(දයාසීලි ලියනගේ)
ජනතාවගේ මුදල් යොදවා රජයට වාසිදායක වෙන කරුණු ප්‍රචාරය කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය මගින් මුදල් වැය කිරීම පිළිබඳව විරෝධය දක්වා අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත.
මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුළ ක්‍රියාත්මකව පැවැති කරුණු විකෘති කිරීමට මුදල් අමාත්‍යංශය කෝටි ගණනින් මුදල් වැය කරමින් සිටින නිසා මෙම තීරණය ගනු ලැබූ බව ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ ප්‍රධානී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කීය.
උදාහරණයක් ලෙස 2014දී බොර තෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් මිලියන 60ක් වූ බවට හා භූමිතෙල් ලීටරයක් අලෙවි කරනු ලැබූවේ රුපියල් 106කට බව සඳහන් කරමින් මුදල් අමාත්‍යාංශය ගෙන යන ප්‍රචාරය මුළුමනින්ම අසත්‍යයක් බව බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.
එම කාලයේදී ලෝක වෙළෙඳ පොළේ තෙල් බැරලයක මිල රුපියල් 100කට වැඩි වූ අතර භූමිතෙල් ලීටරයක් අලෙවි කරනු ලැබූවේ රුපියල් 81කට බවද ඔහු කීය.
මෙවැනි අසත්‍ය ප්‍රචාර කිරීම සඳහා රජයේ මුදල් යොදවා ගැනීම ගැන විරෝධය දක්වා අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරනු ලබන බව ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 04
721
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
559
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රජයේ විකෘති කතාවලට ඒකාබද්ධය නඩු මගට