IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ගෘහස්ථ ගෑස් සිලින්ඩරයකින් අනතුරු වළක්වාගන්න උපදෙස්

ගෘහස්ථ බලශක්ති අවශ්‍යතා සඳහා එල්. පී. ගෑස් භාවිතා කිරීම ඉහළ යන අතර පරිහරණයේ දී ආරක්ෂාව ගැන අවධානය යොමු නොකිරීමෙන් අනතුරු ප්‍රමාණයේ වර්ධනයක් පවතින බව නිරීක්ෂණය කළ හැකි යැයි ගිනි නිවන හමුදාවේ කොටහේන ඒකකයේ ස්ථාන භාර නිලධාරි ඩබ්. එස්. ආර්. එම්. සේනාරත්න පසුගියදා එම්. එම්. බී. එල්. පාත්ෆයින්ඩර් ආයතනයේ පැවැති වැඩ මුළුවක දී සඳහන් කළේය. කාර්ය මණ්ඩලයට ආයතනය තුළ හා නිවෙසේ දී ගිනි අනතුරක දී මුහුණ දිය යුතු අන්දම ගැන ප්‍රායෝගික අත්දැකීම් ලබා ගැනීම සඳහා මෙම වැඩමුළුව පවත්වන ලදී.


වැඩිම අනතුරු ප්‍රමාණයක් අළුයම් කාලයේදී වාර්තාවෙන අතර ගෑස් කාන්දුවක් වාර්තාවෙන විට අවම වශයෙන් විදුලි ස්විච් එකක් හෝ දැල්වීම අනතුරක් බව මෙහිදී අනාවරණය විය. ගෑස් සිලින්ඩරයක් පුපුරා නොයන බව සහතික කළ හැකි අතර ගෑස් කාන්දුවේ දී ක්ෂණයකින් ගිනි ගැනීම පුපුරා යෑමක් යැයි වරදවා වටහා ගනී. ගෑස් කාන්දුවෙන අවස්ථාවක හැකි ඉක්මනින් රෙගියුලේටරය ගලවා සිලින්ඩරය එළිමහන් තැනකට ගෙන යා යුතු අතර බාහිර වාතාශ්‍රය තුළ ගිනි නොගනී. සිලින්ඩරයේ ඇති හැඬලයට ආධාරකයක් යොදවා පහසුවෙන් හා ඉක්මනින් ගිනි ගන්නා සිලින්ඩරයක් පවා බැහැර කළ හැකි බව මෙහිදී දක්වන ලද අතර අනතුරු අවම කර ගැනීම සඳහා ආරක්ෂිත විධි ගැන අවබෝධය අවශ්‍ය බවද ප්‍රකාශ කළේය.


ගිනි අනතුරක් තමන්ට පාලනය කරගත නොහැකි නම් ක්ෂණික ඇමතුම් 110 මගින් ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවට දැනුම්දීම ඉක්මන් පියවරක් වෙන අතර කොළඹ අවට ප්‍රාදේශීය කාර්යාලය පවා මූලස්ථානයේ අවසරය ගැනීමෙන් පසු ක්‍රියාත්මක වෙන බව විශේෂයෙන් සඳහන් කළේය.


එම්. එම්. බී. එල්. පාත්ෆයින්ඩර් ආයතනයේ අධ්‍යක්ෂ නන්දන දේවගේ (පාලන හා ආරක්ෂක), අධ්‍යක්ෂ කේ. ඩී. ලියනගේ (නීති) මූලස්ථාන ගිනි උපදේශක ඩබ්. ආර්. රන්ජන් කුමාර සහ ගිනි උපදේශක ජේ. එල්. ජීවන්දර යන මහත්වරු සමඟ කාර්ය මණ්ඩලය මෙම උපදේශනයට සහභාගිවූ අවස්ථාව ඡායාරූපයෙහි දැක්වෙයි.



අදහස් (0)

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයකින් අනතුරු වළක්වාගන්න උපදෙස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site