1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල
-Lankadeepa-
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිදුරු හතු, වැලි බිම්මල්, ඉඳ ලෝලු, වැලි හතු, ලේන හතු, මේවා හරිම රසවත්. අවවාදයයි! කිසිම නොදන්නා හතු වර්ගයක් කන්න එපා. හතු වර්ග වල භයානක විෂ තිබිය හැකියි. විශේෂයෙන්ම දීප්තිමත් වර්ණ සහිත කහ රතු නිල් හතු විෂ සහිතයි. (ස)
පිදුරු පොඩ්ඩක් දිරලා වගේම වැස්සකුත් ගියාම ඇති වෙන උණුසුමත් එක්කයි මේවා පිපෙන්නේ.අපි කුඩා කාලේ උදේ පාන්දරින් නැගිටලා ගිහින් අල කොලේකින් 1ක් කඩාගෙන එනවා. ඒවා හැබැයි මේ පෙන්නලා තිබෙන ඒවාට වඩා ලොකුයි. (නි)
මම හිතන්නෙ මේවා නියම පිදුරු හතු නෙවෙයි කියලා. (ස)
පිදුරු හතු වර්ග දෙකක් කමත්වල (පිදුරු තෙත රශ්නයට) පිපෙනවා.නමුත් වෙළඳ පොළේ පිදුරු හතු යනුවෙන් හඳුන්වන්නේ ලී කුඩු සහ යුරියා මිශ්‍රනයක හදන හතු වර්ගයකි.රසය නියම රස නොවේ (නි)
සමන්තිගේ අදහස හරි. හතු වල රසය එය හැදෙන උපස්තරය අනුව තරමක් වෙනස් විය හැකියි. හතු යනු දිරාපත්වන කොළ රොඩු දැව කොටස් ආදිය මත වැඩෙන දිලීර හෙවත් පුස් විශේෂයකි. දිලීරය බොහෝවිට ඇසට නොපෙනේ. හත්ත එහි ඵල හට ගැනීමයි. හතු බෝවෙන්නේ මේ හත්තෙන් පිටව යන කුඩුවැනි බීජාණු මගින්. මා රස බලා ඇති හොඳම හතු වර්ගය ඉඳලෝලු හතුයි. ලේන හතුත් බෙහෙවින් රසවත්. (නි)
ඔබ හරි වන්නි තිලක්, හොදම සහ රසම හතු, ඉදලෝලු සහ ලේන් හතු, ලේන් හතු පිපෙන්නේ දිරච්ච ගස් වල මමත් පොඩි දවස් වල කොහේ දැක්කත් කඩන එනවා හරිම ආස කෑමක්, හැබැයි ඉදලෝලු පිපුන දවසෙම කඩලා උයන්න ඕනේ, නැත්නම් පනුවෝ ඉන්නවා.(නදී)
වන්නි තිලක්, සමන්ති කියන දේ ඇත්ත. ඒත් ලංකාවේ තියෙන රසම හතු වර්ගය සිංහරාජෙ තියන අතුරු හතු. තද දුඹුරු පැහැයයි.පිදුරු හතු අපට ගෙදරදී ම හදාගන්න පුළුවන් ගොයම් කැපුවම. (ස)