IMG-LOGO

2025 මාර්තු මස 16 වන ඉරිදා


ඉවක් බවක් නැතුව ඉදිවෙන තට්ටු ගොඩනැගිලි නිසා අපේ රටත් ගිලාබසීද ?

දැන් දැන් කොළඹ නගරය ඇතුළත ඉදිවන තට්ටු ගොඩනැගිලි සියල්ල පාහේ මහල් හතරට වඩා වැඩි ඒවාය. ඉකුත් කාලසීමාවේ වැල්ලවත්ත මහල් ගොඩනැගිල්ලක් පොළොවට සමතලා විම සමඟ මේ පිළිබඳ යම් කතාබහක් ඇතිවීමට හේතු වුවත් නැවතත් එය ඉස්මතුවන මාතෘකා ගොන්නෙන් එළියට විසිවී ඇති බව පෙනී යයි. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු වාර්තාවලට අනුව කොළඹ ජනගහණය ලක්ෂ දහයකට ආසන්න වෙතත් ඉදිවන ගොඩනැගිලි බොහෝ කේන්ද්‍ර වන්නේ නිවාස අවශ්‍යතා වෙනුවෙන් නොවන බව දක්නට ලැබේ.   


කොළඹ ඉදිවන ගොඩනැගිලි භූමියේ සමතුලිතතාවට බාධාවක්ද යන්න ප්‍රධාන ගැටලුවකි. පසෙකින් මුහුදු සීමාවත් තවත් පසෙකින් කැලණි ගංඟා මිටියාවතත් අතර සීමාවේ ඉදිවූ කොළඹ නගරයට  මේසා ගොඩනැගිලි සංඛ්‍යාවත් දරා සිටීමට තරම් හැකියාවක් තිබේද?  රටේ අනෙක් ප්‍රදේශ තුළ මෙබඳු සංවර්ධන කටයුතු සිදුනොවී කොළඹ නගර භූමියේ පමණක් ගොඩනැගිලි ඉදිවීම භූමියේ පැවැත්මට කෙසේ බලපාවිද? මේ ඒ සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය සී.බී. දිසානායක මහතා දැක්වූ අදහස්ය.  


‘‘අද වන විට සමාජයේ අවශ්‍යතා බහුල නිසා මිනිසුන් අහස උසටම යෑමට බලාපොරොත්තු වෙනවා. භූමියේ ඉඩ ප්‍රමාණය අඩු බොහෝ රටවල මේ තත්ත්වය දැකිය හැකියි. නමුත් භූමියේ රඳාපැවැත්ම දරා ගැනීමේ හැකියාව පිළිබඳව නිසි අධ්‍යයනයකින් තොරව ඉදිකිරීම් සිදුකිරීමෙන් වැළකිය යුතුයි. ගොඩනැගිලි ඉදිකරන ප්‍රදේශයේ භූවිද්‍යාත්මක තත්ත්වය හොඳින් අධ්‍යයනය කළ යුතුයි. ඒ වගේම වි​ෙශ්ෂඥ ඥානයක් සහිත පිරිසක් ඒ සඳහා යොදවා ගතයුතුයි. නොඑසේ නම් ඉකුත් කාලසීමාවේ වැල්ලවත්ත ප්‍රදේශයේ සිදුවූ ගොඩනැගිලි කඩා වැටීම වැනි සිදුවීම් තවදුරටත් වාර්තා විය හැකියි. කඩිනමින් ගන්නා තීන්දු මත ඉදිකිරීම් නොකළ යුතුයි. උදාහරණයක් ලෙස ජපන් රටේ ගොඩනැගිලි ඉදිකෙරෙන ආකාරය දැක්විය හැකියි. ඔවුන් ගොඩනැගිලි ඉදිකිරීමේදී අදාළ භූමිය පිළිබඳව දීර්ඝ කාලීන පර්​ෙ‌ය්ෂණ සිදුකරනවා. ඒ සඳහා භූ ඉංජිනේරු පරීක්ෂණ සිදුකිරීමට මුදල් යොදවා වෙනම ව්‍යාපෘති ද සකස් කෙරෙනවා.  


