IMG-LOGO

2025 ජනවාරි මස 17 වන සිකුරාදා


ආදම්ගේ පාලම මිනිස් අතින් තැනූ නිර්මාණයක්

 

 

වාල්මිකී විසින් රචිත රාමායණය ප‍්‍රබන්ධයක්ද? නැතිනම් සත්‍යයක්ද? රාම, සීතා, රාවණා, හනුමාන් සැබවින්ම ජීවත් වුණාද? රාම් සේතු පාලම ඉදිකරන ලද්දේ රාමගේ වානර හමුදාව ද? මේ පිළිබඳව යළි සොයා බැලීමට කාලය පැමිණ තිබේ. ඒ ආදම්ගේ පාලම නොහොත් රාම් සේතු පාලම ස්වාභාවිකව නිර්මාණය වූවක් නොව මිනිසා විසින් නිර්මාණය කරන ලද්දක් බවට ඇමෙරිකාවේ ‘සයන්ස් චැනල්’ නාලිකාව ‘වට් ඔන් අර්ත්’ නමැති විශේෂ වැඩසටහනක් මගින් කරන ලද හෙළිදරව්වක් හේතුවෙනි.   


කලකට ඉහත නාසා ආයතනයට අයත් චන්ද්‍රිකාවක් මගින් අපූරු ඡායාරූප පෙළක් හසුකරගෙන තිබිණි. ඉන්දියානු සාගරයේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර නොගැඹුරු ජලයේ දම්වැලක් මෙන් දිස්වන පාෂාණ පන්තියක් එම ඡායාරූපවලින් ඉතා පැහැදිලිව දර්ශනය වේ.   


මෙම ඡායාරූප ඇසුරින් රාම් සේතු පාලම සම්බන්ධයෙන් පර්යේෂණයක නිරත වූ ඇමෙරිකානු භූවිද්‍යාඥයන් හා විද්‍යාඥයන් පිරිසක් මෙම පාලම ස්වාභාවික පිහිටීමක් නොව මිනිසා විසින් ඉදිකරන ලද්දක්ය යන නිගමනයට එළැඹ තිබේ.   


සමුද්‍ර විද්‍යාඥයන් මෙය වැලිපරයක් ලෙස හඳුන්වන අතර එය සාමාන්‍ය වැලිපරයක් නොවන බව ඔවුන්ගේ මතයයි. එම වැලිපරය මතුපිට වෙනත් ප‍්‍රදේශයක සිට ගෙන එන ලද විශාල පාෂාණ අතුරා පාලමක් ඉදි කර ඇතැයි යන්න ඔවුන්ගේ මතය වී තිබේ. මෙවැනි විශාල පර්වත එම ස්ථානයට රැගෙන එනු ලැබුවේ කෙලෙසකද යන්න අබිරහසක් බව ද ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.   


රාම් සේතු පාලම පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවේ මන්නාරම් දූපතත් ඉන්දියාවේ රාමේෂ්වරමේ පම්බන් දූපතත් අතර මුහුදේය. එය සැතපුම් 30ක පමණ දිගින් යුතුය. හින්දු පුරා කතාවක් වන රාමායණය අනුව ශ්‍රී ලංකාවේ රාවණා රජු රාම කුමරුගේ බිසව වූ සීතා දේවිය පැහැරගෙන ලංකාවට පැමිණියේය. ඇය ගලවා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට යෑමට රාම කුමරු ඔහුගේ වානර සේනාව ලවා ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මෙම පාලම ඉදි කළ බව එහි සඳහන්ය.   

 

 

ඇමෙරිකානු පුරාවිද්‍යාඥවරියක වන චෙල්සියා රෝස්ට අනුව මෙම වැලිපරය මතුපිට ඇති පාෂාණ වැලිපරයට වඩා පැරැණිය. මෙම පාෂාණ සම්බන්ධයෙන් සිදු කළ කාලනීර්ණ පර්යේෂණවල දී ඒවා වසර 7000ක් පමණ පැරණි වන බවට හා වැලිපරය වසර 4000ක් පමණ පැරණි වන බවට අනාවරණ වී තිබේ. වැලිපරය පසුකාලයේ ස්වාභාවික ලෙස නිර්මාණය වන්නට ඇතැයි ද, පාලම වෙනත් ප‍්‍රදේශයක සිට රැගෙන ආ පාෂාණ යොදා ගනිමින් මිනිසා විසින් ඉදිකරන ලද්දක් බවද ඔවුන්ගේ මතය වී තිබේ.   


