රටේ සංවර්ධනයට හා ආයෝජකයන්ගේ පැමිණීමට අපේ රටට බලවත් බාධාවක් වී ඇත්තේ මාර්ග තදබදයයි. මේ මාර්ග තදබදයට පැහැදිලි විසඳුමක් තවමත් ලැබී නැති බව පැහැදිලිය.
රටේ ප්‍රධාන වාණිජ මධ්‍යස්ථානය වී ඇත්තේ කොළඹ නගරයයි. මේ මාර්ග තදබදය අද බරපතළ සංකීර්ණ ගැටලුවක් වී ඇත. අධිවේගී මාර්ග, ගුවන් පාලම්, මාර්ග පුළුල් කිරීම දිගින් දිගටම සිදු කළත් මාර්ග තදබදය අවම කිරීමට ඒවා හේතුවක් වී නැත.
මේ හේතුවෙන් කොළඹ හා තදාසන්න නගරයන්ට සේවා හා රැකියා සඳහා පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත පිරිස මෙන්ම නාගරිකවැසියෝද දැඩි පීඩාවට පත්ව සිටිති.
මෙම රථවාහන තදබදය නිසා ඉන්ධන වැඩි වශයෙන් වැයවීම හේතුවෙන් අතිවිශාල ධනයක් පිටරටට ඇදීයාම සිදු වෙයි. මීට අමතරව මිනිස් ශ්‍රමය දැඩි ලෙස නාස්තිවීමෙන් රටේ ජාතික ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරනු ලබයි. බස්නාහිර පළාත පුළුල් සංවර්ධනයකට යොමු කිරීමේදී ප්‍රවාහනය ද අතිශය වැදගත් සාධකයක් වෙයි. ආයෝජකයන් වැඩි වැඩියෙන් මෙරටට අද්දවා ගැනීමේදී ඔවුන්ට සිය කාර්යයන් විගසින් ඉටු කර ගැනීමට කාලය අතිශයින් වැදගත් වෙයි.
එහිදී ඔවුන්ට පැය ගණන් මාර්ග තදබදයට කොටුවීම බාධාවක් වෙති. කර්මාන්ත සඳහා යටිතල පහසුකම් සැලසීමේදී මාර්ග පහසුවද ප්‍රබල කරුණකි. පවත්නා ප්‍රශ්නයට දීර්ඝ කාලීන විසඳුමක් ලබාදීමටත් රථ වාහන තදබදය අවම කිරීමටත් මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා විශේෂ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර මූලික සැලසුම් සකස් කරමින් සිටී.
එම යෝජනාව නම් සැහැල්ලු දුම්රිය මාර්ග 4ක් ඉඳිකිරීමටයි. ඒ සඳහා මේ වනවිටත් මූලික පියවර ආරම්භ කර ඇත. මේ වනවිට ජාත්‍යන්තර උපදේශන ආයතනයක් මගින් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයන වාර්තාවක් සකස් කර ඇත. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සුදුසු ප්‍රදේශ 4ක් හඳුනා ගෙන ඇත. ප්‍රධාන මාර්ග 4ට අමතරව වරාය නගරය තුළ විශේෂ සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතියක් ද ස්ථාපිත කිරීමට යයි.
ප්‍රධාන සැහැල්ලු දුම්රිය මාර්ග 4 මෙසේය.
රාගම - නාරාහේන්පිට, මොරටුව - කැලණිය, පන්නිපිටිය - හුණුපිටිය, මාලබේ සිට පිටකොටුව වශයෙනි.
මින් රාගම සිට නාරාහේන්පිට දක්වා දුම්රිය මාර්ගය කි.මී. 31.3කි. රාගම, කඩවත, කිරිබත්ගොඩ, පිටකොටුව හා නාරාහේන්පිටට මාර්ගය ඉඳි වේ.
මොරටුව සිට කැලණිය මාර්ගය කි.මී. 27.4කි. මොරටුව, කටුබැද්ද, නුගේගොඩ, බොරැල්ල හරහා කැලණියට මාර්ගයක් ඉදිවේ.
පන්නිපිටිය සිට හුණුපිටිය මාර්ගය කි.මී. 24.8කි. කොට්ටාව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය, බත්තරමුල්ල, අංගොඩ හරහා හුණුපිටිය දක්වා වේ.
මාලබේ සිට පිටකොටුව දක්වා කි.මී. 15.3කි. මාලබේ, බත්තරමුල්ල, බොරැල්ල, පිටකොටුව දක්වා එම මාර්ගය පිහිටුවනු ලබයි. මෙම ප්‍රධාන මාර්ගයන්ට අමතරව වරාය නගරය තුළ කි.මී. 5ක පමණ දුරකින් යුතු සැහැල්ලු දුම්රිය මාර්ගයක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.
රාගම, කඩවත, මොරටුව, කටුබැද්ද, කොට්ටාව, පන්නිපිටිය යන ප්‍රධාන මාර්ග තුන සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 48ක් පමණ වැය වෙතැයි ගණන් බලා ඇත. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා රජය හා පෞද්ගලික අංශයේ ආයෝජකයන් විසින් සිදු කරනු ලබයි. ජාත්‍යන්තර ප්‍රසම්පාදන ක්‍රියාදාම භාවිතා කරමින් සැහැල්ලු දුම්රිය මාර්ග ඉදිකිරීමේ අත්දැකීම් හා පළපුරුදු සුදුසුකම් ඇති ආයෝජකයන් හය දෙනකු දැනටමත් තෝරා ගෙන ඇති බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.
තරගකාරී ක්‍රමවේදයක් මත සුදුසු ආයෝජකයා තේරීමේ කටයුතුද ආරම්භ කර ඇත. පෞද්ගලික අංශයේ දායකත්වය ලබාගත්තද, සැහැල්ලු දුම්රිය මාර්ග ව්‍යාපෘතිය මුළුමනින්ම පෞද්ගලික අංශයට පවරාදීමක් සිදු නොවන අතර රජයේ පූර්ණ මැදිහත්වීම නිසි ක්‍රමවේදයක් යටතේ සිදුකෙරේ.
මේ අතරින් පළමු වැන්න මාලබේ තොරතුරු තාක්ෂණ උද්‍යානයේ සිට පිටකොටුව දක්වා ජයිකා ණය ආධාර මත ක්‍රියාත්මක කිරීමට යෝජිතව ඇත.
එම ව්‍යාපෘතිය සඳහා වන ශක්‍යතා අධ්‍යයන වාර්තාව දැනටමත් සකස් කර අවසන් කර ඇත. සමස්ත ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 1700ක් වැය කිරීමට නියමිතව ඇති අතර, සියයට 1ට සහන පොලියක් යටතේ මෙම ණය මුදල ලබා දේ. ලබන වසර ඇතුළත විස්තරාත්මක සැලසුම් නිම කිරීමටත් 2020 දී ඉදිකිරීම් ආරම්භ කර 2024 දී ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමටත් නියමිතව ඇත.
එසේම සුව පහසුව, ආරක්ෂාව, විශ්වාසනීයත්වය මුල් කර ගනිමින් ජයිකා ආයතනයේ සහයෝගයෙන් ක්‍රියාත්මක මෙම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය කි.මී. 16කින් යුක්ත වේ. එහි නැවතුම් ස්ථාන 16කි.
බස්නාහිර පළාත් මහ නගර සංවර්ධන සැලැස්මට සමගාමීව මාලබේ, හෝමාගම නාගරික කලාපයක් තාක්ෂණික නගර ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇත. තාක්ෂණික නගරයක් ලෙස සංවර්ධනය කිරීමේ දී මාර්ග තදබදය අවම කිරීම අත්‍යවශ්‍ය කරුණකි.
විදේශ ආයෝජකයන් මෙරටට ආකර්ශනය කර ගැනීමටත්, දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති තවදුරටත් ශක්තිමත් කර ගැනීමටත් ස්ථිර විසඳුමක් අවශ්‍ය වේ.
පොදු ප්‍රවාහන සේවයකින් හෝ පුද්ගලික වාහනයකින් මාලබේ සිට කොළඹට ගමන් කිරීමට විනාඩි 45ත් 90 අතර කාලයක් ගත වේ. සැහැල්ලු දුම්රියෙන් ඒ සඳහා වැය වන කාලය විනාඩි 30ක් වන බව ගණන් බලා ඇත.
මාලබේ සිට කොටුවට සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතිය ඉදිකිරීමෙන් අනතුරුව මාර්ග තදබදය බොහෝදුරට අවසන් වනු ඇත.
මෙම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දක්වමින් ඇමැති පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේ, 1860 දී මෙරටට දුම්රිය සේවාව හඳුන්වා දීමෙන් පසු ඇතිවන අලුත් අත්දැකීමක් බවයි.
වැඩිදුරටත් කරුණු දක්වමින් ඇමැතිවරයා මෙසේ ද කීය.
