මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය
(නිශාන්ත කුමාර බණ්ඩාර)
බස්නාහිර පළාතේ කොරෝනා රැල්ල අද වෙන විට දිවයිනේ වෙනත් පළාත් දක්වා ව්‍යාප්ත වීමේ අවදානමක් ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා පවසයි.
හලාවත ප්‍රදේශයෙන් ද කොරෝනා පොකුරක් බිහිවීමේ අවදානමක් පවතින අතර වතුකරයේ ඇතැම් ප්‍රදේශවලින් ද රෝගය පැතිරීමේ අවදානමක් පවතින බව ද ඔහු සඳහන් කළේය.
රෝගීන් වාර්තා නොවූ අම්පාර ප්‍රදේශයෙන් ද රෝග ආසාදිතයන් වාර්තා වීම නිසා බස්නාහිර පළාතෙන් පිට යම් ආකාරයකින් කොරෝනා රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.
එය ඉතා භයානක අවස්ථාවක් සේම මෙසේ උප පොකුරු බිහිවීම නිසා ඇතැම් විට එම ප්‍රදේශ හුදකලා කිරීමේ තත්ත්වයක් ඇතිවිය හැකි බවට ද ඔහු අනතුරු අඟවයි.
රෝගය බහුල ලෙස පැතිරුණොත් එය තේ කර්මාන්තයට ද බලපෑම් එල්ල විය හැකි බවත් වතු ආශ්‍රිතයන්ගේ ජන ජීවිතවලට ද එය බලපෑමක් බව ද ඔහු පෙන්වා දෙයි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
බස්නාහිර කොවිඩ් රැල්ල වෙනත් පළාත්වලටත්?