(අජන්ත කුමාර අගලකඩ)
නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය අද (15) හෝ හෙට (16) දිවුරුම් දීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. නව කැබිනට් මණ්ඩලය පත්කර ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් පොදුජන පෙරමුණේ සහ වෙනත් පක්ෂ කීපයක මන්ත්‍රීවරුන් සමඟ ද සාකච්ඡා කරමින් සිටින බව දැනගන්නට ඇත.
නව කැබිනට් මණ්ඩලය විස්සකට පමණ සීමා වනු ඇති බවත් වාර්තා වේ.
නව කැබිනට් මණ්ඩලය පත් කිරීමේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස්, ජනාධිපති නීතිඥ අලි සබ්රි, දිනේෂ් ගුණවර්ධන, ඩග්ලස් දේවානන්ද යන මහත්වරුන්ට ද අමාත්‍යධූර ස්ථිර වශයෙන් හිමිවනු ඇතැයි වාර්තා වේ.
පාර්ලිමේන්තුව අනිද්දා (17) රැස්වීමට නියමිත අතර, ඊට පෙර කැබිනට් මණ්ඩලය පත් කර අවසන් විය යුතුවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd