IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ඊජිප්තු නැවකට අයිඑස් ත්‍රස්තයන්ගෙන් රොකට් ප්‍රහාරයක්

අයිඑස් ත්‍රස්තවාදීන් එල්ල කළ රොකට් ප්‍රහාරයකට හසුවූ මධ්‍යධරණී මුහුදේ මෙහෙයුම් කටයුතු වල යෙදී සිටි ඊජිප්තු නාවික හමුදාවට අයත් විමර්ශක යාත්‍රාවක් ගිණිදැල්වලින් වැසී ගියේය.

අයිඑස් සංවිධානය රොකට් ප්‍රහාරයක් එල්ල කළ පළමු අවස්ථාව ලෙස මෙය සැළකෙන අතර සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ ගොඩබිම සිට පැමිණි රොකට්ටුව මුහුදේ නවතා තිබූ යාත්‍රාවේ ගැටී පුපුරා ගිය බවයි.

යාත්‍රාවට ප්‍රහාරය එල්ලවූ අවස්ථාවේ එහි භටයින් ගොඩබිම අයිඑස් සාමාජිකයින් හා වෙඩි හුවමාරුවක නිරතව සිටි බව ඊජිප්තු ආරක්ෂක අංශ බලධාරීහු කියති.

පුපුරා ගියද යාත්‍රාවේ සිටි කිසිවෙකුගේවත් ජීවිත අහිමිවීමක් සිදුව නොමැත.තුවාළ ලබා මුහුද මත පාවෙමින් සිටි භටයින් වහාම රෝහල් කරා ගෙන ඒමට ඊජිප්තු නාවික හමුදාව කටයුතු කර තිබේ.

ඊජිප්තුවේ ක්‍රියාත්මක අයිඑස් හිතවාදී අන්තවාදී සංවිධානයක් වන අන්සාර් බයිට් අල් මකුවාඩිස් කණ්ඩායමේ සාමාජිකයින්ගේ අනුග්‍රහය ලැබ ඊජිප්තුවටත් අයිඑස් සාමාජිකයින් සංක්‍රමණය වූයේ ගෙවුණු වසරේ නොවැම්බර් මාසයේදීය.

එවක පටන් ඊජිප්තු ආරක්ෂක අංශ සාමාජිකයින් නිරතුරුව අන්තවාදීන් හා ගැටුම් වල නියැලෙන අතර පසුගියදා ටොන් එකක පමණ ඩයිනමයිට් තොගයක් පටවාගත් මෝටර් රථයක් පැදවූ මරාගෙන මැරෙන අයිඑස් අන්තවාදියෙකු ඔහුගේ ඉලක්කයට ළගාවීමට ප්‍රථමයෙන් වෙඩි තබා ඝාතනය කිරීමට ඊජිප්තු ආරක්ෂක අංශ සමත්විය.

2A96662C00000578-3163910-image-m-31_1437054384577[1] 2A96661800000578-3163910-image-a-17_1437054116287[1] 2A94ACD300000578-3163910-image-a-19_1437054135035[1] 2A94D63000000578-3163910-image-a-23_1437054176046[1] 2A96661E00000578-3163910-image-m-34_1437054680766[1]

 



අදහස් (0)

ඊජිප්තු නැවකට අයිඑස් ත්‍රස්තයන්ගෙන් රොකට් ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 1518 1

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු
2024 අප්‍රේල් මස 26 237 0

තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්


ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට
2024 අප්‍රේල් මස 26 88 0

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 262 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 155 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 134 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site