IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ආගම මොළය වර්ධනය කරයි

ආගම දහමට ඇති නැඹුරුව මිනිස් මොළයේ වර්ධනයට බෙහෙවින් උපකාරවන බව ඇමෙරිකාවේ කරන ලද පරීක්ෂණයකින් තහවුරු වී තිබේ.

මානසික පීඩනයක් සහිත ඉතිහාසයක් ඇති පුද්ගලයන් ආගමට දහමට නැඹුරු කිරීමෙන් මො‍ළයේ සැළකිය යුතු වර්ධනයක් සිදුව ඇතැයි ද එම ප‍ර්යේෂකයෝ පවසති.

කොලොම්බියා විශ්වවිද්‍යාලයේ මනෝ විද්‍යාව සම්බන්ධ මහාචාර්ය මර්නා විස්මන් පවසන්නේ මිනිසාගේ විශ්වාසයන් හා හැසිරීම් මොළය අභ්‍යන්තරයේ පරාවර්ථනය වන බවයි. එය නවීන තාක්ෂණයෙන් හ දුනාගත හැකි බවත් පර්යේෂකයන් පෙන්වාදෙයි.

මොළය යනු මිනිස් සිරුරේ අතිවිශේෂිත ම වූ අවයවයකි. එමගින් සිරුර පමණක් නොව අපගේ හැසිරීම් ද පාලනය කරයි. මොළයේ වර්ධනය හා අධ්‍යාත්මිකතාව අතර සම්බන්ධය පුදුම සහගතයැයි මහාචාර්ය විස්මන් පවසයි.

මිනිසුන් ආගමට නැඹුරුවීම මොළයේ වර්ධනයට යහපත් බවත් මානසික පීඩනය අවම කිරීමට එය හේතුවක් වන බවත් පර්යෝෂකයෝ පෙන්වාදෙති.

පර්යේෂකයන් පවසන්නේ ආගමට හා අධ්‍යාත්මකි දේ වෙනුවෙන් යොමු වූවන්ට වඩා එලෙස යොමු නොවූවන්ගේ මොළයේ බාහිකයේ ඝනකම අඩු බවයි. මේ පර්යේෂණය සදහා අවුරුදු 18 සිට 54 දක්වා වයසේ පසුවන වැඩිහිටියන් 103 දෙනකු යොදාගෙන ඇත.

පර්යේෂණයට සහභාගී වූ සියළු දෙනා මින් ඉහත මානසික පීඩනයකින් පෙළුණු අයගේ දරුවන් හෝ මුණුපුරු මිනිපිරියන් වීම ද විශේෂත්වයකි. ඔවුන්ගේ ආගමික නැඹුරුව ගැන දෙවරක් ප්‍රශ්න කරමින් සමීක්ෂණය පැවැත්වූ පර්යේෂකයන් අනතුරුව මොළයේ බාහිකයේ ඝනකම ද මැන බැලූහ. ඒ අනුව ඉහත ප්‍රතිඵල ප්‍රකාශයට පත්කැර ඇත.

උතුරු කැරොලිනා හි ඩියුක් විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාව සම්බන්ධ මහාචාර්ය ඩෑන් බ්ලේසර් පවසන්නේ මේ අධ්‍යයනය ඉතා සිත්ගන්නා සුළු දෙයක් වුවත් එය තවදුරටත් ගවේෂණය කළ යුතු බවයි. ඔහු පවසන්නේ මොළයේ බාහිකය පමණක් නොව වෙනත් ප්‍රදේශ ද ආගම හා අධ්‍යාත්මය සම්බන්ධ බවයි. එමෙන්ම ඒ සදහා සමාජ ආර්ථික තත්ත්වය ද සම්බන්ධ විය හැකියැයි හෙතෙම පෙන්වාදෙයි.

 

 



අදහස් (0)

ආගම මොළය වර්ධනය කරයි

සාරංග Friday, 03 January 2014 09:26 AM

ලක්සිරි කොහෙද පැහැදිලි කරලා තියෙන්නේ කියන්නකෝ.(නදී)

:       0       0

සජිත් Friday, 03 January 2014 09:27 AM

බුද්දාගම ආගමක් නෙමෙයි ලක්සිරි දහමක්. එනිසා මේ සමග කිසිම ගැලපීමක් නැහැ.(නදී)

:       0       0

බමුණු Friday, 03 January 2014 10:10 AM

"මගේ මතය නම් එය බෞද්ධ ආගමම විය යුතු නැහැ. " මොලය වර්දනය කරන වෙන ආගම් මොනවද කියා පැහැදිලි කරන්න. (නදී)

