(මහින්ද නිශ්ශංක)
කිරිපිටි කිලෝවක මිල රුපියල් 75කින් සහ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 245කින් පමණ ඉදිරි දින කීපයේදී වැඩි වීමට ඉඩ තිබෙන බව රජයේ ආරංචි මාර්ගවලින් අනාවරණය වේ.
දැනට ලන්ඩන් නුවර සංචාරයක නිරතව සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දිවයිනට ළඟා වීමෙන් පසුව කිරිපිටි සහ ගෑස් මිල ඉහළයාම පිළිබඳ තීරණය ගන්නා බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කරයි.
ලෝක වෙළෙඳපොළේ කිරිපිටි සහ ගෑස් මිල වැඩිවී තිබීම හේතුවෙන් මෙරට කිරිපිටි සහ ගෑස් සමාගම් මිල වැඩි කිරීම සඳහා ජීවන වියදම් පිළිබඳ කමිටුවෙන් සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් අවසර ඉල්ලා තිබුණි.
ඒ අනුව කිරිපිටි කිලෝවක මිල රුපියල් 100 කින් හා ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 275කින් වැඩි කිරීම සඳහා අවසර ඉල්ලා තිබූ බව පාරිභෝගික අධිකාරිය පවසයි.
දැනට කිලෝ ග්‍රෑම් 12.5 ප්‍රමාණයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1431ක් (කොළඹ මිල) වන අතර කිරිපිටි කිලෝවක මිල රුපියල් 810කි.
2025 දෙසැම්බර් මස 30
90
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
736
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
360
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කිරිපිටි 75කින් ගෑස් 245කින් වැඩි කරන්න ඉල්ලයි