විද්‍යාඥයන්ගේ නව මතය ප‍්‍රකාශයට පත්වීමත් සමඟ ඉන්දියාවේ දේශපාලනික සංවාදයක් නිර්මාණය වී තිබේ. භාරතීය ජනතා පක්ෂ නායකයන් සඳහන් කරනුයේ රාම කුමරු පිළිබඳ පුරාවෘත්තය සත්‍යයක් බවට මෙම හෙළිදරව්වෙන් අනාවරණ වන බවයි. 2008 වසරේ ඉන්දියානු රජය මගින් මෙම ප‍්‍රදේශය ඔස්සේ නාවික මාර්ගයක් ඇති කිරීම සඳහා යෝජනා කළ සේතු සමුද්‍රම් ව්‍යාපෘතිය මගින් රාම් සේතු පාලමේ කොටසකට හානි වන බවට චෝදනා කරමින් භාරතීය ජනතා පක්ෂය සහ හින්දු අන්තවාදී සංවිධාන කිහිපයක් පසුගිය සමයේ විරෝධතා ව්‍යාපාරවල නිරත වූහ. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමනය වූයේ රාම කුමරු සත්‍ය වශයෙන්ම ජීවත් වූ බවට වන ඓතිහාසික සාධක හමුවී නොමැති බවයි. ඇමෙරිකානු විද්‍යාඥයන්ගේ මතය අනුව අධිකරණ නියෝගය නිෂේධනය වන බවත්, රාම කුමරු ජීවත්ව සිටි බවට මෙම හෙළිදරව්වෙන් සනාථ කෙරෙන බවත් ඔවුහු ප‍්‍රකාශ කරති.   


රාම් සේතු පාලම සම්බන්ධයෙන් විවිධ මත පවතී. එක් මතයකට අනුව අයිස් යුගයේදී ඉන්දියාව හා ශ්‍රී ලංකාව සම්බන්ධ වී තිබූ අතර ඉන්දියාවේ කොටසක්ව පැවති ශ්‍රී ලංකාව වසර 125,000කට පමණ පෙර වෙන් වී තිබේ. එසේ වෙන්වීමේදී ශේෂ වූ කොටස් මෙලෙස දිස්වන බව ඔවුන්ගේ මතය වී තිබේ. සේතු සමුද්‍රම් ප‍්‍රශ්නය සම්බන්ධයෙන් ඩී.එම්.කේ. පක්ෂය විසින් ගොනු කෙරුණු පෙස්සම සම්බන්ධයෙන් රජයේ ප‍්‍රතිචාරය වූයේ, “එහි පාලමක් නොමැත. මිනිසා විසින් නිර්මාණය කෙරුණු කිසිවක් එහි නොමැත. එවැන්නක් කළ හැක්කේ සුපර්මෑන් කෙනකුට පමණකි. පාලමක් ඉදි කෙරුණා නම් එය සුපිරි මිනිසකු විසින් ඉදිකරනු ලැබ යළි ඔහු විසින්ම විනාශ කෙරෙන්නට ඇත. සියවස් ගණනක් පුරා මේ සම්බන්ධයෙන් කිසිවකු කිසිවක් සඳහන් කර නොමැත්තේ එහෙයිනි. මෙය රාම කුමරු විසින් ඉදිකරන ලද පාලමකැයි කියමින් එයට වන්දනාමාන කිරීම ඇරඹුණේ මෑතක සිටය.” යන්නයි.   


රාම් සේතු පාලම යැයි හඳුන්වන ප‍්‍රදේශයේ මුහුද ඇතැම් ස්ථානවල අඩි 30ක් පමණ ගැඹුරු වන අතර ඇතැම් ස්ථානවල ගැඹුර අඩි 3ක් පමණ වේ යැයි නිව්ස් 18 නමැති නාලිකාව සඳහන් කරයි. ඇතැම් ස්ථානයක ඇති වැලිපර වියළිය. 15 වැනි සියවස තෙක් මෙම වැලිපරය මුහුදු මට්ටමට වඩා ඉහළින් පැවැති අතර ඒ මතින් පා ගමනින් යා හැකිව තිබූ බවට සාධක ඇතැයි විද්‍යාඥයෝ පවසති. ක්‍රි. ව. 1480 ඇති වූ කුණාටුවකින් වැලිපරය විනාශ වී තිබේ.   

 

 

මෙම පාලම පිළිබඳව ඓතිහාසික තොරතුරක් ප‍්‍රථමයෙන්ම හමුවන්නේ වාල්මිකීගේ රාමායණයෙනි. එහි එය හැඳින්වෙන්නේ ‘රාමා සේතු’ නොහොත් ‘රාමාගේ පාලම’ යන නමිනි. රාමායණයේ 2-22-76 වැනි පද්‍යය අනුව රාම එය ‘සේතුබන්ධනම්’ ලෙස නම් කර තිබේ. මෙම ප‍්‍රදේශය වර්තමානයේ හැඳින්වෙන්නේ ‘සේතු සමුද්‍රම්’ නමිනි. එහි අරුත ‘පාලමක් සහිත මුහුදු ප‍්‍රදේශය’ යන්නයි. දැනට ඉන්දියාවේ තන්ජවූර් සරස්වතී මහල් පුස්තකාලයේ ඇති ක්‍රි. ව. 1747 සකස් කරන ලද ඕලන්ද සිතියමකට අනුව මෙම ප‍්‍රදේශය ‘රාමන්කොයිල්’ යනුවෙන් හඳුන්වා තිබේ. තවත් සිතියමක දැක්වෙන්නේ ‘රාමාගේ දෙවොල පිහිටි ප‍්‍රදේශය’ යනුවෙනි. රාම වෙනුවෙන් දෙවොලක් ඇත්තේ   රාමේස්වරම්හිය. මාර්කෝ පෝලෝගේ සිතියම්වල මෙම ප‍්‍රදේශය නම් කර ඇත්තේ ‘සේතුබන්ධ’ සහ ‘සේතුබන්ධ රාමේස්වරම්’ යනුවෙනි.   


