2368 ක් මිය ගිහින්
2018 වසරේ ජනවාරි මස පළමුවනදා සිට සැප්තැම්බර් මස 30 දක්වා මෙරට මාරක රිය අනතුරු 2269ක් සිදුව ඇති අතර එයින් මියගිය ගණන 2368ක් බව පොලිස් මාධ්‍ය අංශය පවසයි.
මෙම අනතුරුවලින් පදිකයෝ 722 ක්ද, යතුරුපැදිකරුවෝ 778 ක්ද, පසුපැදිකරුවෝ 153 ක්ද, රියැදුරෝ 189ක් ද පාපැදිකරුවෝ 186ක්ද මගීහු 333ක් හා වෙනත් හත් දෙනෙක්ද මරණයට පත් වූහ.
මෙම අනතුරු ජනවාරි මස 279 ක්, පෙබරවාරි මස 239 ක්, මාර්තු මස 279 ක්, අප්‍රේල් මස 279 ක්, මැයි මස 229 ක්, ජුනි මස 234 ක්, ජුලි මස 231 ක්, අගෝස්තු මස 258 ක් හා සැප්තැම්බර් මස 241 ක් ලෙසින් සටහන් වෙයි.
මෙම කාලය තුළ බරපතළ තුවාල ලැබූ අනතුරු 5711ක්, සුළු තුවාල ලැබූ 8482 ක් සිදු වූ අතර අලාභ 8042 ක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය අංශය දන්වයි.
මෙම අනතුරුවලට හේතු වී ඇත්තේ නොසැලකිලිමත්භාවය හා අපරික්ෂාකාරීව රිය ධාවනය කිරීම බව සඳහන්ය.
2016 වසරේදී මාරක රිය අනතුරු 2798 ක් වාර්තා වූ අතර 2017 වසරේදී එය 2922 දක්වා ඉහළ ගොස් තිබේ. මීට සාපේක්ෂව 2018 මුල් මාස 10 ඇතුළත පමණක් සිදුව ඇති මාරක රිය අනතුරු ප්‍රමාණය 2269ක් ලෙස වාර්තා වී ඇත. මින් පෙනී යන්නේ රටේ රිය අනතුරු ප්‍රමාණය දිනෙන් දින ඉහළ යන බවයි.
2016-2017 වසරවල මාරක රිය අනතුරුවලින් මිය ගිය ප්‍රමාණය පිළිවෙළින් 2961ක් සහ 3100ක් ලෙස වාර්තා වේ. 2017 වසරේදී පමණක් එක් දිනකට රිය අනතුරුවලින් පුද්ගලයන් 08 දෙනෙකු මිය ගිය බව හෙළිවිණ.
ජීවිත හා දේපළ හානි සිදු කළ රිය අනතුරු වැඩි ප්‍රමාණයක් සිදුව ඇත්තේ වේගය පාලනය කර ගත නොහැකි වීමෙනි.
මෙම මාරක රිය අනතුරු නිසා මව්පියන්ට දරුවන්ද දරුවන්ට මව්පියන්ද බිරින්දෑවරුන්ට සැමියන්ද සැමියන්ට බිරින්දෑවරුන් අහිමිවීම සිදුව ඇත.
මෙවැනි තත්ත්වයන් යටතේ සමාජයේ පවුල් ඒකකවල සිදුවන මානසික හා ආර්ථික ගැටලු පදනම් කරගෙන සමාජ ප්‍රශ්න වර්ධනය වන්නේය. විශේෂයෙන්ම පවුලක පියා යන ප්‍රධාන භූමිකාව අහිමිවීම නිසා බිරිඳ හුදකලා වීම, දරුවන්ගේ ආරක්ෂාව කඩාවැටීම, ආර්ථිකය දුර්වල වීම ආදී ගැටලු මතුවීම සිදුවේ. ලිංගික අපයෝජන, අධ්‍යාපනය බිඳ වැටීම, අසම්මත සබඳතා, දරිද්‍රතාව එහි අතුරු ප්‍රතිඵල වේ.
විශේෂයෙන්ම වාහන අනතුරුවලින් මියයන බහුතරය මධ්‍යම පාන්තිකයන් වීම නිසා ඉහත කී ගැටලු ඇතිවීම අද වන විට සාමාන්‍යකරණය වී ඇත.
මේ ආකාරයට බහුලව අනතුරට ලක්වන්නේ පාපැදිකරුවන්, ත්‍රීවිල් රියැදුරන්, පදිකයන් හා පසුපැදිකරුවන් යන පිරිසය.
මාර්ග නීති රීති නොපිළි පැදීම, වැරදි ලෙස වාහන ඉස්සර කිරීමට යාම, අපරික්ෂාකාරී බව, අසීමිත වේගයෙන් රිය පැදවීම, බීමත්ව රිය පැදවීම, අධික තෙහෙට්ටුවෙන් සහ නිදිබරින් රිය පැදවීම, මනා පුහුණුවක් නොලද අය රිය පැදවීම සහ ප්‍රමිතියකින් තොර වාහන පැදවීම යනාදී කරුණු අනතුරුවලට මුල්ව ඇත.
දවසින් දවස වැඩිවන වාහන ප්‍රමාණය සහ මාර්ග තදබදය ද එම අනතුරුවලට වක්‍රාකාර බලපෑම් කරන බව පෙනේ. වසර නවයක් වැනි කාලයක් තුළදී වාහන ලක්ෂ 41ට අධික ප්‍රමාණයක් මෙරට භාවිතයට පත්ව ඇත.
2009 වසර වන විට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචි ව තිබූ වාහන ප්‍රමාණය ලක්ෂ 33 කි.
2018 වසර මැද භාගය වන විට එය ලක්ෂ 74 ඉක්ම වීය.
රටක සංවර්ධනයේදී ප්‍රාග්ධන සංවර්ධන සිදුවිය යුත්තකි. ඊට සාපේක්ෂව මිනිසුන්ගේ හික්මීම, නීතිගරුක බව හා වගකීම සහ ආකල්පද සංවර්ධනය විය යුතුය.
මාර්ග නීති රීති කඩ කරන පුද්ගලයන් වෙනුවෙන් පොලිස් නීති රීති රාශියක් නිර්මාණය කර ඇත. විශේෂයෙන්ම 2018 වසරේ ජනවාරි 15 දින ගැසට් පත්‍රයට අනුව වේග සීමා ඉක්මවීමේ දඩය රු 3000ක් ලෙසද, මාර්ග නීති නොපිළිපැදීම, මෝටර් වාහනයක් නවතා තැබීමේදී ගත යුතු ආරක්ෂක විධිවිධාන නොගැනීම හා පොලිස් අණට අවනත නොවීම සම්බන්ධ දඩය රු. 2000 දක්වා ද වැඩිකර තිබේ. මාර්ග නීති රීති කඩකරන අවස්ථාවල වීඩියෝ පට හෝ වෙනත් සාක්ෂි සටහන් පොලිස් මූලස්ථානය වෙත එවීම මගින්ද වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රම හදුන්වා දී අැත. ‘‘පොලිස්පතිට කියන්න’’ යන සේවය හරහා ද රථවාහන වැරදි සඳහා දඩුවම් දිය හැකි අතර, ඒ වෙනුවෙන් රථවාහන පොලිසිය ක්‍රියාත්මක වෙයි.
මාර්ග අනතුරු අවම කිරීම සඳහා වූ පොතේ නීතිය එසේ වුවද මගීන්ගෙන් රියැදුරන්ගෙන් සේම ඇතැම් පොලිස් නිලධාරීන් අතින් ද නීති රීති අපූරුවට කඩවෙයි. ඇතැම් ස්ථානවලදී මාර්ග නීති කඩ කරන පුද්ගලයන්ට දඩ නොගසා ඒ වෙනුවට මුදල් ගෙන නිදහස් කර සිය රාජකාරි පැහැර හරින පොලිස් නිලධාරීහුද වෙති. මෙවැනි කරුණුවලින් සිදු වන්නේ රිය අනතුරු හා ජීවිත, දේපළ හානියට අතවැනීම පමණි.
මෙම තත්ත්වයන් දෙස බැලීමේදී පෙනී යන්නේ නීති රීති සේම මිනිසුන්ගේ ආකල්පද වෙනස්විය යුතු බවයි. මෙම ලිපිය ආරක්ෂාකාරී හෙට දිනක් සඳහා සියලු ශ්‍රී ලාංකිකයන්ගේ අවධානය උදෙසාය.
සටහන - කුමාරි හේරත්
පරිසරයේ නිමැවුම් මායාකාරී බව සොබාදහම පිළිබඳ තියුණු නිරීක්ෂකයෙකුට පසක් කරගත හැකි පරම සත්‍යයයි.
මිහිපිට ජීවත් වන මිනිසා ඇතුළු සියලු සත්වයින් හට ජීවය සදන්නේ ගස්වැල්ය. ගසකට තරම් අයිතියක්, උරුමයක් වෙනත් කිසිවකුට නොමැත.
මධ්‍යම කඳුකරය යනු ශ්‍රී ලංකාවේ සොබාව සෞන්දර්යයේ අපූරු පරාදීසයකි. මහනුවර නගරයට කිලෝමීටර 19ක දුරින් හරිත වර්ණයෙන් අනූන සෞම්‍ය පරිසරයක පිහිටා ඇති පුංචි
දකුණුලක අගනගරය යන විරුදාවලිය ලත් ගාලු පුරවරය ඓතිහාසික වටිනාකම්වලින් මෙන්ම ස්වභාව සෞන්දර්යයෙන් පරිපූර්ණ වූ පුරවරයකි.
අප රටේ ඇති සුන්දර දිය ඇලිවලින් වෙනස්ම හැඩයක් ගන්න, නෙත් සිත් සනහනා, පහන්තුඩාව බලන්න යමු ද? ස්වාභාවික පරිසරයක පහනක හැඩයට ස්වාභාවිකවම නිර්මාණය වුණු දිය ඇ
ශල්‍යකර්මයෙන් අනතුරුව යුද හමුදා රෝහලේ නිලධාරී වාට්ටුවට ඇතුළු කළ මේජර් සමීරට ප්‍රකෘති සිහිය ලැබෙද්දී රාත්‍රිය උදාවී තිබිණ. ඒ වනවිට ඔහු බොහෝ වේදනාවෙන්
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මුල් මාස දහයට රිය අනතුරු 2269 ක්