උතුරු ඉන්දියාවේ ප‍්‍රාන්ත නවයක ඊයේ (30) සිදුවූ විදුලිය බිඳ වැටීමකින් ලක්ෂ ගණනක් දැඩි අසීරුතාවකට පත් වූහ. විදුලිය බිඳ වැටුණේ උතුරු ඉන්දියාවට විදුලි බලය සැපැයෙන විදුලි බලාගාර පද්ධතිය හදිසියේම අකි‍්‍රය වීමෙන් යැයි බලාගාරයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඞී.කේ. ජාලින් පැවැසීය. විදුලිය බිඳ වැටුණේ ඊයේ අලූයම 2.40 ටය. නවදිල්ලිය, හර්යානා, හිමාචල්, ජම්මු/කාශ්මීර්, මධ්‍ය ප‍්‍රදේශ්, පන්ජාබ්, රාජස්ථාන්, උත්තරන්චාල් සහ උත්තර ප‍්‍රදේශ් යන ප‍්‍රාන්තවලට විදුලි බලය අහිමි වූ අතර දුම්රිය ගමනාගමන කටයුතුවලට ඉන් බාධා එල්ල විය. නවදිල්ලි ඇතුළු ප‍්‍රධාන නගරවල මාර්ග සංඥා අක‍්‍රිය වීමෙන් දැඩි රථ වාහන තදබද දකින්න ලැබුණි. උතුරු ඉන්දියාවේ ප‍්‍රාන්තවලට විදුලි බලය සැපැයෙන බලාගාර පද්ධතිය නඩත්තු කරන්නේ පවර් සිස්ටම් සමාගමය. ඉන්දියාවේ බිලියන 1.2 ක ජනගහනයෙන් සියයට 28 ක් ජීවත් වන්නේ උතුරුදිග ප‍්‍රාන්තවලය. පවර් සිස්ටම් සමාගම කියා සිටියේ විදුලි බල සැපැයුම යථා තත්ත්වයට පත් කිරීමට ඔවුන් යුහුසුළුව කටයුතු කළ බවය.
පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.
තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්
නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
උතුරු ඉන්දියාවේ ප‍්‍රාන්ත 9 ක විදුලිය ඇනහිටලා
පියල් Wednesday, 01 August 2012 04:17 PM
හොදම වැඩේ. මෙහෙම වෙලා මදි අපිට කරපුවට. (නි)