IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ගෝලීය ආර්ථිකය දැඩි අවදානමක - අන්තර්ජාතික මූල්‍ය අරමුදල

ලන්ඩන්හිදීය (රොයිටර්ස්)
 
ගෝලීය ආර්ථිකය දැඩි සුළි කුණාටුවකට හසුවීමේ අවදානමක් ඇතැයි ද ආණ්ඩු සහ මහ බැංකුව ඊට සූදානම් නැතැයි ද අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ඉහළ පෙළේ නිලධාරියෙක් අද (11) අනතුරු ඇඟවීය. 

 
අන්තර්ජාතික මූල්‍ය අරමුදල පසුගිය වසර දෙකක කාලය මුළුල්ලේ ආණ්ඩුවලට මේ පිළිබඳව අනතුරු ඇඟවූ බවත් ඉදිරියේදී ඇති විය හැකි අවදානමකට සූදානම් වන ලෙස පැවැසූ බවත් එම නිලධාරියා කීවේය.
 
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ ඬේවිඞ් ලිප්ටන් එම කරුණු සඳහන් කළේය. 
 
“ඔබ වගේම මමත් සුළි කුණාටු එන බව දකිනවා. අඳුරු වළාකුළු එක්රැස් වෙමින් තිබෙනවා. අර්බුදයක් ඇතිවීම වැළැක්වීමට ගෙන ඇති පියවර ප්‍රමාණවත් නැහැ” බ්ලූම්බර්ග් සමාගම පැවැත්වූ බැංකු සමුළුවකට එක්වෙමින් ඬේවිඞ් ලිප්ටන් එම කරුණු කීය.
 
දැන් ඇති වී තිබෙන සීමා සහ අවදානම් තත්ත්ව හේතුවෙන් ප්‍රතිපත්ති සම්පාදකයන් දැඩි පීඩනයකට ලක්ව ඇතැයි ද හෙතෙම අනතුරු ඇඟවීය. 
 
එහිදි ඔහු මෙසේ ද කීය. 
 
     “මහ බැංකු නව පියවර ක්‍රමවේද සොයා යාවී. එහෙත් එම සම්ප්‍රදායනුකූල නොවන සහ අලුත් ක්‍රියාමාර්ගවල පලදායී බව අවිනිශ්චිතයි. මූල්‍ය ප්‍රතිපත්තිවල ශක්තිමත් බව පිළිබඳව අපි ශක්තිමත් විය යුතුයි. බොහෝ ආණ්ඩුවලට ඒ කිසිවක් සඳහා ඉඩක් නැහැ. බෙහෝ ආණ්ඩු දැනටමත් විශාල ණයවලට හිරවෙලා. ණය බරින් පෙළෙනවා. මීට අවුරුදු 10කට කලින් සිදු වූ දෙය වනු ඇතැයි අපි අපේක්ෂා කරන්නේ නැහැ. දේශපාලන තත්ත්ව පිළිබඳවත් සැලකිලිමත් විය යුතුයි. දේශපාලන තත්ත්ව ද මූල්‍ය තත්ත්ව මෙන්ම ගෝලීය ආර්ථිකය මත බරක් නිර්මාණය කරනවා. 
 
ඇමෙරිකා එක්සත් ජනපදය සහ චීනය අතර තිබෙන වෙළෙඳ යුද්ධය දැනට තිබෙන ප්‍රධාන අවදානම බව කිව යුතුයි. තර්ජනයට ලක්ව තිබෙන සියලු බදු ක්‍රියාත්මක කළහොත් 2020 වනවිට ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් හතරෙන් තුනෙන් අහිමි වන අන්තර්ජාතික මූල්‍ය අරමුදල ඇස්තමේන්තු කර තිබෙනවා. එහෙම වුණොත් එය අපි විසින්ම ඇති කරගන්නා තුවාලයක් බව කිව යුතුයි”. 
 
055



අදහස් (0)

ගෝලීය ආර්ථිකය දැඩි අවදානමක - අන්තර්ජාතික මූල්‍ය අරමුදල

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 1457 1

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු
2024 අප්‍රේල් මස 26 225 0

තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්


ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට
2024 අප්‍රේල් මස 26 84 0

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 261 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 155 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 133 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site