පාසල් අධ්‍යාපනයෙන් පසු වෘත්තීය අධ්‍යාපනය සඳහා සිසුන් යොමු කෙරෙන ‘‘නයින්ටීන් ප්ලස්’’ (19+) නමැති අධ්‍යාපන ප්‍රදර්ශනයක් ඇරඹීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ. අධ්‍යාපන ඇමැති හා එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාගේ අදහසක් අනුව සංවිධානය කෙරුණු මෙම වැඩසටහනින් පාසල් අධ්‍යාපනයෙන් ඉවත්වීමත් සමග තෘතියික හා වෘත්තීය පුහුණු අධ්‍යාපන වැඩසටහන් කරා යොමුවන අයුරු සිසුදරුවන් ඇතුළු වැඩිහිටියන් දැනුම්වත් කෙරේ.
පළමු ප්‍රදර්ශනය ඔක්තෝබර් 3 වැනිදා සිට 7 වැනිදා දක්වා කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ දී පැවැත්වේ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.