ඉන්දියාවේ මුම්බායි නගරය දෙසට දරුණු සුළි කුණාටුවක් ළඟා වෙමින් පවතින බව කාළගුණ අනාවැකි පවසයි.
අරාබි මුහුද හරහා නිරිත දෙසින් ළඟා වන මෙම සුළි කුණාටුව නිසර්ගා ලෙස නම්කර තිබේ.
වසර 120කින් පමණ පසු මුම්බායි නගරය වෙත හමා එන බරපතල සුළි කුණාටුවක් ලෙස මෙය හඳුන්වා ඇති අතර දැනටමත් දස දහස් ගනනක් පිරිස් උස් භූමි වෙත ගෙනගොස් ඇතැයි වාර්තා වේ.
ඉන්දියානු කාළගුණ අංශ පවසන්නේ සුළි කුණාටුව මේ වනවිට මුම්බායි සිට කිලෝමීටර් 215ක් පමණ දුරින් හමා එමින් පවතින බවයි. එය දරුණු සුළි කුණාටුවක් දක්වා තීව්‍ර වී ඇති බවද ඔවුහු පවසති.
පැයට කිලෝමීටර් 13ක පමණ වේගයෙන් සුළං හමා එන බවත් දැනටමත් මුම්බායි නගරයට තද වැසි ඇදවැටෙමින් පවතින බවත් සඳහන් වේ.
හදිසි තත්ත්වයකට සූදානම් වී සිටින ලෙස ප්‍රාන්ත රජය ජනතාවගෙන් ඉල්ලා ඇත.
ඉන්දියාවේ නැගෙනහිර වෙරළ තීරයට අම්ෆන් සුළි කුණාටුව කඩා වැදීමෙන් සති දෙකක් ගතවීමටත් පෙර මෙම කුණාටුව පැමිණේ.
අම්ෆන් සුළි කුණාටුවෙන් ඉන්දියාවේ සහ අසල්වැසි බංගලාදේශයේ 85කට වැඩි පිරිසක් මියගියහ.
මිලියන 20ක පමණ ජනගහනයක් වෙසෙන මුම්බායි, ඉන්දියාවේ ජනාකීර්ණම නගරයයි. එය ඉන්දියාවේ මූල්‍ය අගනුවර ද වේ.
කොරෝනා රෝගය ව්‍යාප්ත වීම හේතුවෙන් මේ වනවිටත් මුම්බායි නගරය දැඩි ලෙස පීඩාවට පත්ව ඇත.
එහි ආසාදිතයන් 40,000 ක් පමණ තහවුරු වී ඇති අතර 1, 400ක් පමණ මියගොස් තිබේ.
ඉන්දියාවෙන් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 207,191ක් වන අතර මරණ 5, 829ක් සිදුවී ඇත.
(බීබීසී ඇසුරිණි - 085)
පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.
තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්
නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඉන්දියාවට තවත් සුළි කුණාටුවක් එන ලකුණු