IMG-LOGO

2025 දෙසැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


අම්මාගේ සිරුරට ගිනිතබා මැරූ නරුම පුතා

පොලිස් පො​ෙතන්

 

මනුෂ්‍යයන් පමණක් නොව තිරිසනුන් පවා තම ලෙයින් මසින් දරුවකු බිහිකර කවා පොවා ලොකු මහත් කරන්නේ මහත් සෙනෙහසකිනි. විශේෂයෙන්ම මවක් මාස නවයක් සිය බිලිඳු කලලය කුස තුළ රැක බලාගෙන මෙලොවට බිහිකර සිය ලෙය කිරට හරවා බිලිඳු කුස පුරවා රැක බලාගන්නේ එම දරුවාගෙන් කිසිදු දෙයක් ලබා ගැනීමේ පටු අපේක්ෂාවෙන් නොවේ.


එවන් පුතකු සිය මව පණපිටින් සිටිය දී පුලුස්සා මරා දැමීමට පෙළඹුණා නම් එය අහස පොළොව නුහුලන්නේ නැති අපරාධයකි.  


වයස අවුරුදු 79 ක් වූ මෙම මව පිළිස්සි මියයාමේ සිද්ධිය කාලයේ වැලිතලාවෙන් වැසෙන්නට නොදී හෙළි දරව් වූයේ පොලිසියේ දක්ෂතාව නිසාය.   


මෙම මනුෂ්‍ය ඝාතනය වාර්තා වූයේ කරන්දෙණිය පොලිස් වසමට අයත් පහළ කිරිපේද්ද ප්‍රදේශයෙනි.  
මේ මව ජීවත් වූයේ සිය පළමු විවාහයේ පුතෙකු සමඟය. ඔහු විවාහකයෙක් වුව ද බිරිඳ ඔහු හැර ගොසිනි. ඔහුට දරුවන් සිටියේ නැත. මේ නිසා මෙම නිවසේ ජීවත් වූයේ මවත් බින්දු නමැති අන්වර්ථ නාමයකින් හැඳින් වූ මේ පුත්‍රයාත් පමණි.  


මව නිද‌ාගන්නේ නිවසේ කෑම කාමරයේ ඇඳකය. ඉකුත් දෙසැම්බර් මස පළමු වැනිද‌ා ඇය නිද‌ාසිටිය දී ඇයගේ සිරුරට ගිනි ඇවිලෙන්නේ අලුයම 1.30 ට පමණය. ගින්නෙන් පිළිස්සෙන ඇය වේදනාවෙන් මොරදෙද්දී නිවසේ නිද‌ා සිටි බින්දු අසල්වාසීන්ද කැඳවාගෙන පැමිණ වතුර ඉස ගින්න නිවා දමා ඇත. ඉන්පසු ඔහුන්ගේ දැනුම් දීම මත ගින්නෙන් පිළිස්සී බරපතළ තුවාල ලබා සිටි මව 1990 ගිලන් රථයකින් ඇල්පිටිය මූලික රෝහලට රැගෙන ගොස් ඇත.  


උදෑසන 5.30 ට පමණ කරන්දෙණිය පොලීසියට ලැබුණෙ පැමිණිල්ලකින් කියැවුණේ 79 හැවිරිදි මවක් කාමරයක් තුළ නිද‌ා සිටිය දී ගින්නෙන් දැවී රෝහල් ගත කළ බවය. මේ ගින්න කෙසේ සිදු වුවා ද යන්න අබිරහසක් විය. 

 
පොලීසියට ලද පැමිණිල්ල මත කරන්දෙණිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී.එම්. ඉරාන් මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් ඇල්පිටිය මූලික රෝහලට ගොස් ඇයගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක වූයේ ඇය ඉතා අසාධ්‍ය තත්ත්වයේ පසු වූ නිසා බව වෛද්‍යවරු පැවසූහ.  


පසුව ගිනිගත් නි​ෙවසට පැමිණ පරීක්ෂා කිරීමේ දී මිය ගිය මව නිද‌ා සිටි කාමරයේ දොරගුළු දමා තිබුණ ද යතුර තිබුණේ කාමරය පිටත පැත්තේය. එහෙත් මව කෑ ගසන ශබ්දයට බින්දු ගොස් බලා තිබුණේ අනෙක් පැත්තෙනි.   


කාමරයේ වූ ජනේලය ඇරගෙන මව නිදා සිටින බව දැන සිටියේ පුතා වූ බින්දු පමණක් බව ද පොලීසිය හෙළිකර ගත්තේය.  