මාර්ග තදබදය මේ රටේ සංවර්ධනයට විශාලම බාධාවක්, ආෙයා්ජකයෝ මේ රටට එන්න කැමති නැහැ. මේ මාර්ග තදබදය බරපතළම ප්‍රශ්නයක් දිනෙන් දිනම වාහන පරිහරණයත් වැඩි වෙනවා. 2017 සංඛ්‍යා ලේඛනවලට අනුව මෝටර් කාර් 756856ක්, ත්‍රීරෝද රථ 1139524ක්, යතුරු පැදි 4044010ක්, බස්රථ 107435ක් යනාදී වශයෙන් වාහන විශාල ප්‍රමාණයක් ධාවනය වෙනවා.
මෙලෙස වාහන ප්‍රමාණය වැඩි වුණත් මාර්ගවල දිග පළල වැඩිවීමක් සිදු වන්නේ නැහැ. මේ රටේ මාර්ගවල මුළු දිග කිලෝ මීටර් 12380යි. වාහන වැඩි ප්‍රමාණයට මාර්ග පද්ධතිය පුළුල් කිරීමට පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපේ රටට අවශ්‍ය වන්නේ උඩින් යන ව්‍යාපෘතියක්, සැහැල්ලු දුම්රිය ධාවනය තෝරා ගන්නේ මේ මාර්ග තදබදයට පහසුව හා ඉතාම උචිත ක්‍රමවේදයක් වශයෙනි.
දයාසීලි ලියනගේ
මීට වසර 5000 කට පමණ පෙර ලිවීම සොයා ගැනීමත් සමඟ එතෙක් මිනිසුන් වාචිකව ප්‍රකාශ කළ සෑම දෙයක්ම ලිඛිත ස්වරූපයෙන් ප්‍රකාශ කිරීමට හැකියාව ලැබිණ. යොහාන්නස් ගුටන
නවකතා පොතට ආදරය කරන සාහිත්‍ය කලාවට පෙම්බඳින පාඨක ඔබට දශක ගණනාවක් පුරාවට ප්‍රබන්ධ ස්වරූපයෙන් ලෝකය කියවන්නට ඇය, ඔහු සහ දියණිය අතින් ලියවූ නිර්මාණයන් බො
සිංහල නවකතාවට ජනප්‍රිය මුහුණුවරක් දුන්නේ පියදාස සිරිසේන යැයි විචාරකයෝ කියති. 1906 සිට 1942 දක්වා කාලය පුරාවට සිය ජනප්‍රියත්වය රැකගෙන සිටි ඔහු බණ කතාවටත් ජ
සුද්දන්ට එදා ආඩම්බර වීමට බලගතු හේතු තුනක් තිබුණේය. පළමුවැන්න විලියම් ෂේක්ස්පියර්ය. දෙවැන්න ඔවුන්ගේ “හිරු නොබසින අධිරාජ්‍යයය.’ තෙවැන්න ක්‍රිකට්ය. ෂේ
සෑම දිනකම උදෑසන කටාර්හි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රුකියාවේ නිරත වන පුද්ගලයෝ දහස් ගණනක් තම නිල ඇඳුම ජලයේ පොඟවා ගනිමින් දවසේ වැඩ ආරම්භ කරති. මෙය සෑම දිනකම උද
දරු උපත් සිය ගණනකට වින්නඹු අම්මා වූ නෝනම්මාගේ සියවැනි උපන් දිනය මෙවර නිකිණි පෝදා සැමරුවේ අමුතුම ආකාරයටය. ඇයවත් බලාපොරොත්තු නොවූ ආකාරයටය. මෙවන් උපන්දි
දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක
නිවසේ දී වැටීම් හා පිළිස්සීම්වලින් දරුවන් ආරක්ෂා කිරීම දෙමව්පියන්ගේ යුතුකමකි. දරුවන් නිවසේ දී ඇද වැටීම්වලට ලක් වීම සාමාන්‍ය දෙයකි. වගකීම් සහගතව නිවැ
දේශයේ රක්ෂකයා වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් :ීඛෂක්* මෙරට විශාලතම රාජ්‍ය හිමිකාරිත්වය සතු රක්ෂණ ආයතනය වන අතරල හැකියාවෙන් පිරිපුන් දක්ෂ කාර්යමණ්ඩලය ශ‍්
වාහන තදබදය මඩින්න සැහැල්ලු දුම්රිය මාර්ග හතරක්