ඉඳිආප්ප පිළියෙළ කිරීම සඳහා යොදා ගන්නා ප්ලාස්ටික් තට්ටු ශරීරයට බෙහෙවින් අහිතකර බව පරිසර අමාත්‍යාංශය සඳහන් කරයි. ප්ලාස්ටික් තට්ටු අධික උණු වාෂ්පවල තැම්බීම නිසා එම විෂකාරක ඉදිඅාප්පවලට ද එක්වීමෙන් කාලයත් සමඟ බරපතළ රෝගවලට භාජනයවීමට ඉඩ ඇති බව සොයාගෙන ඇත.
පසුගිය දශක කීපය තුළ සිටම අපේ රටේ ජනතාව ප්ලාස්ටික් භාවිතයට තදබල ලෙස පුරුදු වී සිටිති. ජලය පානය කිරීමට ගන්නා කෝප්පය, ආහාර ගැනීමට යොදා ගන්නා පිඟාන මෙන්ම ආහාර බෙදීමට, උණුවතුර දුම් ඇල්ලීමට, ඉඳිආප්ප තැම්බීමට ආදී සියලු කටයුතු සඳහා ප්ලාස්ටික් වලින් නිපද වූ හැඳි ඇතුළු භාණ්ඩ පාවිච්චියට ගනී.
අපේ පැරැන්ණන් මේ අවශ්‍යතා සඳහා සෞඛ්‍යාරක්‍ෂිත දේ අනුගමනය කරනු ලැබීය. එහෙත් පසුගිය දශක කීපයේ සිටම පාවිච්චි කිරීමේ පහසුව සඳහා අපේ දේ අපේ නිෂ්පාදන පරිහරණයෙන් බැහැර වීය. ප්ලාස්ටික් නිෂ්පාදන පාවිච්චියට යොමු විය. ඉඳිආප්ප වට්ටිය මෙන්ම, වංගෙඩිය, හිරමනය, මන්නය, මිරිස්ගල ආදී උපකරණ අද මුළුතැන්ගෙයි නැත. ඒ වෙනුවට ඒ සියල්ල නවීකරණය වී ඇත. අද බොහොමයක් මුළුතැන්ගෙවල්වල මේ උපකරණ වෙනුවට ඇත්තේ නවීන උපකරණය.
ඇතැම් නිෂ්පාදනවලට විකල්ප ඇත. විශේෂයෙන් ප්ලාස්ටික් උපකරණවලට විකල්ප දේ පවතී. ප්ලාස්ටික් හා පොලිතීන් නිෂ්පාදන තහනම් කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කරනු ලැබුවේ ප්‍රධාන හේතු දෙකක් මතය. පරිසරයට හා සෞඛ්‍යමය වශයෙන් සිදුවන හානිය සැලකිල්ලට ගැනීම මෙම කරුණු දෙක වේ.
ඇතැම් ප්ලාස්ටික නිෂ්පාදන විකල්ප ක්‍රමවේ ද ඕනෑ තරම් අදටත් පවතී. එසේ තිබියදීත් ප්ලාස්ටික් උපකරණ පාවිච්චි කිරීමට අපේ ජනතාව සැදී පැහැදී සිටියි. උදාහරණයක් වශයෙන් ප්ලාස්ටික් ඉඳිආප්ප. තට්ටුව සඳහන් කළ හැකිය. ප්ලාස්ටික් ඉඳිආප්ප තට්ටු භාවිතයට පෙර, වසර ගණනාවක් තිස්සේ අපේ ජනතාව ඉඳිආප්ප තැම්බුවේ බටපතුරු, වේවැල් හා උණ පතුරුවලින් සකස් කර ගන්නා ලද තට්ටුය. ස්වාභාවික ද්‍රව්‍යවලින් සකස් කර ගන්නා ලද ඉඳිආප්ප තට්ටු ඒ සඳහා පාවිච්චි කරනු ලැබීය. එය සෞඛ්‍ය සම්පන්නය.
