.ඔයාගෙ අම්මට ඉක්මනින් සුව වේවා..........(නදී)

:       0       0

මනෝජ් පිරිස් Tuesday, 24 September 2013 06:21 PM

බුදු ගුණ බලයෙන් මව ඉක්මනින් සුවපත් වී චුටි පුතාට ජය සතුට ළගාවේවා ! (නි)

:       0       0

නිල්මිණි Tuesday, 24 September 2013 01:30 PM

බුදුවන්නට පෙරුම් පුරන තවත් බෝසතාණෝ කෙනෙක් විය හැක (නි)

:       0       0

ජනක Tuesday, 24 September 2013 06:24 PM

පුංචි පුතා අම්මාට දක්වන ආදරය නිසාම මේ අම්මාට ඉක්මන් සුවය ලැබෙනවා. සියලු දේව ආශිර්වාදය ලැබේවා! (නි)

:       0       0

නදීෂාන් Tuesday, 24 September 2013 01:40 PM

රත්තරන් වටිනා දරුවෙක්. (නි)

:       0       0

ජගත් Tuesday, 24 September 2013 06:29 PM

ඒ පුතා මුළු ලොවටම ආදර්ශයක්. බුදු සරණයි! (නි)

:       0       0

දිසානායක Wednesday, 25 September 2013 01:24 PM

මගේ දයාබර සහෝදරවරු සහෝදරියෝ මේ පුවත කියවලා මගේ කවියත් කියවන්න එතකොට හිතට දැනෙන හැඟීම වචනවලට ගලපගන්න පිටුවහලක් වේවී. (ස)

:       0       0

සිසිර Tuesday, 24 September 2013 01:51 PM

ඔන්න නියම දරුවෝ. අපේ අය අම්මාගේ කටට දාපු එකත් කනවා (නි)

:       0       0

රංග Tuesday, 24 September 2013 01:54 PM

ලෝකයටම ආදර්ශයක් (නි)

:       0       0

මොහාන් Tuesday, 24 September 2013 06:44 PM

හැමදාම පත්තරේ බලනකොට දකින දූෂණ /වංචා /මිනීමැරුම්...වලට වැඩිය, මේ ප්‍රවෘත්තිය කොච්චර හොදද ? කොච්චර සිත සසල කරන දෙයක්ද?ඔබගේ පුංචි පවුලට තෙරුවන් සරණයි. (නි)

:       0       0

ගජබා Tuesday, 24 September 2013 01:55 PM

ලෝකය මොන තරම් සොඳුරුද?? (නි)

:       0       0

කමල් Tuesday, 24 September 2013 07:00 PM

ජය! (නි)

:       0       0

නලින් Wednesday, 25 September 2013 08:23 PM

පින් ඇති පුතෙක්. තෙරුවන් සරණින් අම්මට ඉක්මන් සුවය ලැබේවා..!!(නදී)

:       0       0

ගජබා Wednesday, 25 September 2013 01:47 PM

එකනේ මම කිවුවේ...අපි ඔක්කොම එක වගේ..හැමෝගෙම ඇස් වලට කඳුළු ඇවිල්ල....ඉතින් අපි ඔක්කොම සංගමයක් හදමු..!! සමහර විට අපේ රටේ මේ වගේ දරුවන්ට අපිට උදවුවක් කරන්න පුළුවන් වෙයි...(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 1560 1

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු
2024 අප්‍රේල් මස 26 247 0

තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්


ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට
2024 අප්‍රේල් මස 26 92 0

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 263 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 155 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 134 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1731 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site