IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


සියයට 25 කාන්තා නියෝජනයෙන් පක්ෂ රැසක් අසීරුවේ

(දයාසීලි ලියනගේ)  
පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා සැකසීමේදී කාන්තා නියෝජනය සියයට 25ක් විය යුතු බවට පවතින නීතියට අනුව දේශපාලන පක්ෂ ගණනක් දැඩි අසීරුතාවකට මුහුණපා සිටින බව වාර්තා වේ.  

මෙයට හේතු වී ඇත්තේ ප්‍රමාණවත් තරම් කාන්තා නියෝජනයක් ලබාදීමට ඇති අසීරුතාව බව සඳහන් වේ.  
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරන ආකාරයට 2016 වර්ෂයේ මුළු ජනගහනයෙන් සියයට 51.89ක් කාන්තාවෝය.  


ප්‍රාදේශීය සභා, නගර සභා හා මහ නගර සභා යන ඡන්ද කොට්ඨාස 4962ක් සඳහා කාන්තා නියෝජනය 2250කට ආසන්න වනු ඇතැයි සඳහන් වේ.  විශේෂයෙන් සුළු පක්ෂ බොහොමයක් සඳහා කාන්තා නියෝජනය ඇතුළත් කර සභික නාමලේඛන සැකසීම බරපතළ ප්‍රශ්නයක් වී ඇති අතර, නිසි නියෝජනයක් නොමැතිවීම නිසා නාමයෝජනා ලැයිස්තු අවලංගු වීමද සිදුවේ.   


ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ලේකම් නිශාන් කාරියප්පර් මහතා මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කළේ, බොහොමයක් මුස්ලිම් කාන්තාවන් දේශපාලන කටයුතුවල යෙදීමට කැමැත්තක් නොදක්වන නමුත්, කාන්තා නියෝජනය ඇතුළත් කර ලැයිස්තු සකස් කරන බවයි.  


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති, දකුණු පළාත් මහ ඇමැති ශාන් විජයලාල් ද සිල්වා මහතා ප්‍රකාශ කළේ, කාන්තා නියෝජනය සඳහා යහපත් ප්‍රවේශයක් ලබාදීම ඉතා වැදගත් කරුණක් වන අතර, ඒ සඳහා දෙවැනි පෙළ නියෝජනයක් ලබාදීමට හැකි බවයි.

 



අදහස් (0)

සියයට 25 කාන්තා නියෝජනයෙන් පක්ෂ රැසක් අසීරුවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 281 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site