IMG-LOGO

2025 අගෝස්තු මස 05 වන අඟහරුවාදා


පාන්, බනිස්, කෙටි කෑම මිලත් වැඩිවෙයි

ප්ලේන්ටිය රුපියල් විසිපහයි - බනිස් ගෙඩියක් පනහයි ගෑස් සිලින්ඩරයක් 2050 යි

(දයාසීලි ලියනගේ)  

කිරිපිටි, ගෑස්, තිරිඟු පිටි හා සිමෙන්ති පාලන මිල ඉවත් කිරීමට ඇමති මණ්ඩලය ගන්නා ලද තීරණයට අනුව කිලෝවක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 945 සිට රුපියල් 1145 දක්වාද කිලෝ 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1500 සිට 2050 දක්වා ද, සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1005 සිට රුපියල් 1055 දක්වාද (දැනට වෙ​ෙළඳපොළේ සිමෙන්ති කොට්ටයක් රුපියල් 1350 ටද අලෙවි වෙයි) තිරිඟු පිටි මිල රුපියල් 50කින්ද වැඩිවනු ඇතැයි වාර්තා වේ.  

ගෑස් හා තිරිඟු පිටි මිල වැඩිවීමක් සමගම කහට තේ කෝප්පයේ සිට සියලුම කෙටි කෑම වර්ගවල මිල සියයට 20කින් වත් වැඩිවනු ඇතැයි දැනගන්නට ඇත. ඒ අනුව කහට තේ කෝප්පයක මිල රුපියල් 20 සිට 25 දක්වාද කිරි තේ එකක මිල රුපියල් 50 සිට 60 දක්වා, බනිස් ගෙඩියක මිල රුපියල් 45 සිට 50 දක්වාද රෝස් පාන් එකක් 25 සිට 30 දක්වාද සාමාන්‍ය වශයෙන් වැඩිවනු ඇතැයි කැන්ටින්කරුවන්ගේ සංගමයේ ප්‍රකාශකයෙන් කීය.  
සිමෙන්තිවල වැඩිවීම නිසා රටපුරා ඉදිකිරීම් කරන ජනතාවට හා කොන්ත්‍රාත්කරුවන්ට බරපතළ පාඩුවකට මුහුණපෑමට සිදුවනු ඇතැයි වාර්තාවේ.  


මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී රාජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කළේ පාලන මිලෙන් ඉවත් කරන භාණ්ඩ සඳහා අසාමාන්‍ය ලෙස මිල වැඩි කිරීමට ඉඩ නොදෙන බවයි. එවැන්නක් වුවහොත් ඒ සඳහා මැදිහත් වන බවද ඔහු කීය.  


රජය මේ තීරණය ගත්තේ කැමැත්තකින් නොවන බවද ප්‍රකාශ කළ රාජ්‍ය ඇමැතිවරයා ඩොලරයේ මිල ඉහළයාමත් සමග පාලන මිලක් ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගික නොවන බවද කීය.  

 



අදහස් (0)

පාන්, බනිස්, කෙටි කෑම මිලත් වැඩිවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 244 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 416 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 739 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site