එහෙත් ප්ලාස්ටික් ඉඳි ආප්ප තට්ටු භාවිතයත් සමඟ එම තට්ටු සෑදීමේ කර්මාන්තය මුළුමනින්ම විනාශයට පත් විය. එම ස්වාභාවික ද්‍රව්‍යවලින් ඉඳිආප්ප වට්ටි සකස් කර අලෙවි කරමින් ජීවත් වූ ජනතාවට එම රැකියාව අහිමි විය. මේ මොහොත වන විට ස්වභාවික ද්‍රව්‍ය යොදා ගනිමින් ඉඳිආප්ප වට්ටි සකස් කිරීම මුළුමනින්ම පාහේ ඇණ හිට තිබේ.
ප්ලාස්ටික් ඉඳිආප්ප වට්ටි යොදා ගැනීම මගින් ඉඳිආප්ප පමණක් නොව ප්ලාස්ටික් වට්ටිය ද තැම්බෙන බැව් අප අමතක කර තිබෙන බව සඳහන් කළ යුතුය. එසේ තැම්බෙන ප්ලාස්ටික් වට්ටිය ප්‍රතික්‍රියා කරනු ලබයි. ඒ ප්‍රතික්‍රියා මගින් මිනිස් සිරුරට අහිත කර විවිධ වායු නිෂ්පාදනය වීමත්, මයික්‍රො ප්ලාස්ටික් අංශූ ඉඳි ආප්ප සමඟ මිශ්‍ර වී ශරීර ගතවීමක් සිදු වෙයි. එය ශරීර සෞඛ්‍යයට බරපතළ තර්ජනයක් වෙයි.
මයික්‍රෝ ප්ලාස්ටික් මගින් සිරුරේ ප්‍රතිශක්තිකරණය පිළිබඳව සංකූලතා ඇතිවීම සිදු වේ. ස්වසන පද්ධතිය ආශ්‍රිත රෝග ඇති වේ. පිළිකා තත්ත්වයන් ඇති වේ. අඩු බර දරු උපත්, හා දරු සම්පත් නොවීම වැනි තත්ත්වයන් මෙමඟින් ඇති විය හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
බෝ නොවන රෝග වර්ධනයට ද ප්ලාස්ටික් මිශ්‍රවීම හේතු වෙයි. ප්ලාස්ටික් නිෂ්පාදනය වන්නේ පෙට්‍රෝලියම්වල අතුරු නිෂ්පාදනයක් වශයෙනි. ප්ලාස්ටික් යනු වසර 100ක් පමණ කාලයක් නොදිරන ද්‍රව්‍යයකි. එබැවින් ප්ලාස්ටික් මිශ්‍රවීම මගින් පරිසරයට හා ශරීර සෞඛ්‍යයට හානි පමුණුවයි.
මීට අමතරව අද බහුලව පාවිච්චි කරනු ලබන දෙයක් වන්නේ ‘‘ලන්ච් ෂීට්ය’’ පාරිසරික හානියකට හේතුවන ආහාර දැවටුම’’ වශයෙන් මේවා හඳුන්වනු ලබයි. ලන්ච් ෂීට් මගින් සිදුවන පරිසර හානිය බෙහෙවින් බරපතළය. මේවා පාවිච්චි කරනු ලබන්නේ එක් වරක් පමණි. දෙතුන් වර සෝද සෝදා පාවිච්චි කළ නොහැකිය. වරක් පාවිච්චි කර ඉවත දැමීමට සිදුවේ. තවත් විශේෂයක් වන්නේ මෙම ලන්ච්ෂීට් ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි වීමයි. පාවිච්චි කරන ලන්ච් ෂීට් වලින් සියයට 99ක්ම පරිසරයට එකතු වීම සිදු වෙයි. එබැවින් ලන්චි ෂීට් විශාල පරිසර දූෂකයෙක් ලෙස හැඳින්විය හැකිය.
දැනට පවතින තොරතුරුවලට අනුව දිනකට ලන්චි ෂීට් මිලියන 2ත් 4ත් අතර ප්‍රමාණයක් පරිසරයට එකතු වීම සිදු වෙයි. මෙලෙස පරිසරයට එකතුවන ලන්ච් ෂීට් සමඟ මිශ්‍රිත ආහාර ගැනීමෙන් සතුන් විනාශ වීම ද බහුලව සිදු වන්නකි.
විශේෂයෙන් ගම් වදින අලි මිය ගිය පසු සිදුකරන මරණ පරීක්‍ෂණවල දී ඔවුන්ගේ කුස තුළ ලන්ච් ෂීට් තිබූ බව අනාවරණය වූ අවස්ථා ඇත. සතුන්ට ආහාර දිරවීමේ අපහසුතා ඇති වීමෙන් මරණය පවා සිදුවන අවස්ථා ඇත. තවත් කරුණක් නම් මුහුදේ සිටින ජෙලිෆිෂ් සතුන් ආහාරයට ගන්නා මත්ස්‍යයන් මුහුදේ පාවෙන ලන්ච්ෂ්‍ීට් වලට රැවටීම නිසා ජෙලිෆිෂ් ලෙස ලන්ච්ෂීට් ගිල දැමීම සිදුවන බව පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත.
පාරිසරික විගණන පිළිබඳව ඉදිරිපත් කරන ලද වාර්තාවකට අනුව 2017 වර්ෂයේ ‘‘පුනරුදය පාරිසරික ජාතික සංරක්‍ෂණ’’ වැඩසටහන යටතේ අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණයට අදාළව පරිසරයට හානි කරන පුද්ගලයන්ගෙන් වන්දි අය කළ යුතු බව සඳහන් කර ඇත. 2015 සිට සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා රුපියල් මිලියන 50ක මුදලක් ද 2016 වර්ෂයට රුපියල් මිලියන 100කුත් 2017ට රුපියල් මිලියන 200ක් වශයෙන් මුදල් ලබා ගැනීමට ඇස්තමේන්තු කර තිබූ බව විගණන වාර්තාවල සඳහන් කර ඇත.
එහෙත් එවැනි මුදලක් උපයා ගෙන නොතිබූ බවද සඳහන් වේ. මෙරට මහා පරිමාණයෙන් ප්ලාස්ටික් නිෂ්පාදනය කරන ආයතන 10ක් පවතී. ගින්නෙන් විනාශ වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තිබූ ප්ලාස්ටික් ගෙන්වා ඇත්තේ ආයතන දෙකක් මගිනි. එය මාස 3කට නිෂ්පාදන සඳහා ගෙන්වා තිබු බව වාර්තා වේ. මෙම නෞකාව ගිනි ගැනීමේන් ඉතා විශාල පරිසර හානියක් සිදුවිය. මෙම නැවෙන් ප්ලාස්ටික් ගෙන්වන ලද ආයතන ද මෙම හානියට වගකිව යුතුව ඇත. නමුත් මේ ගැන කිසිවෙක් කතා කරන්නේ නැති බව පරිසර අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
දූෂකයා විසින් පරිසර හානියට වන්දි ගෙවිය යුතු බවට පවත්නා පරිසර නීතිය අද දක්වාම ක්‍රියාත්මක වී නැත. වර්ෂ 2016 සිට 2018 දක්වා මිලියන 500ක මුදලක් පරිසරයට හානි කරන අයගෙන් අයකර ගැනීමට සැළසුම් කර තිබුණත් එකදු ශතයක්වත් අයකර ගෙන නොතිබූ බව විගණන වාර්තාවේ පෙන්වා දෙයි.
එම නීතියට අනුව අදටත් පරිසරයට හානි කිරීමට මූලික වන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගත හැකි වූවත්, එය ක්‍රියාත්මක නොවන බව පෙන්නුම් කරයි.
