IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


වසන්තය පිළිගන්න උත්සව තැබූ නුවරඑළියත් අසරණ වී

වසාදමා තිබුණු නුවරඑළිය මහ හෝටලය

 

අප්‍රේල් මාසයේ නුවරඑළිය වසන්ත උත්සවය සැමරුවේ ඊට එක්වූවන් මහත් ආශ්වාදයකට පත්කරමිනි. අවුරුදු තිහක යුද සමයේ ද කිසිදු හිරිකිතයකින් තොරව නුවරඑළියේ වසන්ත උත්සවය සැමරීමට කොළඹ ප්‍රධාන නගර ගම්දනව්වල අතමිට සරු පිරිස් සල්ලි විසිකළේ මහත් උජාරුවෙනි. මේ අතර අප්‍රේල් නිවාඩුවට කොළඹ පාළුවෙද්දි නුවරඑළිය තුළ ලක්ෂ ගණනින් ජනතාව පිරිගියේ පුංචි නුවරඑළිය නගරයට ඔරොත්තු නොදෙන අකාරයටය. එහෙත් අද කොළඹත් හිස්ය. නුවරඑළියත් හිස්ය. 


ගෙවුණු දශක පහක හයක කාලය තුළ නුවරඑළිය වසන්ත උත්සවයේ උචිතම දින කීපය වන අප්‍රේල් 14, 15, 16, 17 යන දිනයන් හි දී නුවරඑළිය විවිධ ප්‍රසංග වලින් හැඩවුවද මෙවර වසන්ත උත්සව සමයේ නුවරඑළිය මුළුමනින්ම පාළුවට ගොස් තිබුණු අයුරු පුදුමසහගතය. 


2019 අප්‍රේල් 21 වන පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයෙන් නුවරඑළිය වසන්ත උත්සවයේ න්‍යාය පත්‍රයේ කොටසක් මුළුමනින්ම නතර වූයේ මහත් කම්පනයකින් යුතුවය. 


2020 නුවරඑළිය වසන්ත උත්සවය වෙනුවෙන් නුවරඑළිය මහා නගර සභාව ප්‍රධාන රාජ්‍ය ආයතන පෞද්ගලික ආයතන එක්ව මාස ගණනාවක් සිට සැලසුම් පිළියෙල කළේ අති උත්සවාකාරයෙන් අප්‍රේල් වසන්ත උත්සවය මහත් ඉහළින් සැමරීමටය. 


නගරයක් කේන්ද්‍රිය කරගෙන මාසයක් පුරා උත්සව සැණකෙළියක් පවත්වන එකම නගරය නුවරඑළිය වේ. මෙම කාලයේ නුවරඑළිය සංචාරක නගරයක් ලෙස මෙරට මෙන්ම විදේශ රටවල ප්‍රචලිතය. ඒ වෙනුවෙන් විසල් හෝටල් නිවාඩු නිකේතන ලැගුම්හල් නුවරඑළිය අවට දහස් ගණනකි. එම සංචාරක ව්‍යාපාරය හා බැඳුණු සුවිශේෂ ස්ථාන ආශ්‍රිතව විවිධ ස්වයං රැකියා කරන පිරිස් දහස් ගණනකි. ඔවුනට අප්‍රේල් වසන්තය ආශිර්වාදයකි. ඒ අප්‍රේල් වසන්තයට මෙටර දේශීය සංචාරකයින් ලක්ෂ ගණන් නුවරඑළියට මාසයක පුරා එක්වීම නිසාවෙනි. 

 

තනි වූ ග්‍රෙගරි වැව් උද්‍යානය

 

එහෙත් ඒ සියලු‍ම දෙනාගේ අපේක්ෂාවන් පැතුම් බිඳවැටී අද කී නොකී පිරිස් තම නිවෙස් තුළට කොටු වී සිටිති. ඒ කොරෝනා වෛරස් බිය හමුවේය. 


නුවරඑළිය අතිවිශාල සංචාරකයින්ට ලැගුම් සැපයූ මහ හෝටල් වසා මාසයක් පමණ ගත විය. සුන්දරත්වය ගෙනදුන් ග්‍රෙගරි වැව් උද්‍යානය වික්ටෝරියා උද්‍යානය මලින් පිරීගිය ද සංචාරකයින්ගෙන් තොරය. මුළු නගරයම පාළුවට ගොසිනි. නුවරඑළියට එන අතිවිශාල දෙස් විදෙස් සංචාරකයින් නොවරදවාම නිරතුරුව යන එන සිතාඑළිය සිදෙයිඅම්මාන් කෝවිල පාලු‍වට ගොසිනි. 


බැතිමතුන්ගේ හිස් වූ දේවාලය ආශ්‍රිතව ගැවසුණු රිළව් රංචුව සියලු‍ දෙනාම ආහාර සොය සොයා සිතාඑළිය වන රක්ෂිතය තුළට ඇදී ඇත. වෙනදා පූජාවන් තබා හැරෙන තැපැලෙන් රිළවුන් පූජා වට්ටියේ ඇති පලතුරු ඩැහැගෙන යාමට පුරුදුව සිටි අතර එය කෝවිලට එන බැතිමතුන්ටද මහත් හිරිහරයක් වී තිබුණි. එවැනි තැනක්ද අද එකදු රිළවෙකු දැකගත නොහැකි වීම පුදුම සහගතය. 

 

වෙනත් වසරවල අප්‍රේල් 14 දින අතිවිශාල ජනතාවකගෙන් පිරුණු නුවරඑළිය නගරය 2020 අප්‍රේල් 14 දා

 

මාසයකට ආසන්න කාලයක් නුවරඑළිය පුරා සොබාදහමේ පවතින නිහැඬියාව සොබාදහමේ නීතියට මුළු ලෝ සතුන්ම අවනත විය යුතු යන මහඟු පාඩම අපට කියාදෙන්නක් වැනිය.

 

ඡායාරූප හා සටහන
නුවරඑළිය ෂෙල්ටන් හෙට්ටිආරච්චි



අදහස් (0)

වසන්තය පිළිගන්න උත්සව තැබූ නුවරඑළියත් අසරණ වී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 185 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 251 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1134 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site