 අපේ රටේ භූචලන ඇති වෙන්නේ නැහැ කියලා ජනතාව අතර ආකල්පයක් තිබෙනවා. නමුත් අප රට තුළ භූ චලන ඇතිවීමේ ඉඩකඩක් නැතුවාම නොවේ. එය සම්පූර්ණ වැරදි ආකල්පයක්. භූ ඉංජිනේරු පර්යේෂණවලට අනුව අපේ රට භූ චලන සිදුවීමේ අවදානම සහිත රටක් ලෙස හැඳින්විය හැකියි. මේ හේතුව නිසා වියදමට වඩා ආරක්ෂාව පිළිබඳව සලකා ගොඩනැගිලි ඉදිකිරීමට පෙර භූමිය පිළිබඳ හොඳ පර්යේෂණයක් සිදුකළ යුතුයි. භූ විද්‍යාව කියන්නේ පුළුල් ප්‍රවේශයක් සහිත විෂය ධාරාවක්. වෛද්‍ය විද්‍යාවේ චර්ම රෝග විශේෂඥයෝ, ශල්‍ය වෛද්‍ය විශේෂඥයෝ ව​ෙග් විවිධ ප්‍රභේද තිබෙනවා. භූ විද්‍යාවත් එබඳුයි. ඉංජිනේරු භූ විද්‍යාව, ජලය පිළිබඳව විශේෂඥයෝ, පාංශු විශේෂඥයෝ, සත්ත්ව විශේෂඥයෝ, පොසිල විශේෂඥයෝ ආදී ප්‍රභේද රාශියක් තිබෙනවා. විෂය පිළිබඳ දැන් පලපුරුද්දක් සහිත අය යෙදවිය යුතුයි. නොඑසේ නම් උමා ඔය වැනි උවදුරු තවත් වැඩිවීමට ඉඩකඩ තිබෙනවා. දැඩි පරික්ෂණයකින් පසුව කෙරෙන පාරිසරික තත්ත්ව වාර්තාවක් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට පෙර ලබාගත යුතුයි. උස් ගොඩනැගිලි ඉදිකිරීම වළක්වනවාට වඩා ඉදිකිරීම් ප්‍රමිතිය ඉහළ නැංවීම සිදුකළ යුතුයි. අස්ථායි බිම්වල ඉදිකිරීම් කිරීම මඩේ ඉන්නක් සිටුවීමට සමානයි. විශේෂයෙන් වෙරළාසන්නයේ ඉදිකිරීම් නොවන තරමට හොඳයි. වෙරළ, ගංඉවුරු ආශ්‍රිත ඉඳිකිරීම් සිදුකිරීම වළක්වා ගත හැකිනම් එය ඉතා හොඳ වැඩපිළිවෙළක් වෙනවා. ගංඉවුරු, මුහුදු සීමාවේ කරදරකාරී ඉදිකිරීම් සිදුවුවහොත් සොබාදහම විසින්ම ඒවා ඉවත් කිරීමට කටයුතු කෙරෙනවා. එවැනි තත්ත්වයන් අප කිසිවෙකුට වැළැක්විය නොහැකියි.  


ජලය අපවිත්‍ර වන ජලයට කරදිය මිශ්‍රවීම වැනි ගැටලුකාරී තත්ත්ව වැළැක්විය යුතුයි.  


