(දයාසීලි ලියනගේ)
අත්‍යාවශ්‍ය නොවන ආහාර ද්‍රව්‍ය ආනයනය සඳහා පෞද්ගලික බැංකු කීපයකින් ඩොලර් ලබාදී ඇති බව අනාවරණය වී තිබේ.
මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය අදාළ බැංකුවලින් විමසා තිබෙන අතර එහිදී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ තම ගනුදෙනුකරුවන් ඩොලර් ඉල්ලූ විට එය ලබාදීමට බැංකුවට සිදුවන බව යැයි දැනගන්නට ඇත.
ගිය වසරේදී මේ ආකාරයට ඩොලර් කෝටි 600 ක භාණ්ඩ ආනයනය කර ඇති අතර ඇමෙරිකානු ඩොලර් මිලියන 384 ක එළවළු, ඩොලර් මිලියන 288 ක සීනි හා රසකැවිලි ඩොලර් මිලියන 0.85 ක මී පැණි, ඩොලර් මිලියන 103 ක මිදි, දොඩම්, ඇපල්, ඩොලර් මිලියන 380 ජංගම දුරකථන, ඩොලර් මිලියන 69 ක රූපලාවන්‍ය උපකරණ ආදිය ගෙන්වා තිබෙන බවද අනාවරණය විය.
පෞද්ගලික බැංකුකරුවන් පිරිසක් සමග රජය විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී මෙම කරුණු අනාවරණය වී ඇත.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ආණ්ඩුව එපා කියද්දීත් සැප කෑම ගේන්න බැංකු ඩොලර් දීලා