IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ඡන්දය දෙන්න යන්න එපා:තලේබාන් සටන්කාමීන්ගෙන් අනතුරු

 

තලේබාන් සටන්කාමීන්

 

පාකිස්තාන මහ මැතිවරණය හෙට (11) ආරම්භ වීමට නියමිත අතර, ඡන්දය දීමෙන් වළකින්නැයි තලේබාන් සටන්කාමීහු ජනතාවගෙන් ඉල්ලා සිටිති.

තලේබාන් සටන්කාමීන්ගේ අණසක වැඩිපුර බලපැවැත්වෙන්නේ පාකිස්තානයේ ගෝති‍්‍රක ප‍්‍රදේශවලය. වසිරිස්තාන ප‍්‍රාන්තයේ පති‍්‍රකා බෙදා හරිමින් තලේබාන් සංවිධානය ප‍්‍රකාශ කර ඇත්තේ ඡුන්ද පොළට යන කාන්තාවනට දෙවියන් වහන්සේගේ කැමැත්ත පරිදි දැඩි දඬුවම් හිමිවන බවය.

මැතිවරණය පැවැත්වෙන්නේ පාර්ලිමේන්තු නියෝජිත මන්තී‍්‍ර මණ්ඩලයට නියෝජිතයන් තෝරා ගැනීම සඳහා සහ පළාත් සභා හතරකට නියෝජිතයන් තෝරා ගැනීම සඳහාය.

පාකිස්තානයේ ලියාපදිංචි ඡන්ද දායකයන්ගේ ගණන 8,62,00,000 කි. එයින් තුන් කෝටි 76 ලක්ෂයක් කාන්තාවෝ ය. හාර කෝටි අසූ හය ලක්ෂයක් පිරිමිය. පාකිස්තාන මැතිවරණ කොමිසම විසින් ඡුන්ද මධ්‍යස්ථාන 70,000 ක් රට පුරා පිහිටුවා ඇත. එයින් සියයට 40 ක් වෙන් වී ඇත්තේ කාන්තාවන් සඳහා පමණි.

මැතිවරණය පැවැත්වෙන බව නිවේදනය කළ අවස්ථාවේ සිටම පාකිස්තාන තලේබාන් සටන්කාමී සංවිධානය කීවේ එය කඩාකප්පල් කරන බවය. මැතිවරණ ප‍්‍රචාරක කටයුතු ඇරැඹීමෙන් පසු ඉකුත් අපේ‍්‍රල් 11 වැනිදා සිට මේ දක්වා පාකිස්තානයේ නගර රැසකින් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා වාර්තා විය. 

තලේබන් මරාගෙන මැරෙන බෝම්බකරුවෝ දේශපාලන රැුලිවලට කඩා වැදී එම බෝම්බ පුපුරුවා ගත්හ. වෙඩි තැබූහ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන ක‍්‍රමය, ඉස්ලාම් විරෝධී යැයි තලේබාන්වරුන්ගේ මතයයි.

 



අදහස් (0)

ඡන්දය දෙන්න යන්න එපා:තලේබාන් සටන්කාමීන්ගෙන් අනතුරු

උදය Saturday, 11 May 2013 08:22 PM

කර්මය හැම විට ඉස්මතු වෙන හැටි දකින්න පුළුවන්.(නදී)

:       0       0

මුස්තාක් Sunday, 12 May 2013 01:41 PM

අනේ දිනේෂ්, මේ පුවත පකිස්තානයේ එකක් ලංකාවේ නෙමෙයි. අපිත් ලංකාවේ උපන් මිනිස්සු ඔයාලා වගේම සමහර විට ඔයාලට වඩා රටට ආදරය කරන අය අපි. නිකන් ජාතිවාදය අවුසන්න එපා. අවුරුදු තිහකට කලින් කොහෙද හිටියේ. ඒක නවතන්න තිබ්බනේ. මගේ හොදම යහළුවා සිංහලයෙක්. නමුත් ඔබ වැනි නුගත් ජාතිවාදියෙක් නෙමෙයි.(නදී)

:       0       0

නදීකා Friday, 10 May 2013 11:31 AM

කාන්තාව සමග එකට ඉන්න හොද නම් අනෙක් දේවල් ඇයි වෙන වෙනම කරන්නේ? (නි)

:       0       0

ශාන් Saturday, 11 May 2013 10:02 PM

සේරම්, ඔයා ගිහින් කට්ටියව බේර ගන්ඩ කෝ ඇත්ත කියලා.(නදී)

:       0       0

කුමාර් Sunday, 12 May 2013 04:49 PM

හලෝ මෙයාල තමයි කුරානය හරියටම අදහන, මොහොමඩ් නබි තුමා ගිය පාරේම යන නියම මුස්ලිම් වරු.(නදී)

:       0       0

දිනේෂ් Saturday, 11 May 2013 02:04 PM

කව්රුවත් ලංකාවේ මේ වගේදේවල් කරන්න හිතන්නවත් එපා. මොකද සිංහල අපි පණපිටින් ඉන්නකන් ලංකාවේ ඒවාට ඉඩ තියන්නේ නැහැ.(නදී)

:       0       0

සුගත් Friday, 10 May 2013 12:48 PM

මේ අය සේරම කරන්නේ දෙයියෝ පිටින් දාලා. ගැහැණු ජන්දය දැම්මට තියෙන වරද මොකක්ද? (නි)

:       0       0

සේරම් Friday, 10 May 2013 05:46 PM

ගෑනුන්ට ගොඩක් කරදර හිරිහැර වෙන්නේ ඔය වගේ මුස්ලිම් රට වල තමයි. (නි)

:       0       0

ප්‍රසන්න Friday, 10 May 2013 12:54 PM

ඔන්න මුස්ලිම් රට වල අයගේ වැඩ. අපේ නැගෙනහිර අපි බෙර ගන්න ඕනෑ. මුස්ලිම් අන්තවාදය දැන්ම නවත්වන්න ඕනෑ (නි)

:       0       0

කුරුවිට Friday, 10 May 2013 01:30 PM

අපි බලමු ඔය දෙවියන්ගේ කැමැත්තට කී දෙනෙක් යයිද කියලා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 1524 1

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු
2024 අප්‍රේල් මස 26 237 0

තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්


ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට
2024 අප්‍රේල් මස 26 89 0

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 262 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 155 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 134 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site