ලන්ච් ෂීට් ආහාර එතීමට පාවිච්චි කිරීමේ දී සෝදා පාවිච්චි කරන්නේ නැත. අද මංගල මේසයට තබන පිඟන්වලට ලන්ච් සීට් එලීම සිදු කරයි. කෑම පාර්සලය එතීමට ද ලන්ච් ෂීට් පාවිච්චි කරයි. මේ ලන්ච් ෂීට්වල කිසියම් දූවිල්ලක ස්වරූපයෙන් යමක් රැදී පවතී. දැනට වාර්තාවන ආකාරයට මේ දූවිල්ලක ස්වභාවයෙන් ඇති දේ උග්‍ර පිළිකා කාරකයක් ලෙස හඳුනාගෙන ඇත. ලන්ච් ෂීට් නියමිත ප්‍රමාණයට කපා ගැනීමේ දී ඉවත්වන ප්ලාස්ටික් කුඩු මේවායේ රැඳී, පවතින බව සොයාගෙන ඇත.
බහුතරයක් දෙනා ආහාර සමඟ මෙම කුඩු විශේෂය ද ගිල දමන බව සඳහන් කළ යුතුය. මේවා ඛනිජ තෙල්වල අතුරු නිෂ්පාදනයකි. එබැවින් ඒවා අනිවාර්යයෙන්ම විෂ සහිතය.
මෙහිදී සඳහන් කළ යුතු තවත් කරුණක් ඇත. ආහාර එතීමට ලන්ච් ෂීට් භාවිත කරන එකම රට ශ්‍රී ලංකාවයි. වෙනත් කිසිම රටක් මේවා භාවිත නොකරයි. ශ්‍රී ලංකාව තුළ ෂොපිං බෑග් භාවිතය බහුලව සිදු වෙයි. මෙය ලන්ච් ෂීට් මෙන්ම පරිසරයට විශාල ලෙස හානිකර වෙයි.
ෂොපිං බෑග් හා ලන්ච් ෂීට් තහනම් කිරීම සඳහා ඉදිරි සති කීපය තුළ දී අමාත්‍ය මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට පරිසර ඇමැති මහින්ද ද අමරවීර මහතා තීරණය කර ඇත. බොහෝ දුරට ඉදිරි සතියේදී එය සිදුවනු ඇතැයි වාර්තා වේ. ඒ වෙනුවට විකල්ප හඳුන්වා දීමට ද පියවර ගෙන ඇත. ප්‍රධාන පෙළේ සුපිරි වෙෙළඳ ජාලයට සම්බන්ධ ආයතන දෙකකින් වසරකට ෂොපිංබෑග් බිලියනයක් පාරිභෝගිකයන්ට නිකුත් කරන බව පරීක්‍ෂණයක දී අනාවරණය වී ඇත. එක් වෙෙළඳ ශාඛාවකින් පමණක් මසකට ෂොපිං බෑග් ලක්‍ෂ 50ක් නිකුත් කර ඇති බව සොයා බැලීමක දී අනාවරණය වී ඇත. සුපිරි වෙෙළඳසැල්වල භාණ්ඩ 10ක් මිල දී ගන්නේ නම් ඒ 10 ටම ෂොපිං බෑග් ඇසිරීම සිදුවේ.
ෂොපිං බෑග්, ලන්ච් ෂීට්, ඉදිආප්ප වට්ටි සඳහා පුරාණයේ සිටම අප රටේ ප්ලාස්ටික් වෙනුවට විකල්පයන් භාවිත කරනු ලැබ තිබුණි. ඉහත සඳහන් කළ ආකාරයට බට පතුරු උණ බට වේවැල් යොදා ගෙන සකස් කරන ලද ඉඳිආප්ප වට්ටි පාවිච්චි කළ හැකිය. ඒවා ශරීර සෞඛ්‍යයට ද හිතකරය.
ගම්බද ජනතාවට ආහාර එතීමට කෙසෙල් කොළ, නෙළුම් කොළ ඉතාම පහසුවෙන් පාවිච්චියට ගත හැකි වූවත්, ඔවුන් ද පහසුවට ලන්ච් ෂීට් යොදා ගනී. නාගරික ජනතාවට මේවා යොදා ගත නොහැකි වුවත්, ඔවුන් සඳහා කෑම පෙට්ටි භාවිත කිරීමට හැකියාව ඇත. ඒ සඳහා පහසුකම් සැලසීමට ද පරිසර අමාත්‍යාංශය තීරණය කර ඇත.
