(නිශාන්ත කුමාර බණ්ඩාර)
යාපනය දිස්ත්‍රික්කය පුරා පසුගිය මැයි මස හමාගිය අම්බන් කුණාටුවෙන් විනාශ වූ ගොවීන්ගේ වගා බිම් සඳහා වන්දි ලබාදීමට අමාත්‍ය මණ්ඩලය එකඟ වී තිබේ.
මේ සම්බන්ධයෙන් නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා ඒ පිළිබඳව අමාත්‍ය මණ්ඩලය වෙත පසුගියදා සංදේශයක් ඉදිරිපත් කළේය.
ඒ අනුව කුණාටුවෙන් විපතට පත් ගොවීන්ගේ වගාබිම් සඳහා වන්දි ගෙවීමට අමාත්‍ය මණ්ඩලය එකඟ වූ බව අමාත්‍ය දේවානන්ද මහතා පැවසීය.
මෙම කුණාටුව නිසා යාපනය දිස්ත්‍රික්කයේ අක්කර 500 ක පමණ වගා බිම් විනාශ වී ගියේය.
ඒ අනුව විනාශයට පත් කෙසෙල්, ගස්ලබු, බී ලූනු, රතු ලූනු, උදු හා කජු වගා සඳහා ගොවීන්ට වන්දි ලබා දීම ඉදිරියේදී සිදුකිරීමට නියමිතයි.
2025 දෙසැම්බර් මස 30
150
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
767
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
374
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
යාපනේ ගොවීන්ට වන්දි