IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ඔළුව ලොකු බබාට සාර්ථක සැත්කමක්

ඉන්දියාවේ තී‍්‍රපුර ප‍්‍රාන්තයේ ජිරානියා ගම්මානයේ දිළිඳු පවුලක උපන් 18 මසක් වයසැති රූනා බෙගම් බිළිඳිය මොළයේ දියර එකතු වීම හෙවත් ‘හයිඩ්‍රොසෙපලස්’ රොගී තත්ත්වයෙන් පීඩා විඳි අතර, පෙරේදා (14) නවදිල්ලි නුවර පෞද්ගලික රෝහලක වෛද්‍යවරු ඉදිරිපත් වී ඇය  සැත්කමකට භාජන කළහ.
සැත්කම සාර්ථක වූ බව ඊට සම්බන්ධ වූ ස්නායු වෛද්‍යවරු ප‍්‍රකාශ කළහ. බිළිඳිය තී‍්‍රපුර ප‍්‍රාන්තයේ සිට නවදිල්ලියට රැගෙන යනු ලැබුවේ විශේෂ ගුවන් යානයකිනි.
බිළිඳිය ගැනත් ඇගේ දිළිඳු මාපියන් ගැනත් ඉන්දීය මාධ්‍ය ඉකුත් අපේ‍්‍රල් මාසයේදී හෙළි කළ අතර එම අවස්ථාවේදී නවදිල්ලි නුවර පෞද්ගලික රෝහල් රැසක් ඇයට ප‍්‍රතිකාර කිරීමට ඉදිරිපත් වූ බව ද වාර්තා විය.



අදහස් (0)

ඔළුව ලොකු බබාට සාර්ථක සැත්කමක්

පුෂ්පා කොතලාවල Thursday, 16 May 2013 02:49 PM

ශ්‍රී ලංකාවේත් මේ අසනීපය තියෙන බබෙක් හිටියා නේද ? එයාටත් ප්‍රතිකාර කරන්න පුළුවන් ඇති මේ විදියට. මේ බබාටත් ඉක්මනට සුවය ලේබෙවා! (ස)

:       0       0

බුද්ධි Thursday, 16 May 2013 09:16 AM

ඔන්න අර දේවාල, මේ දේවාල ඉන්දියාවේ රට පුරාම තියෙනවා. මේ දැරිය සුවපත් කරන්න බලන්න.(නදී)

:       0       0

සජානි Friday, 17 May 2013 10:09 AM

බුදුරජාණන් වහන්සේගේ මෛත්‍රී ගුණයෙන් ඒ දුට ඉක්මන් සුවය ලැබේවා..! (ස)

:       0       0

සජානි Friday, 17 May 2013 10:09 AM

බුදුරජාණන් වහන්සේගේ මෛත්‍රී ගුණයෙන් ඒ දුට ඉක්මන් සුවය ලැබේවා! (නි)

:       0       0

අනුර Friday, 17 May 2013 02:59 PM

මේ වගේ දෙයක් සතෙකුටවත් වෙන්න එපා පව් අසරණ ළමයා.(ස)

:       0       0

දිශානි Friday, 17 May 2013 08:12 PM

අමිතාබ් බච්චන් මහතා( ෆා ) චිත්‍රපටයේ රගපාපු චරිතය හා සමාන දරුවෙක්. එතුමාවත් උදව් කලොත් පිටරටකට හෝ ගිනිහින් සුවකරන්න. (නි)

:       0       0

අමිල Thursday, 16 May 2013 03:27 PM

පුෂ්පා කොතලාවල, ඒ දරුවා මීට මාසෙකට පමණ උඩදී මියගියා. ලංකවේ කිසිම විශේෂඥ වෛද්‍යවරයෙක් ඒ දරුවට ප්‍රතිකාර කරන්න ඉදිරිපත් වුණේ නැහැ.මේ දරුවාවට ලැබෙන උපකාර දැක්කම ඒ දරුවාගේ දෙමවුපියෝ කොච්චර දුකවෙනවා ඇතිද අද? (නි)

:       0       0

ජනා Thursday, 16 May 2013 09:57 AM

සියලු සත්වයෝ නිදුක් වෙත්වා , නීරෝගී වෙත්වා , සුවපත් වෙත්වා..!! (නි)

:       0       0

නිලංකා Friday, 17 May 2013 11:25 AM

පුංචි පැටියෝ එයාට ඉක්මන් සුවය ලැබේවා ! (ස)

:       0       0

දිසානායක Thursday, 16 May 2013 10:47 AM

බුද්ධි ඒ වගේ දේවල් කියන්න එපා .(නදී)

:       0       0

හංසි Thursday, 16 May 2013 04:22 PM

අනේ පෙර කල අකුසල කර්මයක විපාකෛ. මේ හතුරෙකට්වත් මෙවන් විපත් නොවේවා. මහා බුදුගුණ බලයෙන් මේ දරුවා සුවපත් වේවා. දුකින් මිදෙත්වා. නිවන් දකිත්වා.(නදී)

:       0       0

රූපවතී Thursday, 16 May 2013 12:28 PM

මිනිස් ජීවිතයක් ! දෙවශිර්වාදයෙන් ඒ දැරියගේ ශල්‍යකර්මයෙන් නිරෝගීමත් සාමාන්‍ය ජීවිතයක් ලැබේවායි පතමි ! (ස)

:       0       0

සුනෙත් Thursday, 16 May 2013 12:50 PM

ඇයට ඉක්මන් සුවය පතමි. මේවගේ දේවල් විහිළුවට ගන්න එපා බුද්දි.(නදී)

:       0       0

මොහොමඩ් Thursday, 16 May 2013 01:29 PM

මේ දැරියට සම්පූර්ණ සුවය ඇතිවේවා, ලෝකේ මේ වගේ කිසිදු දරු උපතක් නැවත සිදු නොවේවා.(ස)

:       0       0

තිසල් Thursday, 16 May 2013 01:32 PM

අහිංසක පුංචි කෙලි පැටික්කිට ඉක්මන් සුවය පතමි. හොද වෙලාවට ළමයා ප්‍රදර්ශනය නොකර ප‍්‍රතිකාර කළේ. (නි)

:       0       0

ධනුෂ්ක Thursday, 16 May 2013 01:48 PM

කිසිදු දරුවෙකුට මෙවන් දෙයක් සිදු නොවේවා! (නි)

:       0       0

ගීත් Thursday, 16 May 2013 07:44 PM

අපේ රටෙත් මේ වගේ දරුවෙක් හිටියා. එයාව අන්තිම මොහොතේ අරගෙන ගිහින් තිබුනු රෝහලින් ඒ දරුවාව බාරගන්න බැහැ කියලා තිබුණා. ඒත් බලන්නකෝ ඉන්දියාවේ මනුස්සකම කොහොමද කියලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 1500 1

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු
2024 අප්‍රේල් මස 26 234 0

තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්


ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට
2024 අප්‍රේල් මස 26 87 0

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 262 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 155 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 134 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site