
(දයාසීලි ලියනගේ)
වයස අවුරුදු විස්සත් තිහත් අතර අයගෙන් සියයට 50 කට වැඩි පිරිසක් මෙතෙක් එන්නත ලබා නොගැනීම නිසා කොරෝනා ව්‍යාප්තියේ තවත් රැල්ලක් ඇතිවිය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.
මෙම වයසේ පසුවන ලක්ෂ තිස් තුනක පිරිසට රට විවෘත කිරීමට පෙර එන්නත ලබාදීමට තීරණය කර තිබුණත් එය සාර්ථක නොවීම බරපතළ කරුණක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කීය.
ලැබී ඇති වාර්තාවලට අනුව ආසාදිතයන් වැඩි ප්‍රමාණයක් වයස 20 ත් 60ත් අතර සිටින අය වෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානය ලබා දී ඇති උපදෙස්වලට අනුව වයස 12 ත් 18 ත් අතර අයට ෆයිසර් එන්නත ලබා දිය යුතු වේ. වයස විස්සත් තිහත් අතර අයට සයිනොෆාම් එන්නත ගැටලුවක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර ඇතැයි ද ඔහු කීය.
දෙමව්පියන් බහුතරයක් මේ වනවිට සයිනොෆාම් එන්නත ලබාගෙන ඇති අතර ඔවුන්ගේ දරුවන්ට සයිනොෆාම් එන්නත ලබා දීමට මැලි වන්නේ කුමන හේතුවක් නිසාද යන්න ගැටලුකාරී බව ද වෛද්‍ය සොයිසා මහතා කීය.
විශ්වවිද්‍යාල කඩිනමින් විවෘත කිරීමට සැලසුම් කර ඇති අතර එක් ශිෂ්‍යයෙක් හෝ ආසාදිත වුවහොත් ඔහු සිටින ශිෂ්‍ය කණ්ඩායමම නිරෝධායනයට ලක්කිරීමට සිදුවීමේ තත්ත්වයක් ඇතිවන බවද වෛද්‍ය සොයිසා මහතා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරුවන්ට තියෙන මොළේ දොස්තරවරුන්ට නැති එකයි ප්‍රශ්නෙ. දෙමාපියන්ට සයිනොෆාම් එන්නත දීපු නිසා තමයි ඒ අම්මල තාත්තල තමන්ගෙ දරුවන්ට ඒ එන්නත ලබා ගන්න එපා කියන්නෙ. නිකමටවත් ඒවගෙ තියෙන අතුරු ආබාධ ගැන හොයල බැලුවද..?
එම වයසේ අය විදේශගත වීමට අපේක්ෂාව වැඩියි. සයිනොෆාම් ලබාගැනීම ඒ අයට බාදාවකි.ඒම නිසා ෆයිසර් අපේක්ෂාවෙන් සිටී.ඒ වගේම එක දිස්ත්‍රික්කයකට පමනක් ෆයිසර් දීම ගැන කලකිරීමකින් පසුවේ.කරුණාකර ඒ ගැන අවධානය යොමු කරන්න.
මේ කියන කාරනාවලට අමතරව දරුවන්ට එන්නත ගන්න එපා කියන කොටසක් ඉන්නවා. ගුරු වර්ජනය ඉහලින්ම සාධාරනය කරන 'මාර' ගුරුවරියක් එයින් එක්කෙනෙක්. ඇය කියන්නේ එන්නතින් ඇඟට විස එනවා ඒ නිසා දේශීය ඖෂධ පමනක් භාවිතා කරලා ඉන්න කියලා. අලුත්ගම දර්ගා නගරය පැත්තේ වෙද හාමිනේ කෙනෙකු එන්නත් අවශ්‍ය නෑ එයාගේ බේත් ගත්තාම කොරොනා හැදෙන්නේ නෑ කියන. වඩාම භයානක අර කරල් වගයක් විකුනන කරාපිටියේ මානසික දොස්තර. එයා පෙන්නන්න හදනවා එන්නත් නිසා ලිංගික ශක්තිය අඩු වීම ඇතිවෙන බව. මේක අම්මලා තාත්තලා නෙවෙයි අපේ සමහර බිස්නස් කාරයන් කරන දෙයක්. මගේ යාලුවෙක්ගේ මල්ලි දර්ගා නගරයේ වෙද නෝනාගේ ගුලිත් ගිලලා ඒ මදිවට රුපියල් තුන් දහස්ක කරාපිටියේ කරල් ගෙන්නගෙනලු. අවුරුදි 30ට අඩුයි වයස හැබැයි 75-80 කෙනෙකු තරමට මිත්‍යා මත අදහන කෙනෙක්. ගෙදර අනික් අයට පවා එන්නත ගන්න එපා කියලා බව මගේ යාලුවා කිව්වා. කොහොමටත් ඔය වයසෙ කවුරුත් බය වෙනවා ලිංගික ශක්තිය අඩු වීම වගේ කතා දොස්තර කෙනෙක්ම කිව්වාම. ඔන්න මේ දවස්වල ආපහු වීඩියෝ එකක් අන්තර්ජාලයට දාලලු. මේ මිනිස්සු ඔය වගේ දේ කරන්නේ එන්නත අරගන්න අය ඔවුන් විකුනන බෙහෙත් ගන්නේ නැතිවුනාම ඒ බිස්නස් බහින නිසා.