පසුගියදා කඩාවැටුණු බංග්ලාදේශයේ ඩකා නුවර පිහිටි මහල් අටකින් යුත් වෙළෙඳ සංකීර්ණයේ හිමිකරු ඊයේ(28) පොලිස් අත්අඩංගුවට පත්විය.
ගොඩනැගිල්ල කඩා වැටීමෙන් එහි සිටි 370කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. තවමත් සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයන් සොයා අඛණ්ඩ මෙහෙයුම් සිදු කෙරේ. දිවි ගලවාගැනීමේ මෙහෙයුම්වලදී 50කට අධික පිරිසක් බේරා ගැනීමට හැකි විණැයි සහන සේවකයෝ පවසති.
අනාරක්ෂිත ලෙස නිසි ප‍්‍රමිතියකින් තොරව ගොඩනැගිලි ඉදි කර තිබීම එහි හිමිකරුට එල්ල වන චෝදනාවයි. එම චෝදනා යටතේ ඔහු අධිකරණය හමුවට පැමිණවීමට නියමිත බව ඩකා පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඇඟලූම් කම්හල් හිමිකරු ඉන්දියාවට පැන යාමට සූදානමින් සිටි බව එරට නියෝජ්‍ය ස්වදේශ කටයුතු ඇමැති ෂම්සුල් හක් සඳහන් කරයි.
කම්හල් හිමිකරු අත්අඩංගුවට පත්ව ඇත්තේ ඉන්දීය - බංග්ලාදේශ දේශසීමාබදව පිහිටි බෙනපෝල් නගරයේදීය.
මේ අතර කඩාවැටුණු ගොඩනැගිල්ලේ පිහිටි කර්මාන්ත ශාලාවල හිමිකරුවන් තිදෙනෙක් පෙරේදා පොලිස් අත්අඩංගුවට පත්විය. සේවකයන්ගේ ජීවිත පිළිබඳව නොසැලකිලිවත්වීම ඔවුනට එල්ල වන මූලික චෝදනාවයි.
පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.
තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්
නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කඩා වැටුණු ඇඟලූම් කම්හලේ හිමිකරු පොලිස් අත්අඩංගුවට
දයා අලහකොන් Monday, 29 April 2013 11:02 AM
මෙම අනතුරට වගකිවයුත්තෝ බොහෝ දෙනෙකු නීතිය යටතට හසුවීම හොද දෙයක්.(නදී)