IMG-LOGO

2024 ජුලි මස 15 වන සඳුදා


වසර දෙකකින්ම රැකියාව නෑ තොරණ ශිල්පීන් අසරණ වෙලා

 

  • ග්‍රෑන්ඩ්පාස් ශ්‍රී වෛශාඛ්‍ය තොරණ කමිටුවේ ලේකම්  

(දුෂ්‍යන්ත කුමාර)  

රටේ බහුතරයක් බෞද්ධයන්ගේ ආගමික භක්තිය වර්ධනය කිරීම පිණිස විශාල ආර්ථික ප්‍රශ්‍්න දරාගනිමින් වෙසක් තොරණ ඉදිකළ ද, වසර දෙකකින් රටේ හදිසි තත්ත්වයන් මත ඒවා මහජන ප්‍රදර්ශනය වෙනුවෙන් ප්‍රදර්ශනය නොකිරීම නිසා තොරන් නිර්මාණයේ නියුතු බොහෝ පිරිසක් ආර්ථිකමය වශයෙන් අසරණ වී ඇති බව ග්‍රෑන්ඩ්පාස් ශ්‍රී වෛශාඛ්‍ය සම්බුද්ධාලෝක තොරණ කමිටුවේ ලේකම් ආර්.එම්.ඒ.පී. වරාගොඩ මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.  

අඩිපනහක් උසැති තොරණක් වෙනුවෙන් අවම වශයෙන් රුපියල් ලක්ෂ 20ක පමණ පිරිවැයක් දැරිය යුතු බවත්, නිවාස, ඉඩම් ඇපයට තබා බැංකු ණය ලබා ගනිමින් ඉදිකරන තොරණ්වලින් එම ආදායම පියවා ගැනීමට නොහැකිවීම තොරණ හිමියන් මුහුණ දෙන මූලික ගැටලුවක් බව ද ඒ මහතා පවසයි. සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, බුද්ධ ශාසන අමාත්‍යාංශය වැනි වගකිවයුතු ආයතනවල බලධාරීන් මෙවැනි ගැටලු පිළිබඳව සොයා බැලිය යුතු බව ද ඒ මහතා අවධාරණය කරයි.  


මෙලෙස දිගින් දිගටම පැමිණෙන ආර්ථික ප්‍රශ්න හමුවේ තොරණ් කර්මාන්තයෙන් තොරණ් හිමියන් ඉවත්වීම නිසා අනාගත පරපුරට මෙවැනි සංස්කෘතිකමය වටිනාකමක් ඇති නිර්මාණ අහිමි වී යා හැකි යැයි වරාගොඩ මහතා වැඩිදුරටත් පැවසීය.  

 



අදහස් (0)

වසර දෙකකින්ම රැකියාව නෑ තොරණ ශිල්පීන් අසරණ වෙලා

ඔබේ අදහස් එවන්න

පුවත්

කියන තරම් ණය කැපෙයිද?
2024 ජුලි මස 12 29 0

1978 සිට 2010 දක්වා ආසියානු කලාපයේ රටවල් සඳහා සිදු කරන ලද ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ණය ප්‍රතිව්‍යුහගතකරණවලදී ලබා දී ඇති ණය කප්පාදුවල (Haircuts) සාමාන්‍ය අගය 3


ජනමත විචාරණයක් අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සදහනක් නෑ
2024 ජුලි මස 12 64 0

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ පෙත්සම් විභාග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නඩු තීන්දුව තමා සම්පූර්ණයෙන් කියැවූ බවත්, පාර්ලිමේන්


රාජිතට සහ ෆොනිට වේදිකාව තහනම්
2024 ජුලි මස 12 32 0

සමගි ජන බලවේයේ ජ්‍යෙෂ්ඨයන් ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න සහ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන් ඉදිරි මැතිවරණ ප්‍ර


වැඩ වර්ජන 150 කින් රටට පාඩුව කෝටි ලක්ෂයක්
2024 ජුලි මස 12 11 0

දුම්රිය, සෞඛ්‍ය, අධ්‍යාපන සහ විදුලිය ඇතුළු රටේ විවිධ අංශවල ප්‍රධාන වැඩවර්ජන දෙසීයකට වැඩි සංඛ්‍යාවක් පසුගිය වසර පහක පමණ කාලයේදී ක්‍රියාත්මක වී ඇතැයි


අලු‍ත් ධීවර නීතියෙන් බහුදින යාත්‍රා ධීවරයෝ මුහුදුබත් වෙති
2024 ජුලි මස 12 10 0

එක් පන්න ක්‍රමයක් මගින් පමණක් බහුදින යාත්‍රා හිමියන් මත්ස්‍යයින් ඇල්ලිය යුතු බවට අලු‍තින් නීතියක් සකස් කර තිබෙන බවත්, මෙම නීතිය ක්‍රියාත්මක කළ පසු මෙ


2023 සඳහා මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් අයකර නොගත් මුදල රුපියල් බිලියනයක් ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව
2024 ජුලි මස 12 3 0

2023 වසර සඳහා මත්පැන් නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු රුපියල් බිලියන 1.1 ක හිඟ බදු මුදල් අය කර ගන්නා ලෙස පාර්ලිමේන්තුවේ ක්‍රම හා විධි ප


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 95 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 930 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1816 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site