IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ජිනීවා සමුළුවේදී ලංකාව ගැන තවත් වාර්තා දෙකක් එළි දකී

(තිළිණි ද සිල්වා)  

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ ක්‍රියාකාරී කමිටු දෙකක් සැකසූ විශේෂ වාර්තා දෙකක් මේ මස මැද දී ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවට ඉදිරිපත් කරන බව තානාපති ආරංචිමාර්ග සඳහන් කර සිටී.  

ඒ අනුව ජිනීවා නුවරදී සැප්තැම්බර් 10 වැනිද‌ා සිට 28 වැනිද‌ා තෙක් පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ 39 වැනි මහ සභා සැසිවාරයේ දී ලංකාව සම්බන්ධයෙන් වන මෙම විශේෂ වාර්තා සභාගත වනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.  


බලහත්කාරයෙන් රඳවා ගැනීම් පිළිබඳ සොයා බැලීමේ ක්‍රියාකාරී කමිටුව හා සත්‍ය, සාධාරණත්වය, වන්දි ගෙවීම් සහ නැවත සිදුවීම් වළක්වා ගැනීම පිළිබඳ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩි ග්‍රීෆ් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සැකසූ වාර්තා දෙකක් මෙලෙස මානව හිමිකම් කවුන්සිලය හමුවේ සභාගත කෙරේ. බලහත්කාරයෙන් රඳවා ගැනීම් පිළිබඳ සොයා බැලීමේ ක්‍රියාකාරී කමිටුවේ නියෝජිත පිරිසක් ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අතර එහිදී මෙරට පැවැති මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් ලබාගත් තොරතුරු අනුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් සකසා ඇත.  


එම වසරේ ඔක්තෝබර් මාසයේදී සත්‍ය, සාධාරණත්වය, වන්දි ගෙවීම් සහ නැවත සිදුවීම් වළක්වා ගැනීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩි ග්‍රීෆ් විසින් මෙරට සිදුකළ සංචාරයකින් පසුව සිය විශේෂ වාර්තාව සකසා ඇතැයි ද තානාපති ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.  


මෙම එක්සත් ජාතීන් විශේෂ කමිටු දෙකක් විසින් සැකසූ විශේෂ වාර්තා මානව හිමිකම් කවුන්සිල සැසියේ දී සභාගත කිරීමෙන් පසුව එහි සාමාජික රටවල් ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් පූර්ණ සමාලෝචනයක් සිදුකිරීමට නියමිතය.  

 



අදහස් (0)

ජිනීවා සමුළුවේදී ලංකාව ගැන තවත් වාර්තා දෙකක් එළි දකී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 124 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site