IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


මුහුදු කෑමෙන් විනාශවෙන මන්නාරමේ “ආණ්ඩුකාර බංගලාව”

ගරා වැටුණු ඩොරික් බංගලාව දැන් දක්නට ලැබෙන්නේ මේ අයුරිනි.

ඩොරික් බංගලාව මුහුදු ඛාදනයට ලක්ව තිබෙන අයුරු.

බංගලාවේ ඇතුලත බිත්ති ඉදිකර තිබෙන ශක්තිමත් ආකාරය.

 

ඉංග්‍රිසි පාලන සමයේ මන්නාරමේ සිලාවතුර මුහුදු තීරයට යාබදව ඉදිකරනු ලැබූ පෞරාණික ‘‘ඩෝරික් බංගලාව’’ තව වසර කිහිපයකින් සම්පූර්ණයෙන් මුහුදු ඛාදනයට ලක්ව විනාශ වී යනු ඇත.  


නටබුන් ගොඩක් බවට දැන් පත්ව තිබෙන මේ පෞරාණික ගොඩනැගිල්ලේ බොහෝ ප්‍රමාණයක් මේ වනවිට මුහුදු ඛාදනයට ලක්ව විනාශ වී තිබේ.  


පුරාවිද්‍යා ස්මාරකයක් ලෙසද ප්‍රකාශයට පත්කර තිබුණ ද එය සංරක්‍ෂණය කිරීමට හෝ මුහුදු ඛාදනයවීම වැළැක්වීමට නිදහසින් පසු මේ දක්වා රට පාලනය කළ කිසිදු ආණ්‍ඩුවක් කටයුතු ​නොකිරීමෙන් මෙම විනාශය සිදුවෙමින් තිබේ. 


පළමු ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා වන ෆෙඩ්ඩ්‍රික් නෝර්ත් ආණ්ඩුකාරවරයා විසින් මෙම බංගලාව ඉදිකළ බව ඉතිහාසයේ සඳහන් වේ. මෙය සැලසුම්කර ඇත්තේද ඔහු විසිනි.  


දහනව වැනි ශතවර්ෂයේ 1801-1804 කාල වකවානුව තුළ පුරාණ ග්‍රීක ඩොරික් වාස්තු විද්‍යාත්මක සැලසුමේ අනුව දෙමහල් ගොඩනැගිල්ලක් ලෙස ගඩොලින් ඉදිකෙරුණු මේ බංගලාව ‘‘ද ඩොරික්’’ ලෙස නම්කර ඇත්තේද නෝර්ත් ආණ්ඩුකාරවරයා විසින් බව පැවසේ. 


මන්නාරම් මුහුදේ මුතු බෙල්ලන් ඇල්ලීම පිළිබඳව සොයා බැලීමට හා ඒ සඳහා බදු අයකිරීමට පැමිණෙන අවස්ථාවලදී ඔහු නවාතැන් ගත් වාසස්ථානය මේ ඩොරික් බංගලාව බව ඉතිහාසයේ සඳහන් වේ.   


ආණ්ඩුකාරවරයාට අමතරව බ්‍රිතාන්‍යයේ සිට මෙරටට පැමිණි ප්‍රභූවරුත්, ආණ්ඩුවේ නියෝජිතයින් ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයින්ද නවාතැන් ගැනීම සඳහා මේ සුවිසල් බංගලාව භාවිත කළ බව කියැවේ. 

 

ඩොරික් බංගලාවේ පෞරාණික වැදගත්කම සඳහන්කර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එය ඉදිරිපිට සවිකර තිබෙන පුවරුව.

ඩොරික් බංගලාව එදා පැවැති අයුරු දැක්වෙන සිතුවම.

 

 


ජනප්‍රවාදයේ සඳහන්වන ආකාරයට එදා මේ සුවිසල් බංගලාව ඈතට දිස්වී ඇත්තේ කිරිගරුඬ මාළිගාවක් ලෙසිනි.

 


සටහන හා සේයාරූ : අතුල බණ්ඩාර



අදහස් (0)

මුහුදු කෑමෙන් විනාශවෙන මන්නාරමේ “ආණ්ඩුකාර බංගලාව”

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 251 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 397 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 386 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site