(අජන්ත කුමාර අගලකඩ)
විසුරුවාහැර ඇති පාර්ලිමේන්තුව නැවත කැඳවන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කිහිපයක් ගොනු කිරීමට දෙමළ ජාතික
සන්ධානයේ හිටපු මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ඇතුළු පිරිසක් සූදානමින් සිටින බව වාර්තා වේ.
ජනාධිපතිවරයා විසින් ඉකුත් මාර්තු මස 2 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද බැවින්, නව පාර්ලිමේන්තුව ජූනි මස 2 වැනිදාට පෙර රැස්විය යුතු වුවත්, මැතිවරණය ලබන ජූනි මස 20 වැනිදා පැවැත්වීමට දින තීරණය කිරීමෙන් ව්‍යවස්ථා අර්බුදයක් නිර්මාණය වී ඇති බව එම පිරිසේ අදහස් වී ඇත.
මේ තත්ත්වය තුළ පරණ පාර්ලිමේන්තුව යළි කැඳවීමේ හැකියාව පවතින බව කියමින් මෙම පිරිස් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුවීමට තීරණය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd