IMG-LOGO

2025 මාර්තු මස 17 වන සඳුදා


සරණක් නැතිව අසරණ වූ විශාලතම වැඩිහිටි ගම්මානය

 

 

එක සිතුවිල්ලකින් තම ආගමට, ජාතියට හෝ තම රටටවත් නොමැතිව, මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් සේවය කරන්නට සිත මෙහෙය වූ අපූරු නෙදර්ලන්ත ජාතිකයකු විසින් මෙරට නිර්මාණය කළ ලංකාවේ “විශාලතම වැඩිහිටි ගම්මානය” වළ පල්ලට වැටී තිබිය දී ‘ඉරිදා ලංකාදීප’යේ අවධානයට යොමුවිය. 


“සැමන් කර්මාන්ත ශාලාවක්” ආරම්භ කිරීමේ අරමුණ ඇතිව 1994 වසරේදී ලංකාවට පැමිණි නෙදර්ලන්ත ජාතික “හර්මන් ස්ටුවර්” මහතා එම අදහස වෙනස් කරමින් “වෙල්කම් විලේජ්” නම් ලංකාවේ විශාලතම වැඩිහිටි නිවාසය කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නලදී 1996 වසරේදී හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ සහභාගිත්වයෙන් ආරම්භ කෙරිණි. 


තමාගේ කටයුතු කිසිවක් කර කියා ගත නොහැකි, භාරකරුවන් අහිමි, වයස්ගත යාචක පිරිස් සඳහා වැඩිහිටියන් 400කට නේවාසික පහසුකම් සපයන මෙම ගම්මානයෙහි අලංකාර නිවාස 83ක් පවත්වාගෙන යාම සුවිශේෂීම කාරණයකි. 


ගැහැනු, පිරිමි පනස් දෙනෙකු සඳහා පහසුකම්වලින් සපිරි රෝහලක්, දන්ත ශල්‍යගාරයක්, මානසික ආබාධ සහිත වැඩිහිටියන් සඳහා 50කට පමණ පහසුකම් සහිත නේවාසිකාගාරයක්, ආබාධ සහිත වැඩිහිටියන් 50 සඳහා නේවාසිකාගාරයක්, වැඩිහිටියන් හාරසියයක් සඳහා පහසුකම්වලින් සපිරි 500 කට ආසන සපයා ඇති ශ්‍රවණාගාරයක්, සුඛෝපභෝගී භෝජනාගාරයක්, බේකරියක්, ලොන්ඩ්‍රියක් ඇතුළු අංග වලින් මෙම ගම්මානය සමන්විතය. වැඩිහිටියන් සඳහා ම වූ ගම්මානයක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් ගෝනවිල ප්‍රදේශයේ දක්නට ලැබීම සහ එය සමාජයට අනාවරණය නොවීම පුදුම සහගතය. 

 

 


අක්කර දාසයක් (16) පමණ වපසරියක පැතිරී ඇති මෙම වැඩිහිටි ගම්මානය ලංකාවේ ලොකුම සහ සියලුම පහසුකම්වලින් සපිරි එකම ගම්මානය ලෙස ද වැඩිහිටි මහලේකම්  කාර්යාලය පවසයි. එක් නිවහනක නිදන කාමර දෙකක්, ආලින්දයක්, නාන කාමරයක් සහිත නිවාස 83 හි 1996 වසරේ සිට 2012 වසර දක්වා එක් කාමරයක වැඩිහිටියන් හතර දෙනකු (04) වාසය කර ඇත. මෙම ගම්මානය ඉදිකිරීමේදී නෙදර්ලන්ත ජාතිකයන්ගේම සහය ලබාගෙන තිබුණු අතර, එක් නිවාසයක් සඳහා එක් නෙදර්ලන්ත ජාතිකයෙකුගෙන් ආධාර ලබාගෙන ඇති අතර, ඔහුගේ නමින් එම නිවහන පවත්වාගෙන යනු ලබයි. ගම්මානය පුරාවටම අලංකාර මංමාවත් ඉදිකර ඇති අතර, මංමාවත්වල ගමන් කරන වැඩිහිටියන්ගේ වෙහෙස නිවා ගැනීම සඳහා කුඩා අම්බලන් ඉදිකරන්නට හර්මන් මහතා කටයුතු යොදා ඇත. 


දුක්බර කාලවකවානුවක් ගෙවා දමමින් සිටි මෙම වැඩිහිටියන්ගේ සැඳෑ සමය සුවසේ ගෙවා දමන්නට කළ හැකි සෑම පහසුකමක්ම සපයන්නට හර්මන් මහතා කටයුතු කරනු ලැබූවේ ඔවුන්ගේ ආගම්වලට ද ගරු කරමිනි. ඒ අනුව සියලුම අංගවලින් සපිරි විහාරස්ථානයක් සහ කිතුනු පල්ලියක් ඉදිකරන්නට කටයුතු කරනු ලැබුවේය. 


ලංකාව තුළ පවත්වාගෙන යනු ලබන සෑම වැඩිහිටි නිවාසයක්ම විවර වන්නේ භාරකරුවන් සිටින, තමාගේ කටයුතු තමාට ම කළ හැකි වැඩිහිටියන් සඳහා පමණි. එහෙත් “Welcome Village” භාරකරුවන් නොමැති වැඩිහිටියන් වෙනුවෙන්ම විවර වන්නේ මනුෂ්‍යත්වයට මූලිකත්වය දෙමිනි. ආයතනය සතු වූ වෑන් රථය සෑම සතියකට වරක්ම විවිධ ප්‍රදේශවල සැරිසරමින් මඟතොටේ සිටින අසරණ වැඩිහිටියන් ආයතනය කරා රැගෙන ඒම සිදුකරනු ලබයි. ඔවුන් නාවා පිරිසුදු කොට, කෙස්, රැවුල් කපා දමා, ප්‍රතිකාර ලබා දී ආයතනය තුළ රඳවාගෙන ඇත. 


ශ්‍රී ලංකාවට පැමිණෙන සෑම නෙදර්ලන්ත ජාතිකයකු විසින්ම මෙම ආයතනය දැක බලා ගැනීම සහ ආධාර උපකාර අනිවාර්යයෙන්ම කළ යුතුව තිබිණි. මේ නිසා මෙම ආයතනය සමාජයට නිරාවරණය නොවී නෙදර්ලන්තයෙන්ම පමණක්ම නඩත්තු කර ඇත. එලෙස උදව් උපකාර ගනු ලබන අතරතුර නෙදර්ලන්ත ජාතිකයෙකු වූ “ෆෙන්ස් කැටෝවි” මහතා මෙම ආයතනය තුළ කැඩෙන, බිඳෙන උපකරණ නඩත්තු කිරීම සහ යථා තත්ත්වයට පත් කිරීම සඳහා වැඩබිමක් ආරම්භ කරමින් ආයතනයට සම්බන්ධවේ. වඩු කර්මාන්තය, වෙල්ඩින්, විදුලි, ඉලෙක්ට්‍රොනික ඇතුළු කටයුතු සඳහා වැඩබිම ආරම්භ කළ නෙදර්ලන්ත ජාතිකයා මෙම ආයතනයෙහි අධ්‍යක්ෂ මණ්ඩලයට ද ඇතුළු වන්නේය. 


මේ අතරතුර වසර 16ක පමණ කාලයක් මෙම ආයතනය පවත්වාගෙන ආ, වැඩිහිටියන්ට ඉතාමත් ආදරයෙන් සැලකූ මෙහි නිර්මාතෘ හර්මන් මහතා 2012 වසරේ ලංකාවේදී මියගියේය. ඔහුගේ අවසන් කටයුතු කරනු ලැබුවේ ද ශ්‍රී ලංකාව තුළය. 


“හර්මන් ස්ටුවර්” මහතා මිය යෑමෙන් පසුව මෙහි නව සභාපතිවරයා ලෙස පත් වූයේ මෙම ආයතනය තුළ වැඩබිමක් ඉදි කළ නෙදර්ලන්ත ජාතික “ෆෙන්ස් කැටෝවි” මහතාය. මෙම ආයතනය අධීක්ෂණය සඳහා නෙදර්ලන්තයේ අධ්‍යක්ෂ මණ්ඩලයක්, සහ ශ්‍රී ලංකාවේ අධ්‍යක්ෂ මණ්ඩලයක් ද පත් කර තිබුණි. නෙදර්ලන්තයෙන් ලැබුණු ආධාර මුදලින් මාසිකව වියදම ලබා දෙන්නට නව සභාපතිවරයා කටයුතු කරනු ලැබුවේය. එහෙත් කාලය ඉක්මයත්ම ආයතනයෙ නඩත්තු කටයුතු, ඔවුන්ට ලැබෙන සැලකිලි, අඩුවන්නට විය. නැවත නැවත වැඩිහිටියන් රඳවා ගැනීම ද අඩුවන්නට විය, ආයතනය සතු මූල්‍ය වත්කම් අඩු බව පෙන්වා දෙමින් සේවක කප්පාදුව සිදුකරන්නට ද විය. මේ නිසා සේවකයින් 28 දෙනක් වසර කීපයක් තිස්සේ නීතිය හමුවේ ද පෙනී සිටිති. 


වර්තමානය වනවිට නිවෙස් තිහක (30) පමණ වැඩිහිටියෝ 93 දෙනෙකු නේවාසිකව සිටිති. 


ඔවුන්ගේ කටයුතු වෙනුවෙන් සේවකයන් 10 දෙනෙකු සේවය කරන අතර, ආයතනය පවත්වාගෙන යාමේ නොහැකියාව මත ආයතනය තුළ නේවාසිකයන් වෙනත් ස්ථාන කරා රැගෙන යාමට සහ ආයතනය අලෙවි කිරීමේ තැතක් ඇති බවට ලැබුණු තොරතුරු මත කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයේ මැදිහත් වීම මත, වැඩිහිටි මහලේකම් කාර්යාලය මගින් පන්නල පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව වැඩිහිටියන් වෙනත් ස්ථාන කරා රැගෙන යාම මේ වනවිට නතර වී ඇත. පොලීසියට කළ පැමිණිල්ලකට අනුව අදාළ සභාපතිවරයා ලංකාවෙන් පිටව ගොස් ආයතනයට ලබාදුන් සියලුම ආධාර නවතා දමන්නට ද, කටයුතු කර ඇත. 


මේ හේතුව නිසා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ගාමිණි ඉලංගරත්න මහතාගේ මැදිහත්වීමෙන් පන්නල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා වැඩිහිටියන් 93ක් සඳහා ආහාර ලබාදෙන බව වැඩිහිටි මහලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් වැඩිහිටි හිමිකම් නිලධාරී ජේ.එල්.සී. සුදර්ශන මහතා සඳහන් කළේය. එමෙන්ම මෙවැනි පහසුකම් සහිත එකදු වැඩිහිටි නිවාසයක්වත් ලංකාව තුළ නොමැති බැවින්, මෙම ආයතනය රජයට පවරාගෙන පවත්වාගෙන යන්නේ නම්, ඉතාමත් වටිනා බව ඒ මහතා සඳහන් කළේය. 


මේ පිළිබඳව “වෙල්කම් විලේජ්” හි වර්තමාන පරිපාලන නිලධාරී “නිලන්ත නුවන්” මහතා : “මේ ආයතනය 2014 වසරේ සිට “ෆැමිලි ඇන්ඩ් ප්‍රෝග්‍රැම්” නමින් පවත්වාගෙන යනවා. මෙම ආයතනයේ සියලුම ගොඩනැගිලි මීට වසර 22 පෙර ඉදිකරන ලද ඒවා. සෑම ගොඩනැගිල්ලකම විදුලි බල්බ එකක් දැමීමේ හෝ නඩත්තු කිරීමක් කළ යුතුව තිබෙනවා. නඩත්තු කිරීම් වසර තුන හමාරකින් (3 1/2) කරලා නෑ. වැසිකිළි වළවල් පිරිලා. මේ නිසා නඩත්තු කිරීමට විතරක් රුපියල් මිලියන 296 විතර වියදම් කළ යුතුව තිබෙනවා. ඒත් දැනට ආයතනය සතුව ලොකු මුදලක් නැති බව තමයි මට දැනුම් දීලා තියෙන්නේ. අද වනවිට තිබෙන මුදල වැඩිහිටියන් වෙනත් තැනකට ප්‍රවාහනය කිරීමට සහ සේවකයින්ට වන්දි ගෙවීමට පමණක් සෑහෙන බවයි දැනුම් දීලා තියෙන්නේ. ඒ මුදලින් වැඩිහිටියන් නඩත්තු කරන්න තවදුරටත් හැකියාවක් නෑ. මේ වනවිට සේවකයින්ට මාස හතරක් වැටුප් ගෙවලා නැහැ. මාස දෙකක සේවක වැටුප් විතරක් එවලා තියෙනවා. 


මේ වනවිට තියෙන ලොකුම අවදානම අතිවිශාල වතුර ටැංකිය පීසා කුළුණ වගේ ඇදවීමයි. 


කුමන හෝ අවස්ථාවක කඩා වැටුණහොත්, ඔක්කොම ඉවරයි. මසකට ලයිට් බිල්, ඇඳුම්, කෑම -බීම, නඩත්තු, සේවක වැටුප් ඇතුළු සියලු දේට රුපියල් ලක්ෂ 12ක් අවශ්‍ය වෙනවා. වැඩිහිටි මහලේකම් කාර්යාලය මගින් 2019 මාර්තු මාසයේදී පන්නල පොලිසියේ කළ පැමිණිල්ලෙන් පසුව මාර්තු මස 31 දක්වා සියලුම සේවා සැපයීමේ අංශ සඳහා සියලුම බිල්පත්, වැටුප් ගෙවා අවසන් කළා. මේ ආයතනය රාජ්‍ය මැදිහත්වීමෙන් පවරා ගන්නවා නම් හොඳයි. සුදු මහත්තයාට අවශ්‍ය වුණෙත්, මේ ආයතනය කාට හෝ පවරන්නටයි” 
ඔහු කීවේය. 


විදෙස් ජාතිකයකු විසින් මෙරට අවශ්‍යතාව හඳුනාගෙන ගොඩනැගූ කෝටි ගණනක වත්කම් කඩිනමින් රැකගැනීමට මෙරට සියලුම බලධාරීන් සහ නිලධාරීන්ගේ අවධානය යොමු විය යුතුව ඇත. එමෙන්ම මෙතෙක් අයථා ලෙස කවුරුන් හෝ මුදල් පරිහරණය කර ඇත්නම් එය නිරාවරණය කර ගත නොහැකිව ඇත්තේ ද දෙරටක මැදිහත්වීම නිසාය. තවමත් දේශීය සහ විදේශීය පරිත්‍යාග මෙම ආයතනයට ලබා දෙන්නේ නම් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හරහා හෝ වැඩිහිටි මහලේකම් කාර්යාලය හරහා ලබාදීමට කටයුතු කිරීමෙන් වැඩිහිටියන්ට පහසුකම් සැපයීමට තවමත් හැකියාවක් පවතී. මෙය මෙරටට හිමි සම්පතක් මිස, මුදලට විකිණීමට කිසිවෙක් කැමති නොවනු ඇත.

 

 

 

 

ඡායාරූප හා සටහන :
චාන්දනී දිසානායක   

 



අදහස් (0)

සරණක් නැතිව අසරණ වූ විශාලතම වැඩිහිටි ගම්මානය

ඔබේ අදහස් එවන්න

 

තක්සලාව

අතුරුදහන් ලුතිනන්වරයා වළක් තුළ හිඳ සොයා ගැනේ
2025 මාර්තු මස 12 140 0

ප්‍රහාරය සිදුවූ මහාමාර්ගයට යාබද තැනක සෙබළු කිහිප දෙනකු රැස්ව සිටි අතර, ඔවුන් සියලු දෙනාගේ දෙනෙත් එක එල්ලේ යොමුවී තිබුණේ එහි වූ වළක් තුළටය.


ක්‍රීඩා ඇමතිගේ අමුතු තීරණ
2025 මාර්තු මස 12 40 0

‘වැටත් නියරත් ගොයම් කා නම්, කාට කියන්නද ඒ අමාරුව’ ලෙස කියමනක් මෙරට ගැමි වහරේ තිබේ.


පෘථීවිය එක්ක සෙල්ෆි ගත් නිල් භූතයා
2025 මාර්තු මස 12 62 0

සඳේ භූතයෙක් සිටී. මේ භූතයා, “බ්ලූ ගෝස්ට්” නමැති රොබෝ ගවේෂණ යානයයි. බ්ලූ ගෝස්ට් යනු ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ ඔස්ටින් නගරය කේන්ද්‍රකොට ගත් “ෆයර්ෆ්ලයි ඒ


ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?
2025 මාර්තු මස 04 760 1

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්


කොරෝනා එන්නතෙන් පසු එන කකුල් වේදනාව අතරයිටිස් ද ?
2025 මාර්තු මස 04 102 0

කකුල් පොඩ්ඩක් රිදෙන බව කවරෙකු හෝ පැවසූ සැණින් - “ඇයි හන්දිපත් රුදාව දැයි” නක්කලේට ඇසූ අතීතයක් අපේ මුතුන් මිත්තන්ට තිබුණි.


බාධක ආවත් සැහැල්ලු ක්‍රිකට් පන්දුව ක්ලීන් කරනවා - ශ්‍රී ලංකා සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනයේ සභාපති තිසර ගුණසිංහ
2025 මාර්තු මස 03 40 0

ශ්‍රී ලංකා සැහැල්ලු පන්දු ක්‍රිකට් සම්මේලනයේ නිලවරණය ඉකුත්දා පැවැති අතර එහිදී සභාපති ධුරයට තිසර ගුණසිංහ පත්විය. මේ ඔහු සමග කළ සාකච්ඡාවකි.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 319 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 760 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 294 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site