
වරින්වර සමාජයෙන් ඇසෙන්නේ කතා කිරීමටත් අප්‍රසන්න, ජුගුප්සාජනක, සිදුවීම්ය. රෝගී දැරියකටවත් ඉන්න නොදෙන කාමාතුරයන් ගැනය. මෙය ද එවැනි කතාවකි. අප මේ කතාව ඔබ හමුවේ තබන්නේ ඔබ ජීවත් වන සමාජයේ සැබෑ තත්ත්වය තේරුම් ගන්නටය.
මේ කතාව ඇහෙන්නේ කරන්දෙණියෙනි. කරන්දෙණිය පුංචි පනාපිටිය රන්දෙනිගමෙනි.
එහි සැකකරු දාහතර හැවිරිදි පාසල් ශිෂ්‍යයෙකි. ඔහු නිසා හිරිහැරයට ලක්ව ඇත්තේ මන්ද මානසික ආබාධිත විසිහතර හැවිරි දි කාන්තාවකි.
කරන්දෙණිය පුංචි පනාපිටිය රන්දෙනිගම පදිංචි හේවා හකුරු පද්මසිරි එදා වැඩට ගිහින් වෙනදාට වඩා වේලාසනින් සිය නිවස කරා පැමිණියේ ඇති වූ හිසේ ඇම්ම නිසාය. නිවස කරා පැමිණෙමින් සිටි ඔහුට සිය නිවසේ ඉස්තෝප්පුවේ සිදු වූ දර්ශනය දුටු ඔහුගේ ඇඟ කිලිපොලා ගියේය. අසල්වාසි නිවසක දරුවකු සිය ආබාධිත මන්ද මානසික දියණියට ලිංගික අපයෝජනය කරමින් සිටිනු දැකීමෙනි. ඒ දරුවා ශිෂ්‍යයකු බව ද ඔහු හඳුනා ගත්තේය.
තමා එන ශබ්දය ඇසී මේ පාසල් ශිෂ්‍යයා නිරුවතින්ම දිව ගියත් පද්මසිරි ඔහු පසු පස පන්නා අල්ලා ගත්තේය. ලණුවකින් බැඳ මේ ශිෂ්‍යයා පොලීසියට භාරදීමට ඔහු කටයුතු කරමින් සිටිය දී පද්මසිරිගේ ග්‍රහනයෙන් මිදී පලා ගියේය.

අසල්වාසි නිවැසියෙකුට සිය දියණිය භාරදුන් පද්මසිරි කෙළින්ම ගියේ කරන්දෙණිය පොලීසියටය. එහි ගිය ඔහු තමාගේ ආබාධිත මන්ද මානසික දියණියට වූ ලිංගික අපයෝජනය පිළිබඳ පැමිණිළි කළේය. ඒ සමගම ක්‍රියාත්මක වූ පොලීසිය මේ පාසල් ශිෂ්‍යයා සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගැනීමට ඔහුගේ නිවසට ගියේය. ඒ වන විටත් ඔහු ප්‍රදේශයෙන් පලා ගොස්ය. පසුව ඔහු නීතීඥයකු මාර්ගයෙන් පොලීසියට භාරවී තිබේ.
භාරවූ මේ ශිෂ්‍යයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුට ඇප හිමිවී තිබේ.
ප්‍රශ්නය නම් එය නොවේ. මේ දැරිය කුඩා කාලයේදීම මීට අවුරුදු දහ අටකට පෙර පද්මසිරිත්, දියණියත් තනිකර දමා ඔහුගේ භාර්යාව වෙනතක් බලා ගැනීමය. එදා සිට මේ මොහෝත දක්වාම මේ මන්දමානසික ආබාධිත දැරිය රැක බලා ගනුයේ ඔහුය. මීට පෙරද සිය ආබාධිත දියණිය කාමාතුරයන් කිහිපදෙනෙකු අතින්ම ලිංගික අපයෝජනයට ලක්ව ඇති බව පද්මසිරි අප සමග කීවේය.
මේ ආබාධිත දැරිය කාමාතුරයන්ගෙන් බේරා ගෙන කුලියක් මලියක් කරගෙන ජීවත්වීම දැන් පද්මසිරීට ලොකු ගැටලුවක් වී තිබේ. රැකියාවට නොගියහොත් තමාගේත් දියණියගේත් කුස පිරවෙන්නේ නැති බව පද්මසිරි අප සමග පැවසුවේ හැඩූ කඳුළෙනි.
දැරිය කාමාතුරයින්ගෙන් බේරා ගැනීමට දරන උත්සාහය
ඒනිසාම ඔහු දැන් සිය ආබාධිත දියණිය රැක බලා ගැනීමට අලුත්ම කටයුත්තක් දියත් කොට තිබේ. ඒ සිය නිවසේ ඉදිරිපස ලී දොර වෙනුවට යකඩ වලින් තැනූ දොරක් සවිකර කුලී රැකියාවට යාමය. එය හරියට ඇය සිපිරි ගෙයකට දැමීම හා සමානය.
මන්ද මානසික ආබාධිත තරුණියකටවත් තනිවම නිවසේ සිටීමට බැරි වටපිටාවක් අද සමාජයේ නිර්මාණය වී ඇත්තේ කාගේ වරදින් දැයි අපි නොදනිමු.
කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd