(අජන්ත කුමාර අගලකඩ)
අයවැය තුන්වැනි වර කියවීම පාර්ලිමේන්තුවේ දී පෙරේදා (05) වැඩි ඡන්ද 45කින් සම්මත විය. අයවැයට පක්ෂව ඡන්ද 119ක් ලැබුණ අතර විරුද්ධව ඡන්ද 74ක් ලැබිණි.
එක්සත් ජාතික පක්ෂයත්, දෙමළ ජාතික සන්ධානයත්, ලංකා කම්කරු කොංග්‍රසයේ මුත්තු ශිවලිංගම් මන්ත්‍රීවරයාත් අයවැයට පක්ෂව ඡන්දය දුන් අතර ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු ද ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ එස්.බී. දිසානායක, සුසිල් ප්‍රේමජයන්ත, ඩිලාන් පෙරේරා යන මන්ත්‍රීවරු ද අයවැයට විරුද්ධව ඡන්දය දුන්හ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු ඡන්දය දීමෙන් වැළකී සිටියහ. මේ අතර අයවැය කාරක සභා අවස්ථාවේ දී පරාජය කරනු ලැබූ මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ සහ අභ්‍යන්තර ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ වෙනුවට එම අමාත්‍යාංශ දෙකට මුදල් වෙන් කිරීමේ පරිපූරක ඇස්තමේන්තු දෙක ද ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අය-වැය වැඩි ඡන්ද 45කින් සම්මතයි