ඉබන් කොර්දාබේ විසින් 9 වැනි සියවසේ රචිත ‘බුක් ඔෆ් රෝඩ්ස් ඇන්ඩ් කින්ඩම්ස්’ හි එය ‘මුහුදේ ඇති පාලම’ ලෙස හඳුන්වා තිබේ. 1804 බ්‍රිතාන්‍යයන් විසින් නිර්මාණය කරන ලද සිතියමක මෙය නම් කර ඇත්තේ ආදම්ගේ පාලම ලෙසිනි. පුරාණ ඉස්ලාමික ග‍්‍රන්ථවල ශ්‍රී ලංකාව හැඳින්වෙන්නේ ‘ආදම්ගේ කන්ද’ ලෙසිනි. ආදම් පොළොවට පතිත වී ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාව බලා මෙම ස්ථානය ඔස්සේ ගමන් කළ බවට සඳහන් වන හෙයින් රාමාගේ පාලම ‘ආදම්ගේ පාලම’ ලෙසින් ද හැඳින්වේ.   


විද්‍යාඥයන්ගේ නව මතය සත්‍යයක් නම් මහා සයුර මතින් පාලමක් ඉදිකිරීමට තරම් ඉතා දියුණු තාක්ෂණයක් වසර දහස් ගණනට ඉහත ලොව පැවති බවට එය කදිම සාක්ෂියක් වන අතර රාම පුරාවෘත්තය ද සත්‍යයක් බවට පත් වනු ඇත.

 

 

 

 

 

 

 

 

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා   



අදහස් (0)

ආදම්ගේ පාලම මිනිස් අතින් තැනූ නිර්මාණයක්

ඔබේ අදහස් එවන්න

 

 

තක්සලාව

‘මම ආසයි මේ කඳු ඇතුළෙ තියෙන සැඟවුණු - ගුප්ත ඉතිහාසයට ’ - මදුෂාන් නෙරංජන්
2025 ජනවාරි මස 16 20 0

පරිසරයේ නිමැවුම් මායාකාරී බව සොබාදහම පිළිබඳ තියුණු නිරීක්ෂකයෙකුට පසක් කරගත හැකි පරම සත්‍යයයි.


මේ ගස් හැර තවත් ගස් තිබේ ද?
2025 ජනවාරි මස 16 15 0

මිහිපිට ජීවත් වන මිනිසා ඇතුළු සියලු සත්වයින් හට ජීවය සදන්නේ ගස්වැල්ය. ගසකට තරම් අයිතියක්, උරුමයක් වෙනත් කිසිවකුට නොමැත.


බෙල්වුඩ් සීතල පාරාදීසයට
2025 ජනවාරි මස 15 26 0

මධ්‍යම කඳුකරය යනු ශ්‍රී ලංකාවේ සොබාව සෞන්දර්යයේ අපූරු පරාදීසයකි. මහනුවර නගරයට කිලෝමීටර 19ක දුරින් හරිත වර්ණයෙන් අනූන සෞම්‍ය පරිසරයක පිහිටා ඇති පුංචි


කල්වාරි පාලමෙන් එගොඩ වී කුරුස කන්ද පුදබිමට
2025 ජනවාරි මස 15 29 0

දකුණුලක අගනගරය යන විරුදාවලිය ලත් ගාලු පුරවරය ඓතිහාසික වටිනාකම්වලින් මෙන්ම ස්වභාව සෞන්දර්යයෙන් පරිපූර්ණ වූ පුරවරයකි.


පතුලක් නැති දිය ඇල්ල බලන්න යමුද ?
2025 ජනවාරි මස 15 39 0

අප රටේ ඇති සුන්දර දිය ඇලිවලින් වෙනස්ම හැඩයක් ගන්න, නෙත් සිත් සනහනා, පහන්තුඩාව බලන්න යමු ද? ස්වාභාවික පරිසරයක පහනක හැඩයට ස්වාභාවිකවම නිර්මාණය වුණු දිය ඇ


දරුවා දැඩිසත්කාරයේ පසුවෙද්දී ස්වාමියාට ත්‍රස්තවාදී ප්‍රහාරයක්
2025 ජනවාරි මස 15 42 0

ශල්‍යකර්මයෙන් අනතුරුව යුද හමුදා රෝහලේ නිලධාරී වාට්ටුවට ඇතුළු කළ මේජර් සමීරට ප්‍රකෘති සිහිය ලැබෙද්දී රාත්‍රිය උදාවී තිබිණ. ඒ වනවිට ඔහු බොහෝ වේදනාවෙන්


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 305 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 579 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 321 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site