ශ්‍රීලනිපය ජනපතිගෙන් ඉල්ලයි
(අජන්ත කුමාර අගලකඩ)
ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන්ට පහරදීම නතර කරන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයේ දී ඉකුත්දා හමුවී කළ සාකච්ඡාවේ දී ඔවුන් මෙම ඉල්ලීම කර ඇතැයි ද වාර්තා වේ .
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් ආණ්ඩුවේ කටයුතුවලට සහයෝගය ලබා දෙද්දී මේ ආකාරයෙන් පහර දීම සමගියට විශාල බාධාවක් වී ඇතැයිද එම මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ජනාධිපතිවරයා හමුවේ මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු දැක් වූ බවද එම ආරංචිමාර්ග වලින් පැවසේ.
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ශ්‍රීලනිපයට ගහන්න එපා