රෙදි, පන් කොළ, ආදියෙන් සකසා ගත් බෑග් පාවිච්චි කළ හැකිය. එදා සාගත මල්ල ලෙස හැඳින් වූ රෙදිවලින් මසා ගන්නා ලද බෑගය බෙහෙවින් ජනප්‍රිය එකක්ව පැවතුණි. කාලයත් සමඟ ගැලපෙන පරිදි මෙම බෑග පිළියෙල කරගැනීමට හැකිය.
මෙහිදී පරිසරය ආරක්‍ෂා වීමට අමතරව දේශීය නිෂ්පාදකයන් ආරක්‍ෂා කර ගැනීමට ද අවස්ථාව සැලසේ.
ඉදිරියේ දී පොලිතින්, ප්ලාස්ටික්, භාවිතය අවම කිරීමට පියවර ගන්නා බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි.
ඒ මහතා වැඩිදුරටත් මෙසේද කීය.
ජාත්‍යන්තර වශයෙන් වූ 3-R සංකල්පය මත අපද කටයුතු කළ යුතු වෙනවා. එනම් නැවත පාවිච්චිය (re-use) ප්‍රතිචක්‍රීකරණය (recycle) භාවිතය අවම කිරීමට (reduce) යන සංකල්පයට අමතරව විකල්ප ක්‍රමවේදයන් හඳුන්වා දීමට ද පියවර ගන්නවා. එහිදී මිනිස් සිරුරට හානිකර නිතර භාවිත කරන ප්ලාස්ටික්, ෂොපිං බෑග්, ලන්ච් ෂීට් යනාදිය වෙනුවට විකල්ප හඳුන්වා දීමට දැන් විවිධ පාර්ශවයන් සමඟ සාකච්ඡා කර තිබෙනවා. මෙම විෂ කාරක නිතර රටේ ජනතාව පරිභෝජනය ගන්නා දේවල්.
පරිසර අමාත්‍යාංශය රටේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය හා පරිසරයේ ආරක්‍ෂාවට අවශ්‍ය පියවර ගනු ලබනවා.
දයාසීලි ලියනගේ
ඔබගේ දෑස් වසා අපි ඔබ හරි අපූරු කලාපයකට කැඳවාගෙන යන්නෙමු. සහතිකයි ඔබ මවිත වේවි, මේ ඔබ සිටින්නේ නුවරඑළියේද, මන්නාරමේද? නැතහොත් නුවර මෙන් සෞම්‍යබවක් දැනෙන
ලෝකයේ ජීවත්වීමට වඩාත් සුදුසු නගරය වන්නේ ඔස්ට්‍රියාවේ වියානාය. කොහොමටත් ඔස්ට්‍රියාව යනු ආදරණීය මිනිසුන් බොහෝමයක් වෙසෙන සුන්දර යුරෝපීය රටකි.
පැරිස් පැරලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රීඩක සමිත දුලාන් කොඩිතුවක්කු ත් - 44 කාණ්ඩයේ හෙල්ල විසි කිරීම (පිරිමි) ඉසව්වෙන් මීටර් 67.03 ක දක්ෂතාවයක් පළ කරමින
ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම වසර ගණනාවක් ලෝඩ්ස් පිටියේ රැකගෙන සිටි අභිමානය පසුගිය සතියේ දී ඔවුන් අතින් ගිලිහුණි.
නිමාවට පත්වූ 2024 ප්‍රංශයේ පැරිස් නුවර ඔලිම්පික් උළෙලේ සිදුවුණු කාගේත් කතාබහට ලක්වුණු, රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් තෙක් දුරදිග ගිය සිද්ධියකින් මේ සටහන
අපට ඒවා පෙනෙන්නේ නැහැ. අපට ඒවා දැනෙන්නේ නැහැ. ඒත් ඒවා හැමතැනම. මේ කියන්නේ ත්‍රාසජනක, බිහිසුණු විද්‍යා ප්‍රබන්ධයක් ගැන නොවේ.
විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව
ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය
ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.
ප්ලාස්ටික් ඉඳිආප්ප තට්ටුවේ රැඳුණු මාරයා