(මුදිතා දයානන්ද)
ලක්ෂ හය හමාරේ පුටුවලින් නොනැවතී බස්නාහිර පළාත් සභාව අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ හා ධූරධාරින්ගේ කාර්යාල කාමරවලට එක් කට්ටලයක් ලක්ෂ දහතුන බැගින් වන පරිදි රූපවාහිනියක් සමග මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර් සහ අදාළ උපකරණ කට්ටල දාසයක් ඇණවුම් කර ඇතැයි බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නීතිඥ ජනක වැලිවත්ත මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.
මෙම සන්නිවේදන උපකරණ කට්ටලවලින් පහක් දැනටමත් ගෙන්වා ඇති බව ද ඊට අඟල් 72ක රූපවාහිනී යන්ත්‍රයක් ද ඇතුළත් බව ද ඉතිරි කට්ටල ඉදිරියේ දී ලැබීමට නියමිත බව ද මේ උපකරණ කට්ටලයකට මෙතරම් අධික මුදලක් වැය නොවන අතර මේවා ද එකිනෙකා අතර හුවමාරු වන කොමිස් කුට්ටි අනුව සිදුවන ගනුදෙනු බව ද වැලිවත්ත මහතා වැඩිදුරටත් පැවසීය.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකට පිළිතුරු දෙමින් බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන ලේකම් ප්‍රදීප් යසරත්න මහතා කියා සිටියේ මෙම උපකරණ කට්ටල ගෙන්වන්නේ කමිටු කාර්යාල කාමරවලට වන බව ද ඒ ප්‍රමාණය සම්බන්ධයෙන් තමන්ට හරියටම අදහසක් දැක්විය නොහැකි නමුත් උපරිම වශයෙන් කට්ටල අටක් විය හැකි බවය. එහි වටිනාකම ගැන නම් තමන්ට අදහසක් දැක්විය නොහැකි බව ද යසරත්න මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බස්නාහිර සභාවේ ලොක්කන්ට ලක්ෂ 13ක රූපවාහිනී කට්ටලයක්