IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


දූෂණ චෝදනා 82ක් යට ගහනවා: සාගල සහ විජේදාස අයින් කරන්න

(දයාසීලි ලියනගේ)
සාගල රත්නායක සහ විජේදාස රාජපක්ෂ යන ඇමැතිවරුන් දෙදෙනා එම තනතුරුවලින් ඉවත් කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යෝජනාවක් ඉදිරිපත්වී තිබේ.


මූල්‍ය අපරාධ, පොලිස් කොට්ඨාස හා නීතිපති දෙපාර්තමේන්තුව ඔස්සේ දූෂණ චෝදනා 82ක් යට ගසන චෝදනාව මත මෙම ඇමැතිවරුන් දෙදෙනා ඉවත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් තමා ඉල්ලා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා ඉරිදා ලංකාදීපයට කීය. දූෂණයට එරෙහිව ක්‍රියා කරන බවට ජනතාව හමුවේ පොරොන්දුවී බලයට පැමිණි මෙම රජය මෙතෙක් ඒ සඳහා නිසි ක්‍රියාමාර්ග නොගැනීමට මෙම ඇමැතිවරුන් දෙදෙනා හේතුවී ඇතැයිද සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.


දූෂිත දේශපාලනඥයන්ට දඬුවම් ලබාදීම සඳහා ඔවුන්ට සහාය දක්වන ඇමැතිවරුන් අදාළ නිලතලවලින් ඉවත් නොකළහොත් රජය කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය මුළුමනින්ම විනාශවන බව ජනාධිපතිවරයාට පැහැදිලි කරදී ඇති බවද ඔහු කීය.


මෙම ඉල්ලීම සිවිල් සමාජ ගණනාවක් විසින්ද ඉදිරිපත් කර ඇති අතර ජනාධිපතිවරයා යළි මෙරටට පැමිණි වහාම කිසියම් තීන්දුවක් ගනු ඇතැයි බලාපොරොත්තු වන බවද සේනාරත්න මහතා සඳහන් කළේය. 

 



අදහස් (1)

දූෂණ චෝදනා 82ක් යට ගහනවා: සාගල සහ විජේදාස අයින් කරන්න

c'kodagoda Monday, 29 May 2017 12:35 PM

තනතුර හෝ තත්වය කුමක් වුවත් දූෂණ යට ගහන කරුනු සඟවන ඕනෑම කෙනෙකුට එරෙහිව පියවර ගැනීමට රජයට කොන්ද පණ තිබිය යුතුයි.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 251 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 78 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site