:       0       0

රණුක Thursday, 02 January 2014 03:10 PM

මගේ මතය නම් එය බෞද්ධ ආගමම විය යුතු නැහැ. තමන් අදහන ඕනෑම ආගමකම කියන දේවල් සත්‍ය නම් ඒ ගැන මෙනෙහි කරන විට මොලය වර්ධනය වෙනවා.(නදී)

:       0       0

මොහාන් දමාම් Thursday, 02 January 2014 04:27 PM

භාවනාවවෙන් සිත සන්සුන් කර ගැනීම සියලුම රෝග වලට ඖෂදයක් බව එදා බුදුවරු, ඉසිවරු පෙන්නා දුන්නා.(නදී)

:       0       0

දර්ශන Thursday, 02 January 2014 04:39 PM

බුදුන් වහන්සේ දේශනා කළ පරිදි ශීලය, සමාදිය, වර්ධනය කරන තැනැත්තා තුල ප්‍රඥාව නුවණ වර්ධනය වේ.(නදී)

:       0       0

ඉන්දික Friday, 03 January 2014 12:20 PM

සාරංග, ඔය බුද්ධාගම දන්නේ නැතුව ඇති. බුදු දහම සම්පුර්ණයෙන්ම පදනම් වෙලා තියෙන්නේ සිත නැතිනම් සිත ක්‍රියාත්මක කරන මොලය මතයි. (නදී)

:       0       0

ඉන්දික Friday, 03 January 2014 12:26 PM

සාරංග, භාවනාව ගැන දන්නවද?(දිල්)

:       0       0

තාරුක Sunday, 12 January 2014 10:47 AM

100% විශ්වාසද, මටනම් විශ්වාස නැහැ (දී)

:       0       0

සත්‍යයා Monday, 06 January 2014 11:27 AM

සියලුම ආගම් වලින් මොළය දියුණුවෙනවා කියල පිළිගන්න බැහැ. අප විසින් තේරුම් ගත යුත්තේ ආගම් අදහන්නන් වාලේ අදහන අය නොව අදහන දහම තුලින් විමුක්තියක් ලබාගන්න උත්සාහ කරන අයගේ බුද්ධි වර්ධනයයි.(නදී)

:       0       0

ලංකා Saturday, 04 January 2014 11:05 PM

ඒ කියන්නේ ආගමක් අදහන්නේ නැති මිනිස්සුන්ගේ මොලය වර්ධනය බින්දුවයි කියලාද (දී)

:       0       0

සුනිල් Sunday, 05 January 2014 12:00 AM

ඒ කතාව අපිට පිලි ගන්න සිද්ද වනවා (දී)

:       0       0

තුෂාර Friday, 03 January 2014 02:34 PM

මට කියන්න මොකුත් නැහැ මහත්තයෝ ඇත්තමයි (දී)

:       0       0

නන්දන පෙරේරා Thursday, 02 January 2014 08:01 PM

ආඩම්බර වෙලා වෑඩක් නැහැ. පිළිපෑදිමයි වෑදගත්. (ත)

:       0       0

තිලක් Friday, 03 January 2014 02:36 PM

ආගම තුලින් මිනිසා සම්පුර්ණ කරයි (දී)

:       0       0

බන්දුල Friday, 03 January 2014 02:38 PM

ආගම තුලින් මිනිසුන් වෙනස් කරනවා (දී)

:       0       0

බණ්ඩාර Friday, 03 January 2014 02:39 PM

අපිත් පිලි ගන්නවා (දී)

:       0       0

තුසිත Thursday, 02 January 2014 08:25 PM

අනේ මොන බොරුද (ත)

:       0       0

ලක්සිරි Thursday, 02 January 2014 09:01 PM

බුද්ධාගමේ මේ සියලු දේ මැනවින් පැහැදිලි කර ඇත. (ත)

:       0       0

රේණුකා Friday, 03 January 2014 03:40 PM

"ඇයි බමුණු පර්යේෂණයට සම්බන්ධ කරගෙන තියෙන්නේ බෞද්ධ ආගම අදහන අය විතරයි කියලා සදහන් වෙලා තියෙනවද? (නදී)

:       0       0

ප්‍රදීප් Monday, 06 January 2014 01:10 PM

හොඳම ඔසුව බෞද්ධාගම.(දිල්)

:       0       0

ඉන්දික Sunday, 05 January 2014 10:01 AM

ලංකා, ආගම මොලය වර්ධනය කරනවා. වර්දනය වෙන්න බිංදුවේම තියෙන්න ඕනේ නැහැ. (නදී)

:       0       0

සෑම් Friday, 03 January 2014 05:06 PM

ලක්සිරි මේ පර්යේෂණයට යොදා ගත් අය සියලුම දෙනා බෞද්ධයෝ විය යුතුයි.(නදී)

