නිවැරදි තීන්දුවකට එනතුරු ඇඳිරිය ඉවත් කිරීමත් අවදානම්
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
(දයාසීලි ලියනගේ)
මේ මස 20 වැනි දින වෙනවිට රටේ බොහොමයක් කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත් වෙතැයි ජනතාවට දැඩි බලාපොරොත්තුවක් ඇතත් දැනට හඳුනාගත් රෝගීන්ගේ ස්පර්ශකයින් නිශ්චිතව පරීක්ෂා කර තීන්දුවක් ගන්නා තෙක් ඇඳිරි නීතිය ඉවත් කිරීම අවදානම් සහගත බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පෙන්වා දී ඇත.
මෙම තත්ත්වය නොසලකා කටයුතු කළහොත් දැනට ලබා ඇති ප්‍රගතිය විනාශ වී යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කීය.
රෝගය පැතිරීයාම වැළැක්වීම සඳහා පරීක්ෂණ විශාල ප්‍රමාණයක් කිරීමට සිදු වෙන අතර, හඳුනා ගත් රෝගීන්ගේ ස්පර්ශකයන් අවස්ථා කීපයකදී පරීක්ෂාවට ලක් කිරීමට සිදු වී ඇතැයි ද වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ප්‍රකාශ කළේය. ඇඳිරි නීතිය ලිහිල් කළ වහාම ඇතැම් ජනතාව හැසිරෙන ආකාරය අනුව ලබන 20 වැනිදායින් පසුවත් ජනතාවගේ දුරස්ථභාවය පිළිබඳව විශ්වාසයක් තැබිය නොහැකි බව ද වෛද්‍යවරයා කීය. ස්පර්ෂකයන් සියලු දෙනා හරියාකාරව හඳුනා ගන්නා තෙක් 20 වැනිදායින් පසුවත් නීති ලිහිල් කිරීම අවදානම් බව ඔහු වැඩිදුරටත් කීය.
2025 දෙසැම්බර් මස 18
600
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
20 වැනිදාට පසු රෝග පාලනයක් ගැන දැඩි බලාපොරොත්තුවක් තියාගන්න එපා