IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


පන්සලක ජීවත්වෙන නාග රාජයෙක්

 

 

ආදරය, දයාව, කරුණාව මිනිසුන් පමණක් නොව සත්තු ද අපේක්ෂා කරති. ආදරය, දයාව, කරුණාව හමුවේ දරුණු මිනිස්සු මෙල්ල වෙති. දරුණු සත්තු හීලෑ වෙති.  


ඒ බව සනාථ කරමින් ආදරය, දයාව, කරුණාව හමුවේ හීලෑ වූ විෂඝෝර නාග රාජයකු මුලතිව් දිස්ත්‍රික්කයේ වැලිඔය, නිකවැව දකුණ ප්‍රදේශයේ ශ්‍රී වර්ධනාරාම විහාරස්ථ පින්බිමේදී අපට දක්නට ලැබුණි.  


එම විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩවසන 20 හැවිරිදි කෝකිලාවේ පියරතනාලංකාර හිමියෝ එම ප්‍රදේශයේ ලොකු කුඩා කා අතරත් ආදරයට, ගෞරවයට පාත්‍රවන තරුණ හිමිනමකි.  


කලක් කොටි ත්‍රස්තවාදීන්ගේ තර්ජනයන්ට ලක්ව තිබූ අදටත් බොහෝ දුෂ්කරතා මැද ජීවත්වන ජනතාවක් වෙසෙන ප්‍රදේශයක් ලෙස වැලිඔය ප්‍රසිද්ධය. එවැනි ප්‍රදේශයක වැඩවාසය කරමින් සිය දායක දායිකාවන්ට ආදරය, දයාව, කරුණාව දක්වමින් පියරතනාලංකාර හිමියෝ නිහඬව මහත් ආගමික හා සමාජයීය මෙහෙවරක් ඉටුකරති.  
උන්වහන්සේ වැඩ වසන ශ්‍රී ධර්මවර්ධනාරාම විහාරස්ථානයේ කුඩා පොකුණක් ඉදිකිරීමේ කටයුතු මීට කලකට පෙර ආරම්භ කර තිබුණි. නමුත් එම කටයුතු අතරමග නතර විය. එම පොකුණ සඳහා බඳින ලද ගල්වැටිය තුළ ටික කලෙක සිට නාගයකු ගැවැසෙන බව පියරතනාලංකාර හිමියන් පමණක් නොව විහාරස්ථානයේ වැඩවසන අනෙක් කුඩා හිමිවරු ද දායකයෝ ද දැක තිබිණි.  


කාගෙන්වත් අනතුරක් නැති නිසා මේ විශාල නාගයා සිය නවාතැන බවට එතැන පත්කරගෙන තිබියදී දැනට මාසයකට පමණ පෙර ඌ පන්සල් වත්තේදී කුඩා පිඹුරකු ගිල දමන ආකාරය පියරතනාලංකාර හිමියන් සහ විහාරස්ථානයේ ඒ අවස්ථාවේ සිටි අය දැක තිබිණි. පියරතනාලංකාර හිමියන් සර්පයින් දෙදෙනා දෙපසකට කර උන්ගේ ජීවිත බේරන්නට උත්සාහ කර තිබුණත් එය අසාර්ථක වී ඇත. මේ නිසා කුඩා පිඹුරා විශාල නාගයා විසින් ගොදුරු කරගෙන තිබුණි.  


මීට දින කිහිපයකට පෙර, අඩි හතකට වඩා දිග මේ විශාල නාගයා පන්සල ඉදිරිපිට මාර්ගය අයිනේ තුවාල ලබා යාමට ඒමට අපහසුවෙන් සිටියදී එය දුටු පියරතනාලංකාර හිමියෝ නාගයා අල්ලාගෙන පන්සලට රැගෙනවිත් ඌට ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව උගේ නවාතැන්පොළ වන පොකුණ හදන්නට හැදූ ගල් ගොඩ ළඟ තබා තිබුණි.  

 

 

පියරතනාලංකාර හිමියන් සමග නාග රාජයා සිටින අයුරු   

 


නමුත් ගල් ගොඩේ නොසිට මේ විශාල නාගයා පියරතනාලංකාර හිමියන්ගේ කාමරයට පැමිණ ඇත. නැවත ගල් ගොඩ ළඟට ගෙන ගොස් දැමුව ද ඌ නැවත නැවතත් කාමරයට පැමිණෙන නිසා පියරතනාලංකාර හිමියෝ සිය කාමරයේ ඉන්නට නාගයාට ඉඩ දී තිබිණ.  


කාමරයට පැමිණි ඌ ඉන් පසු පියරතනාලංකාර හිමියන් සැතපෙන ඇඳ උගේ යහන බවට පත්කර ගෙන ඇත. පියරතනාලංකාර හිමියන් හිස තබන කොට්ටය අසලට වී පියරතන හිමියන් සැතපෙද්දී මේ නාග රාජයා ද නිදා ගන්නා අතර තම ශරීරයට යට වුණත් උගෙන් තමන්ට කිසිදු හිරිහැරයක් මෙතෙක් සිදුනොවූ බව උන්වහන්සේ පවසති.  
කිරි හා බිත්තර ආහාරයට ගන්නා මේ නාග රාජයා ඒ ආහාර අනුභව කරන්නේ තමන් විසින් ලබාදුන් විටදී පමණක් බවත් වෙනත් අය දුන් විට අනුභව කිරීම ප්‍රතික්ෂේප කරන බවත් පියරතනාලංකාර හිමියෝ පවසති.  


දැන් මේ නාග රාජයා පියරතනාලංකාර හිමියන්ගේ ළඟම දැවටෙමින් දවසේ වැඩි වේලාවක් ගත කරන ආකාරයත් යන යන තැන පස්සෙන් යන ආකාරයත් උන්වහන්සේ විහාරස්ථානයෙන් බැහැරට වැඩම කළහොත් නැවත විහාරස්ථානය වෙත වැඩම කරනතුරු උන්වහන්සේගේ කාමරයේ ඇඳට වී සිටින ආකාරයත් අපට දැක ගැනීමට ලැබුණි.  
මේ නාග රාජයා පියරතනාලංකාර හිමියන් සමග සිටින ආකාරය දකිද්දී පෙර භවයක සිට දෙදෙනා අතර පවතින සබඳතාවක් දැයි යන සිතුවිල්ල අපට පහළ විය.  

 

 

සටහන - අතුල බණ්ඩාර සහ 
පදවිය - පී. සමරවීර  

 

 



අදහස් (0)

පන්සලක ජීවත්වෙන නාග රාජයෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 348 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 430 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 399 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site