 වෙනත් රටවල භූවිද්‍යා පර්යේෂණ සඳහාම වෙනමම ආයෝජනත් සිදුකෙරෙනවා. සිංගප්පුරුව, ජපානය වැනි රටවල් ඊට උදාහරණයක්. අපේ රටවලටත් එන ආයෝජකයන්ට ඉදිකිරීම් සඳහා මුදල් යෙදවීම වගේම නිසි ප්‍රමිතියට භූමි පරික්ෂාව සඳහා ද ඔවුන් අනිවාර්‌යෙන්ම යොමු කළ යුතුයි. අධික නාගරීකරණය අද වන විට ලෝකයට පීඩාවක්. චීනය වැනි රටක් උදාහරණයට දැක්වුවහොත් ආශ්වාස ප්‍රශ්වාසයට අවකාශයක් ඉඩක් නැති තරමට ගොඩනැගිලි ඉදිවී තිබෙනවා. වායු දූෂණය බහුලයි. ගොඩනැගිලි, මාර්ග පද්ධති සියල්ල එක් ප්‍රදේශයකට සීමාවීම රටේ සාමාන්‍ය පැවැත්මට අනවශ්‍ය බලපෑමක් වීම වැළැක්විය නොහැකියි. එහෙත් ජර්මනිය, ප්‍රංශය වැනි රටවල හිතුමතේ නාගරීකරණය කරන්න බැහැ. එවැනි රටවල වගාව සඳහා එක් ප්‍රදේශයක්, ගොඩනැගිලි සඳහා තවත් කලාපයක් ආදී වශයෙන් භූමිය වෙන් කිරීමක් කරනවා. එවැනි වැඩපිළිවෙළකට යොමු වුවහොත් එක් භූමි ප්‍රදේශයක පමණක් ගොඩනැගිලි ඉදිකිරීම සිදුවන්නේ නැහැ.  


අපේ රටේ මහනුවර වගේ නගරයක් ගත්තොත් අද එම නගරයට අත්ව තිබෙන ඉරණම බලන්න. වැව වටේ කැරකෙන වාහන නිසා මුළු නුවරම වායු දූෂණයෙන් පිරී ගිහින්. මේ තත්ත්වය නිසා රෝග පීඩා ආදියත් ඇතිවිය හැකියි. මේවාට හේතුව සැලසුමක් නැති නගර නිර්මාණය වීමයි. ඕනෑම දෙයකට දරා ගැනීමේ හැකියාවට සීමාවක් තිබෙනවා. සීමාව ඉක්මවා ගියොත් සොබාදහම විසින්ම ඊට දඬුවම් ලැබෙනවා. වායුගෝලය, ජල ගෝලය, ශිලා ගෝලයට අනුරූපව පරිසරයට එකඟව කටයුතු කළ යුතුයි. දේශපාලන බලපෑම් හෝ වෙනත් පෙලඹවීම් මත පරිසර තත්ත්ව වාර්තා ගැන නොසලකා ඉදිකිරීම් කිරීම ගැටලුකාරී තත්ත්වයක් ලෙස දක්නට පුළුවන්. ඉතින් අප ඒවායින් වැළකිය යුතුයි’’. මහාචාර්යවරයා සඳහන් කළේය.  


පේරාදෙණිය විශ්වවිද්‍යාල​ෙය් භූ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය කපිල දහනායක මහතාද ඒ පිළිබඳව මෙසේ අදහස් දැක්වීය. කොළඹ නගරයේ ඉදිකිරීම් කරද්දී භූමියේ (පිහිටි ගල) දක්වා භූමිය පරික්ෂා කිරීමකින් පසුව ඉදිකිරීම් සිදුවිය යුතුයි. අපේ රටේ භූමියේ තිබෙන ‘පිහිටි ගල’ දරා ගැනීමේ ශක්තිය සහිත එකක්. එවැනි අවස්ථාවක ගොඩනැගිලි ඉදිකිරීමේදී භූමියේ පිහිටි ගල (Bed Rock) මතින් අත්තිවාරම තැනිය යුතුයි. අපේ රටේ පොළවේ තිබෙන ‘ග්‍රැනිට්’ පාෂාණ හා ‘චැනොකයිට්’ පාෂාණවල ඉදිකිරීම් සිදුකළ හැකියි. ඒවා ඉදිකිරීම් සඳහා වඩාත් ශක්තිමත් පාෂාණ ලෙස භූ විශේෂඥයන් විසින් හඳුන්වා දෙනු ලැබ තිබෙනවා.   


එසේ නොමැතිව අවසාදින පාෂාණ පිහිටි භූමියක නම් ඉදිකිරීම් නොකළ යුතුයි. අපේ රටේ භූමියේ විශේෂයෙන් කොළඹ ගාලු මුවදොර සීමාවේ තිබෙන්නේ ප්‍රාග් කේන්ද්‍රිය යුගයට අයත් ශක්තිමත් පාෂාණ. ඒවා මත ඉදිකිරීම් සිදුවීම එතරම් ගැටලුවක් වන්නේ නැහැ. ඒවා පිළිබඳව ඉංජිනේරුවන් වඩාත් සැලකිලිමත් විය යුතුයි. මහාචාර්යවරයා සඳහන් කළේය.  

 

සටහන  - සමන්තිකා මාධවි



අදහස් (9)

ඉවක් බවක් නැතුව ඉදිවෙන තට්ටු ගොඩනැගිලි නිසා අපේ රටත් ගිලාබසීද ?

ET Friday, 11 August 2017 04:02 AM

බොරු භයක් ඇති කල නොයුතුයි. ග්ල්යිපොසෙට් බයත් ඇති කලේ පේරාදෙණිය මහාචාර්යවරු. ප්‍රමිතිය ගැන නීති ගෙන ආ යුතුයි

:       13       66

bandula Friday, 11 August 2017 09:44 AM

ඉංජිනේරු විද්‍යාව අනුව විශාල ඉදිකිරීම් කරනවිට BED Rock එක දක්වා PILE Driving කර ඒවා මත තම කරනු ලබන්නේ . මුහුදුකරයේ BED Rock එතරම් ගැඹුරු නැහැ .මෙය ප්‍රමිතිය පිලිබඳ ගැටලුවක් පමණි. හොංකොං වල ගොඩනැගිලි බැලුවම අපේ ඉදිකිරීම් ඉතාම සුළු ප්‍රමාණයක් .

:       0       45

wije Tuesday, 15 August 2017 07:17 AM

ලොකුම ප්‍රශ්නය මොනවගේ මානසික තත්වයක් ඇතිවෙයි ද යන්නයි. ඉස්සර ගෙවල්වලට ගිහින් වත්ත පිටියේ ඇවිදලා, නිවාඩු දවස්වල ගහක් කොලක් හිටවල හිටපු මිනිස්සු දැන් නිවාඩුවට පෙට්ටි ගෙවල් වලින් එලියට බැහැල කන බොන එකයි ඇවිදින එකයි කරන්නේ. සතියේ දවස් වල ඔෆිස් පෙට්ටියේ රැ වෙනකොට ගෙදර පෙට්ටියේ , ළමයි ඉන්ට නැෂනල් පෙට්ටියේ.

:       0       7

බද්රානි Wednesday, 16 August 2017 11:03 AM

තට්ටු බිල්ඩින් හැදුවට, ගිලා බැහැපු රටවල් නම් අපි අහලා නැහැ. අපේ රටේ උගත්තු කියලා හිතාගෙන ඉන්න පටු ආකල්ප ඇති අඥාන මිනිස්සු ඔවුන්ගේ මන්ද බුද්ධික අදහස් සමාජ ගත කල නිසා තමයි වර්තමාන ශ්‍රී ලාංකික සමාජය මේ තරම්ම ගෝත්‍රික වෙලා තියෙන්නේ, ඕනෑම විෂයකට විශේෂඥ දැනුම ඇතිව නිසි ප්‍රමිතියකින් යුතු නිමැවුම් කරනවා නම්, කිසි ගැටළුවක් ඇති වන්නේ නැහැ. අතීතය මෙනෙහි කරමින් නව නිර්මාණ, නිමැවුම් කිරීම පසෙකලා, පවතින කාලගුණික, දේශගුණික, භූ චලන විපර්යාස හඳුනා ගෙන ඒ පිළිබද පරීක්ෂණ කරමින් නිමැවුම් කිරීම තමයි දියුණු සංවර්ධිත රටවල සිදු කරන්නේ, මහා පාරවල් වල හු කියමින් පුහු දේශප්‍රේමී උපාධි ගත්තම නම්, බිල්ඩින් ගහනකොට විතරක් නෙමේ, හිටගෙන ඉන්න කොටත් ඉබේටම ගිලා බහින්න පුළුවන්.

