
(දයාසීලි ලියනගේ)
දුම්රිය සේවක වැටුප් වැඩි කිරීමක් කළහොත් ඉන් වැටුප් තල 35 ක සිටින ලක්ෂ 10 කට ආසන්න පිරිසකට බලපෑමක් වන බව ප්‍රවාහන අමාත්‍යාංශය කරන ලද සොයා බැලීමකදී අනාවරණය වී ඇත.
ගුරු සේවය, විදුහල්පති සේවය, ගුරු අධ්‍යාපන සේවය, පරිපාලන සේවය, කෘෂි අංශය පොලිසිය ඇතුළු වැටුප් තල 35 ක සේවකයන්ගේ වැටුප් විෂමතාවක් ඇතිවන බව ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති අශෝක් අබේසිංහ මහතා කියයි.
දුම්රිය සේවය සංවෘත සේවාවක් කිරීමටත් වැටුප් සමාලෝචනයක් කිරීමටත් විශේෂ කමිටුවක් පත්කර තිබෙන අතර එම කමිටු වාර්තාව ලැබෙන තෙක් තීන්දුවකට එළඹිය නොහැකි වනු ඇතැයි ද නියෝජ්‍ය ඇමැතිවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd