(අසුන්තා එදිරිසූරිය)
අවසන් අදියරේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය රුපියල් මිලියන 264ක මුදලක් ලබා නොදීමෙන් බොරැල්ල ආයුර්වේද රෝහලේ අටමහල් ගොඩනැගිල්ලේ කටයුතු නිමවා ජනසතු කිරීමට නොහැකිව වසර දෙකකට ආසන්න කාලයක් ගතවී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
බොරැල්ල ආයුර්වේද රෝහල ආයුර්වේද ශික්ෂණ රෝහලක් බවට පත් කිරීමේ දෙවැනි අදියර ලෙස ආරම්භ කිරීමට යෙදුණු අටමහල් ගොඩනැගිල්ලේ මුළු ඇස්තමේන්තු මුදල රුපියල් මිලියන 1408කි. මේ වෙනවිට වැඩ කිරීම වෙනුවෙන් පෞද්ගලික ඉංජිනේරු ආයතනයකට රුපියල් මිලියන 234ක මුදල් ගෙවීමට ද සිදුව ඇත.
නව ගොඩනැගිල්ල රෝගී ඇඳන් 359 සමන්විත අතර එහි ගෙවීම් වාට්ටු, සාමාන්‍ය වාට්ටු මෙන්ම විදේශිකයන්ට ප්‍රතිකාර ලබාගත හැකි පරිදි නිම කළ අති සුඛෝපභෝගි ප්‍රතිකාර කාමරවලින් ද සමන්විතය.
දේශන ශාලා, ප්‍රායෝගික පර්යේෂණ කාමර, සම්මන්ත්‍රණ ශාලාවලින් මෙම ගොඩනැගිල්ලේ සමන්විතය.
මෙම නව ගොඩනැගිල්ලේ ජල සැපයුමට අවශ්‍ය භූගත ටැංකි නිර්මාණය මෙන්ම මළ අප ද්‍රව්‍ය පිට කිරීමට අවශ්‍ය භූගත සෞඛ්‍ය ආරක්ෂිත ටැංකිද නිමනොකර තිබීම විශාල අඩුපාඩුවකි.
2025 දෙසැම්බර් මස 18
663
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආයුර්වේදයේ අටමහල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් වසර 2ක් තිස්සේ නැවතිලා!