:       31       34

abeysinghe Wednesday, 16 August 2017 08:47 PM

මේ ගැන මං දන්නේ නැහැ. නමුත් මෙහි ඉන්න කපිල දහනායක මහතා සුනාමිය හටගත් වෙලාවේ කිවේ මුහුද ආපසු ගියානම් කිසිම බයක් වෙන්න එපා කියල. රූපවාහිනියෙන් වාර කීපයක් එය කිවා. ඉන්පසු ආ රැල්ලෙන් තමා හුඟක් මැරුනේ අපේ රටේ උගත්තු කියලා හිතාගෙන ඉන්න පටු ආකල්ප ඇති අඥාන මිනිස්සු ඔවුන්ගේ මන්ද බුද්ධික අදහස් සමාජ ගත කල නිසා තමයි මහා විනාශ දක්නට ඇත්තේ .

:       0       2

lalith Thursday, 17 August 2017 10:46 PM

මෙහෙ නම් ගොඩනැගිලි හදද්දී ඔය බෙඩ් රොක් හෙවිල්ලක් නැති උනත් පොලව කිහිප පොළකින් විද භූ විද්‍යාත්මක වාර්තාවක් ලබාගන්නවාමයි. එහෙත් අප ඇස්තමේන්තු ගත කල බොහොමයක් ගොඩනැගිලි වල පොලව මට්ටමට යටින් තට්ටු තුනක් පමණ වාහන නැවත්වීමට යොදා ගන්නවා. එමගින් ගොඩනැගිල්ලේ පාදම ඉබේම අඩි 30-40 ප්‍රමාණයක් ගැඹුරට යනවා. මේ සමහර ගොඩනැගිලි තට්ටු 20-25 තරම් උසයි. විශාල ගොඩනැගිලි මැදින් ඇති පරණ ගොඩනැගිලි කඩා දමා නැවත ඉඳිකළ අවස්ථාද තිබෙනවා. මේ සියලුම අවස්ථාවල භූ විද්‍යා පරීක්ෂණ පවත්වන්නේත්, ගොඩනැගිලි වල සැලසුම් සකස් කරන්නෙත් ඒ ඒ විෂයන්ගෙන් නිපුණ වූ ඉංජිනේරු මහතුන්ගෙන් හෙබි පෞද්ගලික සමාගම්. වෙනකක් තබා ඉඳිකිරීම් අදීක්ෂණය හා කලමනකාරණයත් ඒ පිළිබඳව වූ සමාගම් මගිනුයි කරන්නේ. සියල්ල රජයෙන් කරන්නට යාම නිසා අපේ රටේ තාක්ෂණික දියුණුව ඉතාම පහල ගිය බවයි මගේ හැඟීම.

:       0       7

siri vikum Friday, 18 August 2017 04:21 AM

වැව වටේ කැරකෙන වාහන මේකට අදාල නැහැ එම වාහන දළදාව මැදින් ගියාම පරිසරය හරි යනවද ? පෙට්රෝල් ඉතිරි කරගන්න ආගම පාවා දෙන්නේ නැහැ අපි අනුන්ගේ නියමයන් උගෙන ගත් බමුණන් තමා එහෙම කරන්නේ