:       0       0

කමල් Friday, 03 January 2014 05:06 PM

සහතික ඇත්ත (දී)

:       0       0

සියනි Friday, 03 January 2014 12:37 AM

බටහිර රටවල් විසින් සොයා ගන්නා දේ ඔවුන්ට අලුත් උවත් ඔවුන් සොයා ගන්නා සියලු දේ පිටුපස බෞද්ධ ධර්මයේ සත්‍යතාවය සැගවී ඇත.(නදී)

:       0       0

ඉන්දික Thursday, 02 January 2014 09:46 AM

මනෝ පුබ්බංගමා ධම්මා. ඕක බුදුහාමුදුරුවෝ කලින්ම කියල තියෙනවා. (ත)

:       0       0

නෙතුමි Sunday, 05 January 2014 12:18 PM

මොන ආගමේ වුවත් මනුෂ්‍යාට කියාදෙන්නේ මනස ක්‍රියාව ආකල්ප හැගීම් දැනීම් මේ හැම දේම යහපත් කරවන්න මිසක වැරදි දේ කරන්න නෙමේන. ඒ අතින් මොලය වර්ධනය වෙනවා මිසක් පිරිහීමක් වෙන්නේ නැහැ. ඒකට ආගම් බේදයක් නැහැ.(නදී)

:       0       0

කුමාරි Thursday, 02 January 2014 10:33 AM

අවංකවම මේ කාරණේ ඇත්ත. මම කියන්නෙත් අත්දැකීමෙන්. අපි අදහන ආගම හරියට තේරුම් අරන් ඒ අනුව අපට ඇතිවන ගැටළු ගැන ආගමේ එන කර්මය හෝ දෙවියන්ගේ ආශිර්වාදය හිතන කොට ගැටලුවේ යතාර්ථය අවබෝද වෙනවා. ඕනෑම ප්‍රශ්නයකට මුහුණ දෙන්න තරම් ආත්ම ශක්තියක් ඇතිවෙනවා. ඒ වගේම ජිවිතයේ යතාර්ථය පෙනෙනවා. මානසිකව නිතරම සැහැල්ලුවක් දැනෙනවා. (නදී)

:       0       0

ජයා Thursday, 02 January 2014 10:46 AM

හොඳම ඔසුව බෞද්ධාගම. (නදී)

:       0       0

සාරංග Thursday, 02 January 2014 10:47 AM

ඒත් එම ආගම සත්‍ය ආගමක් වෙන්න ඕනේ.(නදී)

:       0       0

රොෂාන් Thursday, 02 January 2014 11:32 AM

ස්තුතියි ඒ ගැන දැනුම්වත් කළාට.(නදී)

:       0       0

නැනි Thursday, 02 January 2014 11:32 AM

ඕක දන්නේ දැන්ද ? වසර විසි දහසකට පෙරාතුව හින්දු දර්ශනයේත් වසර් දෙදහස් හය සීයකට පෙර බෞද්ධ දර්ශනයේත් පෙන්වා දුන් දේවල් නේ මේ ගොල්ලෝ දැන් හොයාගෙන තියෙන්නේ.(නදී)

:       0       0

ඉන්දික Friday, 03 January 2014 07:23 PM

බුදුදහම තව තවත් තහවුරු වෙනවට සමහර අයට දුකයි වගේ. (නදී)

:       0       0

කපිල Thursday, 02 January 2014 12:04 PM

අපි නම් ඕවා දැන ගෙන ගොඩක් කල්.(නදී)

:       0       0

සංජීව Friday, 03 January 2014 08:21 PM

එතකොට අයින්ස්ටයින් යන දාර්ශනිකයා දෙවියන් ගැන සංකල්පය ඉදිරිපත් කරපු හැටි කියන්න.(නදී)

:       0       0

බමුණු Thursday, 02 January 2014 01:32 PM

අපට මේක දැනගන්න සැලැස්සුවේ දැනට අවුරුදු 2600 කට පෙර. උතුරු කැරොලිනා හි ඩියුක් විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාව සම්බන්ධ මහාචාර්ය ඩෑන් බ්ලේසර් පවසන්නේ මේ අධ්‍යයනය ඉතා සිත්ගන්නා සුළු දෙයක් වුවත් එය තවදුරටත් ගවේෂණය කළ යුතු බවයි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 1071 1

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු
2024 අප්‍රේල් මස 26 130 0

තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්


ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට
2024 අප්‍රේල් මස 26 71 0

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 248 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 149 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 131 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 340 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1726 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1563 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site