මෙම මව ඇල්පිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී 02 දා රාත්‍රී 11.40 ට පමණ අවසන් හුස්ම හෙළු අතර එම ආරංචිය ලැබීමත් සමඟ පොලීසිය පුතාව අත්අඩංගුවට ගනු ලැබීය.  


ඉන්පසුව කළ ප්‍රශ්න කිරීම් වලදී මේ මිනිස් ඝාතනය සිදු වූ අයුරු හෙළිකරගන්නට පොලීසිය සමත් විය.   
ඒ අනුව බින්දු පෙට්‍ර්ල් රැගෙන ආ බෝතලය ඔහු කැලයට විසිකර දමා තිබිය දී ඔහු ලවාම සොයා ගැනීමට හැකිවිය. නිවසේ සිට මීටර් සියයක පමණ දුරින් ඉන්ධන පිරවුම්හල් දෙකක් හා පෙට්‍ට්‍රල් අලෙවි කරන කඩ තිබුණ ද නොවැම්බර් 30 වනද‌ා සවස 2.20 ට පමණ ඔහු පා පැදියකින් කුරුඳුගහහැතැප්ම නගරයේ වූ ඉන්ධන පිරවුම් හලට ගොස් පෙට්ට්‍රල් බෝතලයක් රැගෙන ආ බව හෙළිවිය.  


සී.සී.ටී.වී දර්ශන පරීක්ෂා කිරීමෙන් එය සනාත වූ අතර ඉන්ධන පිරවුම් හලේ සේවකයා ද ඔහු හඳුනාගනු ලැබීය. බින්දු මෙම පෙට්‍ට්‍රල් බෝතලය ලබාගෙන එකවර කරන්දෙණිය දෙසට නොගොස් මද දුරක් ඇල්පිටිය දෙසට ගමන් කර ආපසු නි​ෙවසට පැමිණ ඇති බව ද කළ පරීක්ෂණ වලදී හෙළි වූ අතර ඒ නිසා මෙම ඝාතනය ඔහු සැලසුම් කර කරන ලද්දක් බව ද පොලීසියට පැහැදිලි විය.  


මෙම මියගිය කාන්තාවට විවාහ දෙකකින් දරුවන් සිටිති. ඇයගේ දෙවන සැමියා ද කලින් විවාහකව දරුවන් සිටි අයෙකි. මෙම දරුවන් සෑම දෙනාම ආරවුලකින් තොරව ජීවත්ව ඇත. සැකකාර බින්දු මුල් විවාහයේ පුතෙකි.  


මියගිය මවගේ දෙවන විවාහයේ පුතෙක් යුද හමුද‌ාවේ සිට යුද්ධයේ දී මිය ගොස් ඇත. ඒ මගින් මේ මවට මාසිකව රුපියල් අසූ දහසක් පමණ මුදලක් ලැබී ඇත. සැකකරු සුදුවට හා මත්වතුර පානයට තදින් ඇබ්බැහි වී සිටින අයෙකි. ඔහු මුදල් ඉල්ලා නිතර නිතර මවට කරදර කර ඇත. මෙම ඝාතනය සිදුකර ඇත්තේ මේ මුදල් ගැනීමේ චේතනාවෙන් බවයි පොලිස් පරීක්ෂණවල දී හෙළි වී ඇත්තේ.  


ඇල්පිටිය මහේස්ත්‍රාත් සමීර දොඩංගොඩ මහතා සිද්ධිය වූ ස්ථානයට ගොස් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත් වූ අතර පොලීසිය සැකකරු අත්අඩංගුවට ගෙන ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.   
ඇල්පිටිය කොට්ඨාස භාර පොලිස් අධිකාරී සතිස් ගමගේ මහතාගේ උපදෙස් පරිදි අම්බලන්ගොඩ කොට්ඨාස භාර සහකාර පොලිස් අධිකාරී ආර්.එම්.එන්. රත්නායක මහතාගේ අධීක්ෂණයෙන් කරන්දෙණිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න ඇල්ගිරිය, කරන්දෙණිය පොලීසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී.එම්. ඉරාන්, පාලන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රභාත්  ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක මෙන්ඩිස්, පොලිස් පරීක්ෂක රණවීර යන මහත්වරු ඇතුළු පොලිස් කණ්ඩායමක් මෙම පරීක්ෂණ සිදුකර තිබේ.

 

 

ඇල්පිටිය, චන්ද්‍රසිරි ගුණසේකර



අදහස් (0)

අම්මාගේ සිරුරට ගිනිතබා මැරූ නරුම පුතා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්





“කන්න දීප අත සපා කෑ අලියා“
2025 නොවැම්බර් මස 19 6141 2

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 317 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 347 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1280 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site