:       0       12

janatha anura Friday, 18 August 2017 04:26 AM

දළදා මාලිගාවට ගිහිල්ල සිල් සමාදම් වෙලා ඉන්න ඕන කාලේ බමුණු මත පල කරලා නිකම් බැනුම් අහනවා වැව වටේ යන වාහන හරවා යැවීමෙන් පරිසරය පිරිසිදු කල නො හැක විකල්ප මාර්ගයක් ඉදි කිරීමෙන් එය කල හැකි බව බමුණන් නොදනී බෞද්දයෝ දනිති

:       0       1

ගස්පේ Saturday, 19 August 2017 11:40 AM

මේවගේ මහාචාර්යවරු විශ්ව විද්‍යාල වලට වෙලා ළමයින්වත් ගොන් කරකර ඉන්නවා ඇත්තේ. මේ අය දන්නා දේ තමයි ඔය දොඩවන්නේ. ඔය බිල්ඩිමක බර කොච්චර පොඩිද බිල්ඩිමක් ගත්තොත් ඒකෙන් සියයට කීයද කොන්ක්‍රීට් තියෙන්නේ. වැඩිපුරම තියෙන්නේ හුලන්. සීගිරිය වගේ ගලක් ගත්තොත් කොච්චර බරද එහෙමනම් කඳුකර පෙති වල මෙලහකට භුමි කම්පා වෙලා කඳු ටික කඩාන වැටිලා තියෙයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

Recommend

පුටින්ට විශිෂ්ට ජයක්
2024 මාර්තු මස 18 4733 6

රුසියන් ජනාධිපතිවරණයෙන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට විශිෂ්ට ජයක් හිමිවීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි. මේ වනවිට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව, 71 හැවි


අග හිඟකම් මැද්දේ කෝටි තිස්දාහක රන් බඩු - වාහන උකස්පොළට ගිහින්
2024 පෙබරවාරි මස 03 109 0

ආර්ථික අමාරුකම් හේතුවෙන් ජනතාව රුපියල් කෝටි තිස් දහසකට වැඩි වටිනා ස්වර්ණාභරණ හා දේපළ පසුගිය වසර තුනක කාලයේදී විකුණා දමා හෝ උකස් කර ඇතැයි මුදල් අමාත්‍


හිටපු ලොක්කෝ රැසක් ඡන්දෙට
2024 පෙබරවාරි මස 03 113 0

ඉදිරි මැතිවරණ ඉලක්ක කර හිටපු හමුදාපතිවරුන් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන්, රජයේ හිටපු වෙනත් ප්‍රධාන උසස් නිලධාරීන්, වෘත්තිකයන් හා ප්‍රසිද්ධ ව්‍යාපාරික


තාක්ෂණයේ සිරවීම
2024 ජනවාරි මස 20 167 0

තිඹිරිගෙයි සිට සයිබර් අවකාශය දක්වා පැමිණි ගමන් මග ඉතා වේගවත්ව. ගෝලීයකරණයත් සමග මුළු ලෝකයම එකම විශ්ව ගම්මානයක් බවට පත්ව ඇති බව අප කවුරුත් දන්නා කරුණකි.


මාලිමාවේ බලය පෙන්වන කාන්තාවෝ
2024 ජනවාරි මස 16 884 0

පසුගිය දෙසැම්බර් 30 වැනිදා ජාතික ජනබලවේගය සිය පළමු දිස්ත්‍රික් කාන්තා සමුළුව පැවැත්වීය. මැතිවරණ වර්ෂයක් ආරම්භයේ දී ජාතික ජනබලවේගය පළමුවෙන්ම කාන්තා බ


සමබර වී ආතතිය අඩු කරමු
2023 ජුනි මස 24 276 0

සුව දිවිය ලිපි පෙළෙන් මෙවර කතාබහ කෙරෙන්නේ මානසික ආතතිය හෙවත් STRESS පිළිබඳවයි. එ්‍ සම්බන්ධව උපදෙස් ලබාදීමට අප සමග එකතු වූයේ විශේෂඥ මනෝ වෛද්‍ය රොෂාන්


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 308 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 733 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 287 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site